(ඩයනා උදයංගනී)
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව සංශෝධනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වාර 31ක් ධාවනය කෙරෙන වේලාවන් අද (1) සිට ලබන 14 වැනිදා දක්වා අත්හදා බැලීමක් වශයෙන් සංශෝධනය කර ඇතැයි දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) කාර්යාලයේ අධිකාරී (වාණිජ) බණ්ඩාර චන්ද්‍රසේන මහතා පැවසීය.
මීට අමතරව තවත් දුම්රිය ගණනාවක ධාවනය වන වේලාව සංශෝධනය කර ඇති අතර ඒ සම්බන්ධ තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ www.railway.gov.lk වෙබ් අඩවියේ ඇතුළත් කර ඇතැයි ද ඔහු පැවසීය.
ඇතැම් දුම්රියවල ගමනාන්ත හා නවත්වන දුම්ර්ය ස්ථාන ද මෙහිදී සංශෝධනය කර ඇතැයි චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
දුම්රිය ධාවනය කෙරෙන වේලාවන් වෙනස් වී ඇත්තේ මෙසේය

COMMENTS