(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම කප්පරතොටදී මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී අද (15) උදෑසන සිදු වු අනතුරකින් මෝටර් රථයෙහි ගමන් කළ තරුණයින් දෙදෙනා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

රත්මලානේ පදිංචිව සිටි නවෝදබණ්ඩාර මීගල්ල (29) හා ගල්කිස්සේ පදිංචිව සිටි ධනුෂ්ක තව්සාල්සල්ගාදු (29) නැමැතිමිතුරන් දෙදෙනකු මෙසේ ගොස් තිබේ.

ඔවුන් කොළඹසිට මාතර දෙසට යන අතරතුරදී මාතර දෙස සිට ගාල්ලට වැලි ප්‍රවාහනයකරමින් තිබුටිපර් රථයකහැපී මෙම අනතුර සිදුවී ඇත.

ටිපර් රථයේ රියදුරු පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.