( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 වැනි දිනයටත් වැඩිදුර සලකා බැලීම ලබන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද(22) පස්වන දිනටත් පෙත්සම් කැඳවනු ලැබූ අතර අද
දිනය එම කරුණු දැක්වීම මීට ටික වේලාවකට පෙර කල් තැබිණි.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි මහත්මිය මූලික විරෝධතා සම්බන්ධයෙන් එදිනටත් කරුණු දැක්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd