IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාලබේ තිබුණ අස්ථි කොටස් තාජුඩීන්ගේ නොවන බව තහවුරු වෙයි

(නිමන්ති රණසිංහ)

මාලබේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි රහස් පොලිසීය අද(05) අධිකරණයට දැනුම් දුන්නේය.

බොරැල්ල ජින් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා මේ බව දැන්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ වැඩබලන අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසාද් සිල්වා මහතාට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළවම සාක්ෂි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසද නියෝග කෙරිණ.

මෙම අස්ථි කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි උදෘත ඉකුත් පෙබරවාරි මස 5 වැනිදා නිතිපතිවරයා වෙත උපදෙස් පතා යොමුකර ඇතැයි ද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (7)

මාලබේ තිබුණ අස්ථි කොටස් තාජුඩීන්ගේ නොවන බව තහවුරු වෙයි

liyanage Wednesday, 05 April 2017 11:48 AM

අනේ මේ මනුස්සයට මරණයට පත් වෙලාවත් ඉන්න නැහැ නේ..

:       4       45

nihal Wednesday, 05 April 2017 02:15 PM

දැන්නම් පොලිස් දෙපාර්තමේන්තුවම විහිළුවක් වෙලා.

:       0       121

SL Wednesday, 05 April 2017 03:02 PM

බය වෙන්න එපා ඊළඟ චන්දෙ එද්දී මොකක් හරි එකක් එක්ක මැරීච්ච මිනිහ නැගිටියි!

:       115       221

dilanka Wednesday, 05 April 2017 04:05 PM

සයිටම් අයිටම්

:       4       129

අප්පුහාමි Wednesday, 05 April 2017 04:18 PM

සයිටම් කිව්වොත් බොරුවක් එහෙම නැත්නම් හොරයක්...! එහෙමත් නැත්නම් රඟපෑමක්! ලංකාවට අලුත්ම විහිලු සපයන ආයතනය බවට පත්වෙලා.

:       674       273

thajudeen Wednesday, 05 April 2017 05:17 PM

අනේ අප්පුහාමි ඔහේ නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ. දැන් පේනවා නේද හැමදේටම සයිටම් පටලවන්න හැදුවට එහෙම නැහැ කියල. කෑගහන පලියට කෑ නොගහ ඇත්ත නැත්ත සොයා බලන්න.

:       239       435

K perera Wednesday, 05 April 2017 06:04 PM

ලියනගේ ! මේ මනුස්සයා මරණයට පත්වෙලා නොව ඝාතනය කෙරුව අයටනම් ඉන්න වෙන්නේ නම් නැහැ .

:       39       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site