( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ප‍්‍රකාශ කර , ඒ බව කතානායකවරයාට දැනුම් දෙන ලෙස ඉල්ලා මහාචාර්ය කමීනා ගුණරත්න මහත්මිය අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
නුගේගොඩ , නාවල පාරේ , විජය මාවතේ අංක 17 / 27 දරණ ස්ථානයෙහි පදිංචි මහාචාර්ය කමීනා ගණරත්න මහත්මිය විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ. ‘‘ පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකි.මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් අගෝස්තු 01 වැනිදා ගාල්ල දිස්ත‍්‍රික්ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු වගන්තියක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවේ.තවද මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අනුකූලව සකසා ඇත.
තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 05 වැනිදා ප‍්‍රකාශයක් කරමින් මෙම පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත‍්‍රීවරයෙකු ඉදිරිපත් කර ඇති බැවින් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ප‍්‍රකාශ කර ඇතැයි සඳහන් කර ඇත.
මෙම පනත් කෙටුම්පත මඟින් මූලික අයිතිවාසිකම් සහ ජීවිත් වීමේ අයිතිය තහවුරු වන බවත් , ශ්‍රී ලංකාව අත්සන් කර ඇති සිවිල් , දේශපාලන හා මානව හිමිකම් සඳහා වන ප‍්‍රඥප්තියට අනුකූල වේ.
මරණ දඬුවම පැනවීම මිනිසාට ඇති ජීවත් වීමේ මූලික අයිතිවාසිකම් අහෝසි කිරීමක් බැවින් එය මිනිස් ජීවිතය හෑල්ලූවට ලක් කිරීමක්ද වේ.
මෙම තත්ත්වය තුළ මෙම පනත් කෙටුම්පත සාමාන්‍ය මන්ත‍්‍රී බහුතරයකින් සම්මත කළ හැකි වේ. එබැවින් මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ප‍්‍රකාශ කරන ලෙසත් , ඒ බව කතානායකට දැනුම් දෙන ලෙසත් , පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා ඇත.
COMMENTS
පෙත්සම්කාරියගේ ලිපිනය මෙහි සදහන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
පෙත්සම එල්ලුම්ගහට යන කෙනෙකුගේ අම්මා කෙනෙක් ගෙන් වත්ද?
මරණ දඬුවම නියම කරන්නේ උසාවියෙන්... එතකොට ඒක වැරදිද? මේ විකාර අහලා බලලා දැන් අපට එපාම වෙලා. නැති ප්‍රශ්න ඇතිකර ගන්නවා.
මරණ දඬුවමට ඔබ කැමතිද අකමැතිද? කැමති නම් ලයික් .. අකමැති නම් ඩිස්ලයික්
කුඩුව්‍යාපාරයක්, පටන්ගන්න සූදානමින් ඉන්නේ, ඒක ලත් තැනම, ලොප් වෙයි කියලා බයයි...
මේක තක්කඩියන්ටම ගියරටක්.. මේ හැතිකරේ තියෙන නීතියත් බලකරලා රට විනාශ කරන්න නේද මේ හදන්නේ?