IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මැතිවරණ අපේක්ෂකයින්ට සිය කාර්යාලයේ-රැස්වීම් ස්ථානයේ හැර බැනර් කටවුට් තහනම්

( රොමේෂ් මධුෂංඛ)
 
මෙවර පැවත්වීමට නියමිත මැතිවරණයේදී අපේක්ෂකයින්ට සිය කාර්යාලයේ සහ රැස්වීමක් පැවත්වෙන ස්ථානයේ හැර ඉන් පිටත කිසිදු ස්ථානයක පෝස්ටර්, කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවට මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.

මහ මැතිවරණයට අදාළව පිහිටුවන දේශපාලන පක්ෂ කාර්යාලවලට නිකුත් කර තිබූ තහනම ලිහිල් කරමින් එම මැතිවරණ කොමිසම එම  අවසර ලබාදීමට  තීන්දු කළේය.

මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව කියා සිටියේ  වව්නියාව දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.


 එහිදී මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් පවසා සිටියේ,


 ‘1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ විධිවිධාන යටතේ තමියි මේ පෝස්ටර්, ඡායාරූප , බැනර්, කටවුට් මාර්ගවල තැන් තැන් වල ප්‍රදර්ශනය කිරීම තහනම් කරල තියෙන්නේ නමුත් අපේක්ෂකයින්ගේ කාර්යාල වල පක්ෂයේ නම, සිම්බල් එක එහෙම නැත්තම් සලකුණ, ස්වාධීන කණ්ඩායම් වල ඒ කණ්ඩායම එහෙම නැත්තම් ඒ හඳුනාගැනීමේ අංකයත් එහි ලකුණත් ප්‍රදර්ශනය කරන් පුලුවන්.


 ‘වර්ග අඩි 40 ප්‍රමාණයක සිංහල හා දෙමළ භාෂා දෙකම පාවිච්චි කරනවනම් එය වර්ග අඩි 50 ක් වීමට හැකියි. එය පමණයි එකම නීත්‍යානුකූල කටවුට් එක වන්නේ. ඒ වගේම කටවුට් ගහන්න පුලුවන් අපේක්ෂකයෙකුට ඔනෑම රැස්වීමක් පැවත්වෙන වෙලාවක රැස්වීම් දිනයේදී රැස්වීම් පැවත්වෙන ස්ථානයේ පමණයි. රැස්වීම් පිට්ටනියක පැවත්වෙනවනම් පාරේ කටවුට් ගහන්න බැහැ එයයි නීතිය.

‘ඒ වගේම මන්නාරම හා මුලතිව් අවතැන් වූවන්ට පුත්තලමේ තවමත් ඉන්න අය වැනි 3000 ත් 4000 ත් අතර පිරිසකට ඡන්ද මධ්‍යස්ථාන පවත්වන්න අපට සිදුවෙලා තියනවා ඒ වගේම මන්නාරම් හා පුත්තලමේ ඡන්ද දායකයින්ට ඒ ඒ දිස්ත්‍රීක්කවල පදිංචිය අනුව ඡන්දය දැමීමට සිදුවෙනවා. යනුවෙනි.

 

 



අදහස් (2)

මැතිවරණ අපේක්ෂකයින්ට සිය කාර්යාලයේ-රැස්වීම් ස්ථානයේ හැර බැනර් කටවුට් තහනම්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 08:12 AM

මේවා සුරංගනා කතා පමණයි.. නීතිය එසේ වුවත්, ඔන්න ලස්සනට වැඩේ පටන් අරන් කෙරීගෙන යනවා කියලා ආරංචියි..

:       0       24

විපරමා Tuesday, 23 June 2020 10:03 AM

ඔය කියන විදියටම කෙරුනොත් තමයි පුදුමේ... තව ඉස්සරහට ලයිට් කණුවලයි, තාප්පවලයි, හතරමන් හන්දිවලයි දේශපාලුවන් ඉන්න තාලේ බලාගන්න බැරි වෙන එකක් නැහැ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 204 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site