(නිමන්ති රණසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට තහනම් පිහියක් ද ඇතැතිව අයුතු ලෙස ඇතුලූවීමට ගිය සැකකාර තරුණයා ලබන 6 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ පරාර ධාන මහේස්තරාැනිත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.
එසේම, මෙම සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්යේ වාර්තාවක් කැදැවීමට බන්ධනාගාර අධිකාරිය වෙත නියෝගයක් ද නිකුත් කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අම්පිටිය සමූපකාරය අසල බලංගොඩ පදිංචි දෙයාලාගේ දොන් අසංක ජයමාල් වීරසිංහ නොහොත් බෝධිමාල් නැමැති 24 හැවිරිදි තරුණයෙකි.
COMMENTS
පිහියක් පමණක් අරගෙන තුවක්කු මැදින් යන්න ගිය මානසික රෝගියා රිමාන්ඩ් කර රජයේ මුදල් විනාශ කරන නිලධාරීන් මානසික පරීක්ෂණයකට යැව්වොත් නරකද ?
පොඩි මිනිහෙක් පිහියක් අරන් ගියා කියල අල්ලන් හිරේ දානවා (සමහරවිට අවුරුදු ගානක් ඇතුලේ ඉන්නත් වෙයි) ලොකු අය මොන වැඩේ කලත් එළියේ. පට්ට ලංකාවක්.
මොහු මානසික ආබාධයක් තිබෙන අයෙක්නම් ඔහු ගිහින් තියෙන්නේ මානසික රෝහලකටය
එකාබද්දේ නායකත්ව පොරය කොහෙන් කෙලවර වෙයිද මන්ද ?
මොන තරම් රැකවල් තියෙනවද මේ නිවසට. මොන මෝඩයද අවසර නැතුව රිංගන්නේ.
එකාබද්දේ අය අතර දැන් තරගේ ඊලග නායකත්වයට.
කොටි ව්‍යාපාරය යලි ඔලුව උසසනවෝ කියල කියන්න
මෙයාව බන්දනාගාර රෝහලට ඇතුලත් කරන්න මේ පුත්ගලය මානසික රෝගියෙක්. හිරේට ගිය, තරුපහේ හෝටලයෙන් කැම කාපු සිල් රෙදි හොරුනට විතරද බන්දනාගාර රෝහල ??
ගඩාෆි සහ සදාම් හුසේන් යන ඒකාධිපතියන් සිය දහස් ගණන් තරුණ කෙල්ලන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින් දුෂණය කරා සමහරුන් මරලා දැම්මා. එවිට එවුන්ගේ පියවරු සහෝදරවරු මේ පිළිබඳව කතාකරන ලද විටදී හෝ ඔවුන් මරාදමන චේතනාවෙන් එම මාලිගාවලට ඇතුළුවූ විටදී ඔවුන්ව අත්අඩංගුවට අරගෙන මානසික රෝගියෙක් කියා මානසික රෝහලකට දානවා.
උන්නැහේ, රටේ උත්තරීතර පදවියක් දරලා තමන්ගේ පාඩුවේ හිටියා නම් තමයි හොඳ...