( අමල් වික්‍රමරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඒ මහතාගේ නිවසේදී අද (02) පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව පැවසීය.
“ඔබතුමා අපිට හිටපු ජනාධිපති නෙමෙයි අදත් ජනාධිපති.හෙට දවසේ සම්මේලනයේ ප්‍රධාන පුටුව මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ඔබ තුමාට පමණයි ලැස්ති කරල තියෙන්නේ. අන්න ඒ පුටුවට අපි ආරාධනා කරනවා.පක්ෂ පාට භේද නැතුව එකම පක්ෂයක් විදියට අපි නැගිටිමු කියල ඒ ආරාධනාව අපි කරනවා.
ඔබට ගැලපෙන පුටුව සම්මේලනයේ අපි ලැස්ති කරලා තියෙනවා.ඒක දුරබැහැර නෙමෙයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා අසලින්ම.සභාපති තුමා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඔබතුමාත් අපිට දෙන්නෙක් නෙමේ එක කෙනෙක් විදියට අපි සලකන්න කටයුතු කරනවා. “
“ඔබතුමා ඉන්නේ වැරදි තැන අපේ මහගෙදරට ගොඩවෙන්න කියල අපි ආරාධනා කරනවා.අපේ මහගෙදර ලෑස්තිවෙලා වෙලා ඉන්නවා ඔබතුමා පිළිගන්න.අපි වැඩිම අත්පුඩිය ගහන්නේ සම්මේලනයට ආවොත් ඔබතුමාට.ඔබතුමාට පිට තැනක් නොවෙයි අපේ තැන .මගේ තැන.ඔබතුමා අවොත් අපිට වීරයෙක්.පක්ෂයට ශක්තියක් ඊලග මැතිවරණ දිනන්න.“
“ඔබතුමාත් අපිට ඉන්න ඕන.ඔබතුමයි මෛත්‍රීපාල ජනාධිපති තුමයි දෙන්නම අපිට ඕන.දෙපැත්තටවෙලා සෙල්ලම් ගෙවල් හදාගෙන ඉන්නේ නැතුව අපිව නලවන්නේ නැතුව අපිත් එක්ක එක්වෙලා ශක්තිමත් අත්තිවාරමක් දාන්න කියන ආරාධනා කරනවා. සෙල්ලම් ගෙවල් හැදුව ඇති මහගෙදරට එන්න කියල අපි ආරාධනා කරනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගුල් ගෙදරකට ලැස්ති වෙන්න වගේ මුළු රටම ලැස්ති වෙනවා.අපි 66 වැනි සංවත්සරය මහ ඉහළින් සමරනවා වගේම 70 වැනි සංවත්සරයත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් සමග අපේ රජයක් යටතේ සමරනවා කියල අපි විශ්වාසයෙන් කියනවා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුණත් අදහස හොඳයි.
මහා විකාරයක්... පක්ෂ අතර සහ පක්ෂ ඇතුලේ ගහගැනීම්. අපිටම කියපු රට... ඔහොම යමු.
ජාතිය බේරා ගත්ත මිනිහෙක්... ජාතිය පාවාදෙන්නේ නැහැ.
මහින්ද මහත්තයා අනිවාර්යෙන්ම එනවා එ්ක ස්ථිරයි. සිරිසේන ජනාධිපතිතුමා එක පොරොන්දුවක් ප්‍රසිද්ධියේ රටටම ඇහෙන්න දුන්නොත්. එක්සත් ජාතික පක්ෂය එක්ක යන දීගේ නවත්වනවා කියලා කියන්න. අන්න එතකොට තමා එතුමා ගේ ශක්තිය නැවත පක්ෂයට ලැබෙන්නේ... රනිල් මහත්තයා ගාව ඉඳලා පක්ෂය පාවා දීලා මේ වගේ ඉල්ලීම් කරන්න නැතුව.. කොහොම වුණත් එන බ්‍රහස්පතින්දා මහින්ද මහත්තයා ගාවට ඔය ඉන්න කට්ටියක් එන එක වළක්වන්න නම් ලැබෙන්නේ නැහැ.
මේ වගේ අය තමයි අපේ රට පාලනය කරන්නේ...
එතකොට දැන් අර දූෂණ වංචා අමතක කරලද? ඕක තමයි කියන්නේ ලංකාවේ කවදාවත් පිරිසිදු දේශපාලනයක් නැහැ.... පක්ෂය ලොකුකරගෙන නටන නිසා....
මේ වගේ මිනිස්සු නිසා තමයි මහින්ද මහත්තයාට ලැජ්ජා වෙන්න වුණේ...
මේ ඇමතිවරු කියාගන්නා අයගේ කතා වලින් තේරෙනවා, අද ලංකාවේ දේශපාලනය කරන අයට මහජන සේවයට වඩා වැදගත් වන්නේ, කව්රු ලඟද, මොන පුටුවේද ඉඳගන්නේ කියන එක. මේ අයට රටේ සේවයට වඩා තමන්ගේ පැවැත්මයි වැදගත්.
මැතිවරණයක් ළං වෙනකොට තමයි මහින්ද මහත්තයව මතක් වෙන්නේ. පසුගිය ඡන්දෙ වෙලාවේ එතුමාගේ සහය අරගෙන ඡන්දෙ ළං වෙනකොට කකුලෙන් ඇද්දේ කවුද? ලැජ්ජාව තියෙන කෙනෙක් ඒ උගුලට අහුවෙයිද? ඔබ ඇතුළු හුඟක් දෙනෙක් ගොඩ ගියේ මහින්ද මහතා නිසා නේද? ලැජ්ජාවක් තියෙනවා නම් එවැනි ඉල්ලීම් කරයිද?
අමතක කල යුත්තේ අතීත දුෂණයන් පමණක්ද ? වර්තමාන දුෂණ නොදකින්නේ දේශපාලන අඳ බාවයට පත් වූ විට පමණි.
අශාන් මේ අහන්න වෛරයෙන් වෛරය නොසන්සිඳේ
කාලඟින් කවුරු හිටගත්තත්, ඉඳගත්තත් දැන් අපිට වැඩක් නැහැ මහත්තයෝ... අපි කවදත් බිමට වැටිලා ඉන්න බව නම් අපි හොඳින්ම දන්නවා.
ළිඳෙන් වතුර බීලා, එයින් වතුර නාලා, ළිඳට ගල් ගසාලා වතුර බොර කරයි මිනිසා, වතුර බොර කරයි, මිනිසා ගඟට ආවඩයි...
දිග බංකුවක් තිබ්බා නම් ළඟින්ම ඉන්න පුළුවනි.
ඒ කියන්නේ විදුලි පුටුවද?
කකුල් කැඩුණු අශ්වයන් තරඟ වලට ගන්නේ නැහැ කියලා දන්නේ නැද්ද?
උයන් පල්ලා, සොහොන් පල්ලා, පුටුපල්ලා. පුටු තියන එකත් රස්සාවක් තමයි නේද?
සිරිසේන මහත්තයා ලඟින් බුලත් කෙල පඩික්කම තිබ්බා වගේම මහින්ද මහත්තයා ආවහම එයා ළඟිනුත් පඩික්කමක් තියන්න. එතකොට ඕගොල්ලෝ වගේ අයට පුළුවන්නේ පඩික්කම් හෝදලා තනතුරු ලබා ගන්න.
මහින්ද මහත්තයාවත් පාවාදුන්නා. දැන් ඇමැතිකම් අරගෙන දොඩවනවා.
කරල තියෙන කතාව නම් හොඳයි. මම හිතන්නේ මහින්ද මහතා දැන් විශ්‍රාම අරන් ගෙදරට වෙලා හිටියොත් හොඳයි. මොකද අමෙරිකාවේ කොච්චර හොඳ ජනාධිපතිටත් දෙපාරයි ඉල්ලන පුළුවන්....
බලන්න මේ ඉන්න කෙනා දිහා. හිතන්න මේ පුද්ගලයා කියපු කරපු දේවල්. ආයෙත් යවනවද පාර්ලිමේන්තුවට? අයින් කරන්න ඔය මයික් ටික. අපේ රට බේරගන්න නම් මේ වගේ අයට ඡන්දෙ දෙන්න එපා.