IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මහාචාර්ය සරත් චන්ද්‍රජීව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) 
 
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එම තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10)  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
 
ජනාධිපතිවරණ කැදවා ඇති මෙහොතකදී තමන් දැරූ එම තනතුරින් ඉවත් කිරීම මැතිවරණ නීතියට පටහැනි හෙයින්  ජනාධිපතිවරයා ගත් තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
 
නීතීඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනු කරනු ලැබු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරු  කියා සිටින්නේ පසුගිය මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමාව ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ලිපියක් නිකුත් කර ඇති බවයි.

කිසිදු සාධාරණ හේතුවක් හෝ පරීක්ෂණයක් නොමැතිව තමන්ව ධුරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම් සහ මාරු කිරීම් සිදු නොකරන ලෙස දන්වා මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී තමන්ව මේ ආකාරයෙන් සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පෙන්වා දෙයි.

එබැවින් තමාව තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් තමන්ව ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් ඉල්ලා ඇත.



අදහස් (5)

මහාචාර්ය සරත් චන්ද්‍රජීව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි

ලුම්බිණි Thursday, 10 October 2019 09:45 AM

විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන විය යුතු නේද? දේශපාලකයන් මේවට ඇඟිලි නොගහන විදියට නීති හදන්න බැරි ඇයි?

:       3       104

parkkrama Thursday, 10 October 2019 10:15 AM

ජයපැන් බොන්න අපේක්ෂා කරන අය පළිගැනීමේ සෙල්ලම් පෙන්වන්න දැන් ඉඳලම පටන්ගෙන වගෙයි. ඔය ආයතනවල ඉගෙනගන්නා දරුවනේ..! ඔයගොල්ලොත් දේශපාලන වැඩ පරිස්සමින් කළොත් හොඳයි. ලබ්බට තියපු අත පුහුලටත් නොතියයි කියලා හිතන්න අමාරුයි...

:       107       59

Samithasena Aluthgamage. Thursday, 10 October 2019 10:37 AM

අනේ...! රටකට ගිය කල. ග්‍රාමසේවක කෙනෙකුට පුළුවන් වෙලා තියෙනවා. විශ්ව විද්‍යාලයක උප කුලපති මහාචාර්ය වරයෙකුව එළියට දාන්න. ඒකත් කිසිඳු හේතුවක් නැතිව... ඔන්න මැකෝත් හිරවෙන තැන. අපගේ රටේ මේ සිටින ජනපති රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නීතිවිරෝධී කෙනෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගයද ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මහා ඇදුරුතුමාට හැකිවේවා යයි පතමු. ඔබතුමාට ජය !!!

:       293       305

Girigoris Thursday, 10 October 2019 11:32 AM

මා දන්නා පරිදි මෙම මහත්මයා ඉතා ජවසම්පන්න ලෙස කටයුතු කළ අතර පක්ෂග්‍රාහීත්වය, දූෂණය, මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීම වළක්වා ගැනීම සඳහා බොහෝ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, විශ්ව විද්‍යාලයේ සොරුන්ට එරෙහිව පියවර ගැනීම ආදිය ආරම්භ කළේය. ඔහු විශ්ව විද්‍යාල පද්ධති වැඩිදියුණු කිරීමක් සිදු කර ඇති අතර මිනිසුන්ට තමන්ගේම දීමනා සඳහා වාසි ලබා ගැනීම සඳහා මේ ක්‍රමය හැසිරවිය නොහැක. එබැවින් මෙම ක්‍රමයට පැවැත්මක් නොමැත.

:       211       328

sisira Thursday, 10 October 2019 12:13 PM

අනේ ගිරිගෝරිස් මහත්තයෝ, එතුමා දුෂණයට එහෙම කැමති නැත්නම් මොකටොද මහ බැංකු මංකොල්ලකාරයන්ට කඩේ යන්නේ? එයාලටත් නඩු දාන්න පුළුවන්නේ. කථිකාචර්යවරයෙකුගේ රාජකාරිය එන්.ජී.ඕ සංවිධාන හදාගෙන එක එක්කෙනාට කඩේ යන එක නෙමේ. අනික මම බොහොම වගකීමෙන් කියන්නේ මෙයාගේ ගෝලයා කොටි සංවිධානයේ අත කොලුවක්.

:       38       359

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1193 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1188 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site