IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුහුදු නොයන්නැයි අනතුරු අඟවයි

(ඩයනා උදයංගනී)
          
බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයේ බලපෑමෙන් උතුරු, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 8 වැනිදා දක්වා එම මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90, 100 පමණ දක්වා ඉහළ යා හැකි අතර දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල ද පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා වේගවත් තද සුළං හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

අඩු පීඩන කලාපයක් ලෙස දැනට පවතින මෙම කලාපය හෙට (5) දිනයේ දී පීඩන අවපාතයක් බවටට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව එම ප‍්‍රකාශකයා පැවසීය.

එහි බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ද තද සුළං හැමිය හැකි අතර විශේෂයෙන් උතුරු, නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං අපේක්‍ෂා කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

පීඩන අවපාතයේ වර්ධනය අනුව මෙම සුළං වේගය තව දුරටත් ඉහළ යා හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

මෙම පීඩන අවපාතය ඉදිරි දින තුන හතර තුළ බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය හරහා උතුරු තමිල්නාඩු ආන්ද්‍රා ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එය හෙට (5) සහ අනිද්දා (6) දිනවල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට ආසන්නව ගමන් කරනු ඇතැයි අනුමාන කරන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.



අදහස් (0)

මුහුදු නොයන්නැයි අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site