(ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය සහ කතරගම එම්.කේ. නන්දසේන)
කතරගම, මැණික්පුරගම ප‍්‍රදේශයේ නිවෙසකට පෙරේදා (26) පස්වරු 6.50 ට පමණ ඇතුළුවූ දෙදෙනෙකු නිවසේ සිටි 19 හැවිරිදි මවකට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි බිලිඳු දැරිය උදුරාගෙන නිවසේ මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කර පලාගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.
මෙම අපරාධයෙන් කතරගම ප‍්‍රදේශයම කම්පාවට පත්වී ඇත. ඝාතනයට ලක්වී ඇත්තේ කතරගම, වල්ලිමාතාගම, මැණික්පුරගම පදිංචි චාරුක සනිල් සහ ජයනි සඳරේඛා යන තරුණ යුවළගේ කුළුඳුල් දියණිය වන සියුමි සාදනා නමැති මාස 2 දින 21 ක් වයසැතිබිලිඳියකි.
තරුණ යුවළගේ නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් කතරගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුරගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා ගමේ විහාරස්ථානයට ගොස් සිටඇති බව පොලිසිය කියයි.
මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා ත‍්‍රිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙන බව පැවසේ.
බිලිඳු දරුවාගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවත් ඇය තම සැමියාද සමග කතරගම පදිංචියට පැමිණ ගතවී ඇත්තේ මාස 15 කටත් අඩු කාලයක් බවත් පොලිසිය කියයි.
කතරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය සැලවූ මොහොතේම අපරාධය සිදුවූ නිවසට ගොස්පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප‍්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.
‘මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් සැමියා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ.
මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම ? 7.00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා. එක් කෙනෙක් මම කෑගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා.
මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරෙන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට ත‍්‍රිරෝද රථයක් වේගයෙන් යන හඬ ඇසුණා. මම කෑ ගසාමෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එකඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්. මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි’ ඝාතනයට ලක්වූ බිලිඳියගේ පියා වන චාරුක සුනිල් මහතා සිද්ධිය විස්තර කරමින් මෙසේ කීය.
මගේ පියා ජංගම මාළු වෙළඳාමේ නිරතව සිටිනවා. මා යාල සෆාරි ජීප් රියදුරෙකු ලෙස කටයුතු කරනවා. මගේ පියාත් මවත් සමග අපි පස් දෙනාම මෙම නිවසේ පදිංචි වී සිටිනවා. මම පෙරේදා (26දා) හැන්දෑවේ කිසියම් අවශ්‍යතාවයකට පිටවී ගියා. පියා මාළු වෙළඳාමේ ගිහින්. මවත් නිවසේ හිටියේ නැහැ. ජයනියි දරුවයි දෙදෙනා පමණයි නිවසේ ඉඳලා තියෙන්නේ.
මේ අවස්ථාවේ ජයනි හඳුනන්නේ නැති අවුරුදු 30 ක පමණ පුද්ගලයකු පැමිණ ගෙදර කවුද ඉන්නෙ මාළු සල්ලි වගයක් දෙන්න තියෙනවා චාරුකත් මගදි හමුවුණා යැයි කියා ආපසු ගොස් තිබෙනවා. වැඩි දුරක් නොගොස් ආපසු පැමිණ ඇති ඒ දෙදෙනා නිවසට ඇතුළු වී තිබෙනවා. එක් අයෙකු ජයනිගේ උකුලේ සිටි දරුවා උදුරාගෙන තිබෙනවා. අනෙක්
පුද්ගලයා ජයනිට අතවර කරන්න හදන විට ජයනි ඉන් බේරී කෑ මොරදෙමින් යාබද නැන්දලාගේ ගෙදරට දුවලා තියෙනවා. අවට ගෙවල්වල අයද සමගින් සොයා බැලූවත් පැමිණ දෙදෙනා දුවලා. අතේ සිටි දරුවා උදුරාගෙන ගියා කියලා ජයනිගෙන් මට කෝල් එකක් ආව නිසා මා ක්ෂණිකව පැමිණ දරුවා ගැන සොයා බැලූවා. අලූත හදන ගේ ඇතුළෙත් බැලූවා. පසුව අලූත හදන නිවස ඉදිරිපිට තිබූ වතුර බැරල් එකට එබී බලන විට දරුවා උඩ පාවෙමින් සිටියා.
මම හනිකට දරුවා අරගෙන ගසලා කතරගම රෝහලට රැගෙන ගියා යැයි ඔහු කීය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිලිඳියගේ සිරුර දෙබරවැව මූලික රෝහලට යවා ඇත.
තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබ්ලෝද ඊයේ අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල් යූ.එස්. ආරියචන්ද්‍ර (45094) මහතා විසින් පොලිස් නිල සුනඛ පබ්ලෝ මෙහෙයවා ඇත.
තංගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ ස්ථානාධිපති එදිරිසිංහ මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සහ පොලිස් ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හම්බන්තොට සහ තංගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත තංගල්ලෙ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් සහ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කතරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන ලක්මාල් සහ විජේතුංග යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
කතරගම පොලිසියේ සැරයන් සමන් 52830, පොලිස් කොස්තාපල්වරුන් වන ප‍්‍රියදර්ශන 74929, මධුරංග 40888, කුලසූරිය 63173, එදිරිසිංහ 90227 සහ මහීපාල 37937 යන මහත්වරුන් ද මෙම පරීක්ෂණවලට හවුල් වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන සුදුසුම දඬුවම ලබා දෙන්න කියා නීතිය රකින අයගෙන් ඉල්ලා සිටිනවා....
දැන්වත් එල්ලුම් ගහ ගේමුද, නැත්නම් තවත් මේ වගේ අපරාධ වෙනකල් බලාගෙන ඉමුද.
නීතියක් රකින්නේ නැති රටක්, නමට ධර්මඃ ද්වීපය.
මේ වගේ වැරදි කරන උන්ට කාලය නාස්තිකරමින් නඩු අසා හිරේ දැමීම ප්‍රමාණවත්ද ? මරණිය දඩුවම නියම උනත්, ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ.
මේ සිද්ධිය ගැන වෙනත් පැත්තක් නොතිබිය හැකිද මාස 2 බිළිදෙකු මරා දමන්ට හේතුවක් නැහැ. අපි බලමු.
එල්ලුම් ගස් ගේන්න කියන්නේ ඇයි....බණ වැඩියෙන් කිව්වොත් නරකද? 2500 උරුමේ...
මේ වගේ අය අල්ලගත්තත් දවස් කීපයකට පස්සේ උසාවි වලින් ඇප දීලා ගෙදර යවනවා. ඊට පස්සේ අවුරුදු විස්සක් විතර නඩුව අහනවා. මරණ දඩුවම නියම වුනත් එතකොට මේ අය වයසට ගිහිල්ලා තියේවි. කොහොමටත් මරණ දඩුවම දෙන්නේ දෙන්නේ නැති නිසා වැඩිම වුනොත් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් කාල බීල මැරෙනකම් හිරේ ඉදිවී.
මගේ අදහස වැරදි කරුවෙකුට දඩුවම් දියයුත්තේ ඒ වරද කල අයට පමණක් නොව.එය මුළු සමාජයම යහපත් අතට හැරවිය යුතු ක්‍රියාමාර්ගයකි.වරදකරුට දඩුවම කෙසේවෙතත් ලැබෙන අතර ඒ දඩුවම මුළු මහත් සමාජයම නැරඹිය යුතුයි.එවිට අනෙක වැරදි කිරීමට නෙපෙළෙබෙනු ඇත.මෙවැනි අපරාදකයින් ප්‍රසිද්ධියේ දඩුවම් විදිය යුතුයි.මරණ දඩුවමකින් දඩුවම ඉවර නොවිය යුතුය.විදවිය යුතුය..එම දඩුවම දකින අය වැරදි කිරීමට පෙර සිතිය යුතුය.
අපරාධකාරයෝ අල්ලාගෙන විතරක් මදි. ඒගොල්ලන්ගේ මෑණිවරුන්ගේ පින්තුරත් පල කල යුතුයි. තමන්ගේ දරුවන්ව මෙවැනි මහා පොළව නුහුලන අපරාධ කරන්න ලෝකෙට බිහි කරපු හපන් බවලතුන් කවුද කියලා හැමෝම දැන ගන්න ඕන.
මේ වගේ අපරාද සිද්ධ වෙන්නේ ඉතාම පහත් තිරිසන් ගති පැවතුම් ඇති ලංකාවේ තමා.
මේ රටේ මිනිස්සු , සත්තු වෙලා ඉවරයි
මරණ දණ්ඩනය...
මමත් මේ ප්‍රවෘත්තිය ඊයේ රූපවාහිනියෙන් බැලුවා. ඒ අම්මගේ වොයිස් කට්, එකකුත් ගියා, අනේ මන්ද තමන්ගේ කිරිකැටියට මෙහෙම දෙයක් වුනාම අම්මා කෙනෙක්ට එච්චර සැහැල්ලුවෙන් කතා කරන්න පුලුවන්ද, මටත් මේ වයසේම පුතෙක් ඉන්නවා, මට නම් හිතා ගන්නවත් බෑ
මෙවැනි අපරාධ අසන්නට ලැබෙන රටක ඉපදීමත් අපේ පෙර කල අකුසලයක්.
රියදුරු රැකියාව කියන්නේ කුලී වැඩක්ද? අනේ මන්ද මෙතන මොකක්දෝ කොස්සක්නම් තියෙන බව පේනවා.
එල්ලුම් ගහ ගේන්න ඕනේ. බෞද්ධ රටක් කිය කිය එල්ලුම් ගහ ගේන්නේ නැතුව හිටියාම මේ වගේ දේවල් අහන්න වෙනවා. (මමත් බෞද්ධයෙක් බව කරුණාවෙන් සලකන්න)
රජකාලේ දඩුවම් දෙන්න ඕන
මේ දෙන්නා ආයුධ හංගලා තියනවා කියලා ඒවා පෙන්නන අයත් එක්කම පලයල්ලා...
උදේ හවස වැනල් වල ඔරිජිනල් පිරිත් අහනව පන්සල් යනව එත් රට එහෙමමයි. මෙි සංඝ සමාජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රණවිරුවන් වගේ මාතෘකා අල්ලගෙන රට ගිනිතියනව කෝ මේ අහිංසක බෞද්ධයේ නිසිමගයට ගන්න වැඩ පිළීවෙලක්? කොහේ හරි පල්ලයක් දැම්මොත් මරාගෙන මැරෙන්න හදනව ඒවුනාට එංගලන්තේ අධිකරන සංඝ නායකයො පත්කරනව එකෙන්ම පේනව ගෝත්‍රික ගතිය. සුද්න්ට බනිනව සුද්දදො අරව ඉවසනව පනසල්වල ඉවරවෙන්නෙ නැති කොන්ක්‍රිට් කර්මාන්ත මම නම් මගේ මරනයට වත් මේ සංඝ සමාජය ගෙන්නන් එපා කියල කියන්නේ මගේ මතය වැරදි නම් අදහස් දෙන්න අද පාරේ යන වාහන වලින් 50% බදු පිලීම ගහගෙන යන්නෙ, එත් වාහනය පොඩ්ඩක් ටච් වෙන්කො නියම බෞද්ධකම බලන්න. අළුත් බුද්දගම සල්ලවලට බණ කියන අබතෙල් පූජාකාරයො නිසා බෞද්ධගම නැතිවෙනවා................
වැරදි කල අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ. උල තියන්න ඕනෑ. ගල් ගහල මරන්න ඕනෑ...