IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(පුෂ්පකුමාර ජයරත්න)
 
කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අද(21) අලුයම කරන ලදබව කියන පෙට්‍රල් බෝම්බයක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථානය පවසයි.
 
ප්‍රෙට්‍රල් බෝම්බ හතරක් එල්ල කළ ඇති නමුත් පුපුරා ඇත්තේ එකක් පමණක් වන අතර ඉන් පල්ලියේ බිත්තියකට සුළු හානියක් සිදුව ඇත.
පල්ලියේ සීසීටීවී කැමෙරා සවි කර ඇති නමුත් මෙම ප්‍රහාරයට අදාළ රූපරාමු එහි පැහැදිලිව සටහන් වී නොමැති බවද පොලිසිය කියයි.

මීට වසරකට පමණ පෙර මෙම පල්ලියේ ඇතුළත තිබූ පිං කැටයද කඩා තිබූ බවත් එහි තිබූ මුදල් සොරකම් කළ බව කියන පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් කියැවේ.

 



අදහස් (17)

මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

wasantha Sunday, 21 May 2017 08:14 AM

මේ ක්‍රියාව අපි හෙලා දකිමු. මේවා නුසුදුසු ක්‍රියාවන්ය...

:       9       53

kamal Sunday, 21 May 2017 08:39 AM

තමන්ම කරගෙන අනිත් අයව අල්ලන්න හදන ඉතා පැරණි ක්‍රමයක්ද?

:       107       180

දාවිත් රජSunday, 21 May 2017 09:58 AM

අනිවාර්යයෙන්ම ... අර සයිටම් පිරිසගේ තිර රචනයක් වගේ...

:       2       23

සඳුන් Sunday, 21 May 2017 08:44 AM

මේ අයට හරියට පැට්‍රල් බෝම්බයක්වත් හදාගන්න පුළුවන්ද?

:       0       3

සම්පත් Sunday, 21 May 2017 08:46 AM

වසන්ත, ඇත්තටම මෙය බෞද්ධ රටක් හැටියට අප ලැජ්ජා විය යුතුයි...

:       71       42

දාව්ත්Sunday, 21 May 2017 10:01 AM

හරියටම දැක්කද බෞද්ධයෝ මේ දේ කළා කියලා? නෑනේ... ඔබලා අැත්තටම බෞද්ධයෝද?

:       7       18

anilSunday, 21 May 2017 10:33 AM

සම්පත්, ලැජ්ජා වෙන්නේ මොකටද කරපු අය කවුද කියල නොදැන? මතකනේ රෙදි පිලි සාප්පුවක් ගිනි ගත්ත හැටි ඔය විදියටම.... කෙලින්ම චෝදනා කලේ බෞද්ධ සංවිධායකට, අන්තිමට එළි වුනේ එයාලම කරගත් වැඩක් බවයි.

:       2       18

Kamal Sunday, 21 May 2017 09:04 AM

එහෙනම් මේ ආණ්ඩුවත් පෙරළෙන්න වගෙයි යන්නේ....

:       7       9

ranavi Sunday, 21 May 2017 09:12 AM

කවුරු කළත් මේවා මහා බාල වැඩ. රට මහත් ව්‍යවසන ගොඩක් මැද ඉදිරියට යද්දී ආගමික සහ ජාතික අරාජිකත්වයක් ඇති කර බලය ලබා ගන්නත් සමහරු මාන බලනවා..

:       16       25

nalin Sunday, 21 May 2017 09:19 AM

මේක යාපනයේ එහෙම වුණොත් බල සේනාව කොහිද දන්නේ නැහැ...

:       7       22

pawan Sunday, 21 May 2017 09:38 AM

බහුතර සිංහල බෞද්ධ ජනතාව මෙවැනි ක්‍රියා අනුමත කරන්නේ නැත. නමුත් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට සිංහල ජනයාගෙන් කරදර හිරිහැර වෙන බවට ලෝක මතයක් ගොඩනගා ඒ තුලින් තමුන්ට වාසි ලබා ගැනීමේ අරමුණක් ඇති බවට සැකයක් පවතිනවා. මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් පවත්වා සියලුම තානාපතිවරුන් මගින් ලෝකයම දැනුවත් කල යුතුය. සංහිඳියාව නමින් ඕනෑම දෙයක් කිරීමට ඉඩ දී බලා සිටිය යුතුද නැත.

:       0       46

chamal Sunday, 21 May 2017 09:56 AM

හැබැයි පාකිස්තානය වගේ මුස්ලිම් රටවල් වල කතෝලික පල්ලි ගිනි තියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ අපි මුස්ලිම් රටක් හැටියට ලජ්ජා විය යුතුයි කියලා...

:       14       16

සමන් Sunday, 21 May 2017 10:19 AM

පොලිසිය වහාම ක්‍රියාත්මක වී මීට සම්බන්ධ අය වහා අත්අඩංගුවට ගත යුතුය. සැකයට ඉඩක් නොතැබිය යුතු අතර සීසීටීවී දර්ශන මගින් සැකකරුවන් අල්ලා ගැනීමට පියවර ගන්න.

:       0       1

Sanjeewa Sunday, 21 May 2017 11:47 AM

නැවතත් කළු ජුලියක් ඇති වුනොත් රජය එයට වග කිව යුතුයි. 83 කළු ජුලියේ පෙරනිමිතිත් මේහා සමානයි.

:       0       2

චමිලා Sunday, 21 May 2017 11:58 AM

ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කරනවිට ලංකාවේ මුස්ලිම් ජනතාව විරුද්ධ වුණාද? නෑ. යථාර්ථය එයයි.

:       0       2

ajith Sunday, 21 May 2017 01:04 PM

මෙවැනි තත්වයක් උඩ අපිට රටක් හැටියට කවදාවත් ඉදිරියට යන්න බැහැ. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන වැඩක් වෙඩක්.... මෙවැනි පසුබිමක විදේශ යෝජනා ලංකාවට එන්නේ නැහැ. විදේශ සංචාරකයින් අඩු වේවි..!! අපි ලෝකේ ඉදිරිපිට කොන් වේවි..අපිට හා අපේ දරුවන්ට අනාගතයක් නැහැ,, අපි 30 වසරක් දුක් වින්දා..

:       1       8

sanka Tuesday, 23 May 2017 11:53 AM

දැන් ඔය පල්ලියට පෙට්‍රල් බෝම්බ ගහනකොට දෙයියෝ කොහෙද ඉදලා තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 229 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 732 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site