ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ටී.එන්.එල් නාලිකාව පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කටයුතු කළ අකාරය වැරදි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය.
වඳුරා කඬුව ගත්තාක් මෙන් හෝ නින්දෙන් අවදි වූවාක් මෙන් කටයුතු කිරීම විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට නොගැළපෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මාධ්‍යවලට අඩත්තේට්ටම් කිරීම රජය අනුමත කරන්නේ නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම විදුලි සංදේශ කොමිෂන් සභාව පසුගිය කාලයේ සංඛ්‍යාත ලබාදීමේදී මහජන අයිතීන් උල්ලංඝනය කර ඇතැයි කී ආශු මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද කීවේය.
COMMENTS
ඔව් දැන් එයා අන්තීම තැනට ඇවිල්ලා.තමන් මෙතනට රැගෙන ආව බලවෙග වලට පයින් ගහලා මාධය මර්ධනය කරලා රට කාපු හොර රැළ සමග එකට ලගින්නයි සූදානම් වෙන්නේ 2020 ආයිබෝවං කියලා යන්න සූදානම් වෙන එක ඇත්තේ.
බැඳුම්කරේ උඩ ඉඳන් පල්ලෙහට විපාක දීගෙන එනවා.
එතකොට රජය කව්ද ? මේ අපිද ? දකුණු අත කරන දේ වම් අත දන්නේ නැති එකටද යහපාලනය කියන්නේ ?
රජය අනුමත නොකරන දේවල් කරන්නේ රජයම නේද?
ජනාධිපතිතුමා ප්‍රධාන රජයක් සහ අගමැතිතුමා ප්‍රමුඛ රජයක් වශයෙන් දෙකක් ක්‍රියාත්මක වෙනවාද? මාධ්‍යවලට අඩම්තේට්ටම් කලේ මොන රජයද? තේරුම් ගන්න බහ දෙවියනේ.