IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මයිලඩියේ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන්ට

(වන්නි රොමේෂ් මධුෂංඛ)

යුද සමයේදී අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කෙරුනු යාපනය වලිකාමම් මයිලිඩ්ඩි ප්‍රදේශය නදහස් කොට මුල් අයිතිකරුවන්ට දීමෙන් පසු  මුල් ඉඩම් හා ආගමික ස්ථාන පරික්ෂා කළ වැසියන් ආරක්ෂක අංශවලට ප්‍රශංසා කොට ඇත.

27 වසරකට පසුව මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය මුල් පදිංචි කරුවන් වෙතට දැක ගත හැකි වූවේ සිය මුල් ඉඩම්හි පිහිටි නිවාස යුද්දයෙන් විනාශ වී ගියද පුරාණ හින්දු කෝවිල් ආරක්ෂක අංශ විසින්ද සිය ආගමික වතාවත් සිදු කරමින් එම ස්ථාන ආරක්ෂා කර ඇති හෙයින් එම වැසියන් යුද හමුදාවට හා නාවික හමුදාවට සිය ප්‍රශංසාවන් පල කර සිටියේ නැවතත් සිය ධීවර කර්මාන්තය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට පවසමිනි.

ඊට අමතරව ප්‍රදේශයේ පිහිටි පොදු ළිං ආගමික ස්ථාන පිළිසකර කර දීමද යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් අදාල නිලධාරීන්ට උපදෙස්  දී ඇත.

මයිලිඩ්ඩි ප්‍රදේශයේ අක්කර 54 ක භූමි ප්‍රදේශය මුල් අයිති කරුවන් වෙතට ලබා දීමේ උත්සව අවස්ථාව ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරම් මහතා කියා සිටියේ,

ආණ්ඩු මාරුවේදී කිසිදු එකඟතාවයකට පැමිණීයෙ නැතත් ජනතාවගේ මුල් ඉඩම් නිදහස් කිරීම ගැන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට පොරොන්දුවක් වු බවයි.

‘මේ මුල් ඉඩම් නැවත ලබා දෙන එක ගැන මේ ඒ පොරොන්දුවේ එක් ජයග්‍රහණයක්. නමුත් මේ එක් පියවරක් පමණයි ඉදිරියේදී මේ අයුරින් අනෙක් ප්‍රදේශත් නිදහස් කරගත යුතුයි. විශේෂයෙන්ම මේ ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඒ පිළිබඳවත් ඉදිරියේදී යුද හමුදාව අවශ්‍ය පියවර ගනියි කියල මම හිතනවා‘‘ යැයි ඔහු කියා සිටියේය.

 



අදහස් (2)

මයිලඩියේ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන්ට

kumar (galf) Tuesday, 04 July 2017 09:37 AM

වලිකාමම් වැඩියෙන්ම හිටිගේ වැලිගමින් ගිහිපු දීවර පවුල්, ඒකය් එකට වලිකාමම් (වැලිගම) කියන්නේ.

:       0       0

shan saudi Tuesday, 04 July 2017 12:31 PM

මෙය ජනපතිතුමාගේ අවධානය පිණිසයි. මේ ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේදී 1983 වසර දක්වා වසර 15 ක් හෝ 25 ක් එම ප්‍රදේශවල ජීවත් වූ හා එම ප්‍රදේශවල වෙළඳාම් කරමින් සිටි සිංහල ජාතිකයන්ට හා ඔවුන්ගේ දරු පවුල් වලට හිමි ඉඩම් ආපසු ලබා නොදෙන්නේ කුමන හේතුවක් නිසාද? පසුගිය රජයෙන්ද අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේදී දමිල ජාතිකයනට පමණක් ඔවුන්ගේ නිවාස හා ඉඩම්ල ලබා දුන් අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඝාතන හමුවේ එම ප්‍රදේස වලින් පලා ආ සිංහල ජනතාවට කිසිම සාධාරණයක් කලේ නැත. සිංහල ජාතිකයනට උතුරු හා නැගෙනහිර පදිංචි කරවීම නොකරන්නේ එල්.ටී.ටී.ඊ. හෝ දමිල සංවිධාන සමග ඇතිකරගත් රහස් ගිවිසුමක් නිසාද? කරුණාකර ඒ පළාත්වල සිංහල ජාතිකයන්ගේ මුල් බිම් ඔවුන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1629 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1395 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site