IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මල් කපන පිහියෙන් මාමණ්ඩිය ලේලියගේ ගෙල කපා ඝාතනය කරයි

 

 

පාලිත ආරියවංශ සහ විජේරත්න රත්නායක

 

පස්සර මීරියබැද්ද වැලිබිස්සේදී මාමණ්ඩිය විසින් මල්කපන පිහියකින් ලේලියගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පස්සර පොලිසිය  පවසයි .

මෙම සිද්ධියෙන්  මරණයට පත්ව ඇත්තේ නිලූකා දමයන්ති (40) නමැති එක් දරු මවකි .

මරණකාරියගේ සැමියාද මීට වසරකට පමණ පෙර වස පානය කර මියගොස් තිබේ  .

ඉන්පසු  මෙම කාන්තාව නැන්දම්මා සහ මාමණ්ඩිය සමඟ මෙම නිවසේ ජීවත්වී ඇති අතර නැන්දම්මා සහ ලේලි අතර  නිතර අඩදබර ඇති වි ඇති බවත් පොලිසියට පැමිණිලි ලැබූ අවස්ථාවන්හි දෙදෙනා සමාදානය කර ඇති බවත්  පොලිසිය පවසයි.

ආරවුලකදී ලේලිය  විසින් නැන්දම්මාගේ හිස නිවසේ දොර උළුවස්සේ හප්පා ඇති අතර  හිසට සිදුවු තුවාල නිසා නැන්දම්මා රෝහල් ගත කර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වු බවද පොලිසිය සඳහන් කරයි. 

ඉන්පසු මාමණ්ඩියා හා ලේලිය අතර බහින් බස් විමක් සිදුව ඇති බවත් මල් කපන පිහිය මැද සිටි  මාමණ්ඩිය එම පිහියෙන් ලේලීයගේ බෙල්ලට දමා ඇද ගෙල කපා ඇතිබවත්  විමර්ශන වලදී අනාවරණය වු බවද පොලිසිය පවසයි .

65 වැනි වියේ පසුවන සැකකාර මාමාණ්ඩිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

  



අදහස් (3)

මල් කපන පිහියෙන් මාමණ්ඩිය ලේලියගේ ගෙල කපා ඝාතනය කරයි

Sanath Monday, 06 August 2018 04:34 AM

මාර මාමාකෙනෙක් නේ...

:       2       2

PerakumMonday, 06 August 2018 07:41 AM

මාමා නෙවෙයි මාමණ්ඩි. ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක්. නැන්දයි ලේලියි කල්පනාවෙන් වැඩ කලානම් ඉතා සතුටින් ඉන්න තිබුනා. මොනවා කරන්නද දෙන්නම ගෑනු නේ. පරිනාමයෙන් එන ප්‍රශ්න. පොලිසියෙනුත් වැඩක් වෙලා නෑ. මාමණ්ඩිත් හරි හරියට ඉන්න ඇති. මෙවැනි ගැටළු වලට අපේ සමාජයේ සන්සින්දුවීමේ කාර්යය කරන අය ඉතා දුර්ලභයි.

:       1       41

ජීවක Monday, 06 August 2018 07:40 AM

පස්සේ පවුලට එකතු වුනු ලේලිට වඩා කාලයක් එකට දීග කාපු බිරිඳට කොයි මාමත් ආදරෙයි. එහෙව් බිරිඳට පස්සෙ ආපු ලේලි අඩන්තේට්ටම් කරන කොට තරහ යාම මට නං සාධාරනයි.

:       10       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site