(සනත් ගමගේ)
මත්තල ගුවන්තොටුපොළින් ඩුබායි බලා යෑමට පැමිණෙන ගුවන් මගීන්ට ගුවන්තොටුපළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තහංචි පැනවීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූ බව ගුවන් මගීහු පවසති.
අද(19) උදේ මත්තල ගුවන්තොටුපොළට පැමිණි ප්ලයිඩුබායි ගුවන් යානයෙන් ඩුබායි යෑමට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් හරවා යැවීම සිදු කර ඇති බව මත්තල ගුවන්තොටුපොළ කළමනාකාරිත්වය සඳහන් කළේය.
මෙසේ විදේශ ගත වීමට අවස්ථාව නොදුන් ගුවන් මගියෙක් වන අම්බලන්තොට මාමඩල පදිංචි ඩබ්.ඒ නාලක මහතා මෙසේ කියා සිටියේය.
‘‘මගේ වසය අවුරුදු 22 යි මගේ අක්කා සහ අයියා ඩුබායි වල හෝටලයක් කරනවා. මේ නිවාඩු කාලේ මම අයියා ලඟට යන්න සූදානම් වෙලා වීසා, ගුවන් ටිකට් පත් ඇතුළු සියල්ල සකසා අද (19) උදේ මත්තල ගුවන් තොටුපලට ආවා . විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මාගෙන් ප්‍රශ්න කලා මොකටද යන්නේ කියා මම කාරණය කිව්වා එවිට ඒ අය කියා සිටියා ඔයාගේ අක්කලට අයියලාට ඔයාට කෑම දෙන්න වියදම් කරන්න ඒ අයගේ පඩි මදි. එම නිසා ඔයා අසරණ වෙනවා එහේ ගිහිල්ලා යන්න දෙන්න බැහැ කියලා. මම කිව්වා ඒ අය තමයි මට ටිකට් එවල තියෙන්නේ මට යන්න දෙන්න මම අසරණ වෙන්නේ නැහැ කියලා. ඒත් යන්න ඉඩ දුන්නේ නැහැ. මට රුපියල් ලක්ෂ එක හමාරක් විතර වියදම් දැන් ඉතින් කටුනායකින් හරි යන්න කටයුතු කරනවා. කටුනායකින් යන්න දෙනවා කියල කියනවා. එකම රටේ ගුවන් තොටුපොළ දෙකක නීති දෙකක් මොකද කියා දන්නේ නැහැ.‘‘
මෙම තත්ත්වය සම්බන්දව මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා කියා සිටියේ පසුගිය දින කිහිපයෙත් මේ ආකාරයට ගුවන් මගීහු කිහිප දෙනකුගේ ගුවන් ගමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නතර කළ බවයි. ඒවා සාධාරණ හේතු නොවන බවද කාර්ය භාර නිලධාරීවරයා කීය.
මෙම තත්ත්වය මත මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපලෙන් විදේශ ගතවීමට පැමිණෙන ගුවන් මගීහු අනිසි බියක් ඇති කර ගනිමින් මත්තල ගුවන්තොටුපළට නොපැමිණෙන බවද කළමණාකාරීත්වය පවසයි.
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපලේ විදේශ සේවා නියුක්ති කාර්යශංයෙන් මේ සම්බන්ධව විමසීමේ දී එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ගුවන් මගීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළිවන කරුණු මත මෙම තහනම් සිදු කරන බවයි. මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සේවා නියුක්ති කාර්යශංය දන්නා බම්බුව , විදෙසගත් අපගේ චේතනය සම්බන්දයෙන් හරිහමන් ජාතික ප්‍රතිපත්තියක් නැති කොට ඩුබායි වල ආපන ශාලාවක් කරන කෙනෙකුට පුද්ගලිකව තමන්ගේ සහෝදරයව ගෙන්වාගන්න වියදම් කරන්න සල්ලි තිබේද නැද්ද දන්නේ කොහමද , ඔවුන් දන්නේ අපෙන් රක්ෂණය කපාගන්න විතරයි...............
මෙහෙමත් ඔලමොට්ටල වැඩ. මේ අයට විසා තිබුණ නම් මොකද්ද ප්‍රශ්නය?
සංචාරකයෙක් විදියට යන්න, විදේශ සේවා එකක් මොකටද? කෙලින්ම චෙකින් කවුන්ටර් එකය ගිය නම් ඉවරයි නේ. අනික එයාලට මොකද්ද තියෙන අයිතිය.. රට රස්සාවකට යනවා නෙවෙයි නේ.. මේක මේ මත්තලට මිනිස්සු එන එක නවත්තන්න කරන මගඩියක්ද කොහෙද.. මුලින්ම ශ්‍රී ලන්කන් ප්ලේන් ටික නැවැත්තුවා.. දැන් ඒ පාර මිනිස්සුන්ට යන්න දෙන්නෙත් නෑ. පට්ට වෙනස...!!
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපලේ විදේශ සේවා නියුක්ති කාර්යාශංයේ අය එලවන්න ඕනේ. ඉන්න පුලුවන්ද බැරිද කියන එක ඒගොල්ලොන්ට අදාල නැහැනේ. මේක තනිකරම මත්තලට මිනිස්සු එන එක අඩුකරන්න ප්ලෑන් එකක්.
එක පාරක් වී ගබඩා කරලා මේක අවතක්සේරු කරන්න උත්සහ කලා.දැන් තව විදිහක් හොයාගෙන. වැඩක් කරන්න බැරිනම් අඩුම ගානේ තියෙන ඒවා විනාස නොකරවත් ඉන්න. මෙයාලට ඕනේ මේක අසාර්ථකයි කියල පෙන්නලා කාටහරි විකුණලා දාන්න
ගුවන්තොටුපොලේදී විදෙස් ගතවීමට අවසර දීමට හෝ නොදීමට පනතට අනුව විදේශ නියුක්ති කාර්යාංශයට බලයක් හෝ වගකීමක් පවරා නොමැත (Section16, Sri Lanka Bureau of Foreign Employment Act No.21 of 1985). කරුණාකර මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙ අය හිතන් ඉන්නෙ රටයන සේරම යන්නෙ රැකියාවලට කියල. රැකියාවලට රටයන අය විදේශ සේවා නියුක්ති කාර්යංශයෙ ලියාපදිංචි වියයුතුඑක හොඳයි. ඒත් රට යන්න එන අය ආපසු යවන්න මෙයාලට බලය දුන්නෙ කවුද?
ඩුබායි වලින් සේරම බලල තමයි විසා දෙන්නේ. කෙනෙක්ට ස්පොන්සර් කරන්න ඉඩ දෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ආදායම බලලා ගෙවල් දොරවල් බලලා .අනික නිවාඩුවකට යන කෙනෙක්. හොර විසා වලින් හොර පාස්පොර්ට් වලින් යන අයවනම් යනවා අනේද කියන්නේ
යම් කෙනෙකුට තම ගමනාන්ත රටට වලංගු සංචාරක වීසා බලපත්‍රයක් තිබේ නම් , වලංගු ගුවන් ටිකට් එකක් ඇත්නම් , විදේශ සේවා නිලධාරියෝ කොහොමද ඔහුගේ ගමන තහනම් කරන්නේ ? නීතිමය පැත්තෙන් බලනකොට ඔහු යන්නේ විදේශ සංචාරයක් සදහා මිස විදේශ සේවයක් සදහා නොවේ..........මේ පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක්, මෙම තරුණයට පුළුවන් පෙරකදෝරු මහතකුගෙන් උපදෙස් ගෙන විදේශ සේවා විරුධව නඩු පවරන්න .මමත් කටුනායකින් ව්‍යාපාරික කටයුතු සඳහා විදේශ ගතවෙනකොට කෙලින්ම චෙක් ඉන් කවුන්ටරයට ගොස් ගමන් මල්ල භාරදී බෝර්ඩ් ඉන් කාර්ඩ් එක ලබාගෙන , අගමන් විගමන කවුන්ටරයට ගමන් බලපත්‍රය පෙන්වා , කෙලින්ම පිටත් වීමේ ගේට්ටුවට යනවා , මටනම් ඔය විදේශ සේවා නිලධාරියෝ කවුරුවත් කටුනායකදී මුණ ගැසී නැත , සමහරවිට හම්බන්තොටින් රට යන මිනිසුන්න්ට ගුවන්තොටුපල එපා කරවන්න විශේෂයෙන් කරදර කරනවද දන්නේ නැහැ..............
එක වී ගබඩාවක්නේ. එතැනින් කොහොමද ඩුබායි යන්නේ.
නඩු මගින් කටයුතු කල හැක විසා තිබේ නම් අනුග්‍රාහකයන් ඉන්නවා නම් ඔවුන්ට නැවැත්වීමට නොහැක නැවැත්විය හැක්කේ ආගමන විගමන පාලකට පමණි ජාත්‍යන්තර සිවිල් ගුවන් නීති කඩකරන අයට එරෙහිව එම ආයතන වලට දන්වා නඩු පැවරීමට මේ අහිංසකයට සාදරණය ඉටුකිරීමට එමිරට්යේ ප්‍රජාව කටයුතු කරනු ඇත
ෂා! මාර නීතිනේ?
මේ අමන රජයේ නිලධාරීන් ඉන්නකන් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ.
මෙය බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. මේ තරුණයා ලග වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් හා වලංගු ගුවන් ටිකට් පත් තිබුනා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇති බලය කුමක් ද ඔහුගේ ගමන නතර කරන්න. ඔහුව නඩත්තු කරන්නට ආදායමක් ඇත්ද නැත්ද තීරණය කිරීමේ අයිිතිය ඇත්තේ ඩුබායි ආගමන විගමන නිලධාරීන්ටයි.
විසිට් වීසා වලින් රට ගිහින් එහෙන් ජොබ් එකක් හොයා ගත්තම විදේශ සේවා එකට ආදායමක් නැහැ නේ. අනේ මෙහෙමත් නීති. මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. ඕන කෙනෙකුට විසිට් වීසා එකකින් අවසර රටකට යන්න නිදහසක් තිබිය යුතුය.
ඔය විදෙස් සේවා එකේ ඉන්නේ හරියට අකුරක්වත් ලියා ගන්න බැරි අය ඒ ළමයට තමාගේ අය්ය අක්ක ලගට යන්න ඉඩ නොදීපු ගොන්හරක් වහාම සේවයෙන් පහ කරන්න (ඉතාමත් කනගාටු දායක සිදුවීමක්) මමත් ඉන්නේ පිටරටක අපිත් එන යනකොට හරියට කරදර කරනවා ඔය ගැණු. උගත් බුද්දිමත් අය දාන්න එයාපොර්ට් වලට අනික ඇයි මැද පෙරදිග එන අයට විතරක් ඔය නීතිය හරියට කරන්නේ. ඇත්තටම හරිම කනගාටුයි ඔය ගැන කියන්නත්. ගරු ඇමතිතුමියනි (විදෙස කටයුතු) ඔබ තුමිය ඉතා හොදින් සියලු දේවල් කරන බව පේනවා, ඔබ තුමී ඔය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ගොඩක් දේ කලා අපිවෙනුවෙන්. ඔබතුමියට තව දුරටත් ඔය අමාත්‍ය අංශයේම අපි වෙනුවෙන් සේවය කරන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. ඔය විදෙස සේවා එකේ ඇති දුර්වල කම් ගැනත් ටිකක් බලන්න කියා ඉතාමත් කාරුණික ඉල්ලීමක් මේ කරන්නේ මැදපෙරදිග ඉන්න හැමෝම වෙනුවෙන්. මෙහි යම් අඩුපාඩුවක් වෙතොත් සමාවෙන්න. අපේ ගරු මැතිනියට තෙරුවන් සරණයි! ගොඩක් පින්.
කෑම ටිකට මත්තලින් සහල් ටිකක් දීල යවන්න තිබුණා.....................
මේක නුගත් නිලධාරීන්ගේ මෝඩ පියවරක්. මේ අයට මානව හිමිකම් නඩු පවරන්න පුළුවන්. වියදම අයකර ගන්නත් පුළුවන්.
මේ සම්බන්ධව නීති මගින් කටයුතු කර අලාභය ඉල්ලන්න.............
අසංක, ලුම්බිණි, බුද්ධි සියේට තුන් හාරසියයක් මම ඔයාලගේ ප්‍රතිචාර අගය කරනවා. ඇත්තටම උන් දන්න මගුලක් නැහැ දන්නේ එකම දෙයයි අපි විසින් හොයාගත් රැකියාවට අපි යද්දී අපේ පොතේ මුද්දරේ තියෙනවද බලන්න විතරයි. අපි විදින දුක දන්නේ අපි විතරයි. අපේ සල්ලිවලින් කකා අපිට ගෙම්බර් දාන්න එනවා. ඔය එයා පොර්ට් එකේ පස්සෙන් ඇවිත් පාස්පෝර්ට් උදුරන වැඩේ නතර කරන්න කියන්න අපි ගෙවල්වලින් වෙන්වෙලා එන්නේ බොහොම හිත් වේදනාවලින් යුතුව ඒමදිවට මෙයාලත් එනවා මගුලක් කරන්න. මේක නුගත් නිලධාරීන්ගේ මෝඩ පියවරක්. මේ අයට මානව හිමිකම් නඩු පවරන්න පුළුවන්. වියදම අයකර ගන්නත් පුළුවන්. (අනිවාර්යෙන්ම කලයුතුමයි) උන්ගේ පඩියෙන් නැත්නම් එකත් අපේම බදු වලින් තමයි.
මේවා සාධාරණ හේතු නොවන බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරියා ප්‍රකශ කරනවා කියල මේ පුවතේ සදහන් වෙලා තිබෙනවා , තත්වය එහෙම නම් ඔහුට පුළුවන්කම තිබුන එම අවස්ථාවේදී මැදිහත් වෙලා මේ මනුස්සයට රට යන්න ඉඩ දෙන්න එම අවස්ථාවේ මැදිහත් වෙන්න බැරිකමක් තිබුන නම් ඔහු වැරදි කරන නිලධාරීන්ට විරුධව ඔහු යම් පියවරක් ගත්තද ?
විසා, ගුවන් ටිකට් පත් සහ ගුවන් බලපත්‍ර නිසි පරිදි තියනවනම් ඒ ගමන නවත්වන්න ඔය විදෙස සේවා එකේ අයට තියෙන නීතිමය අයිතිය කුමක්ද ?
ප්‍රශ්න කරන අයගේ ,අතේ මිටේ කීයක් හරි දීලා තිබුනා නම් ,කොල්ලා මෙලහකට ඩුබායි රටේ.
ලංකාවට ළුනවිට කටුනායක සිට ගුවන් මගින් මත්තලට ආ හැකිද..
මේ මත්තල වැටිලා තියෙන්නේ නියම ගුවන් තොටුපොළකට නේද ? "මත්තල ගුවන් තොටුපොළට" කවදා ආපු ගුවන් යනාද ? ඒක නේ එහෙම තැනක වැඩ කරන හැටිවත් නොදන්නේ. පව් අනේ අර දරුවට උන අකරතැබ්බය ගැන ! දැන් අපේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" ගුවන් මගීන්ගේ ගමන් අනුමත කරන්නේ ආගමන විගමන කාර්යාලයද, විදේශ සේවා නියුක්ති කාර්යාලයද කියා ප්‍රශ්නයකුත් මතුවී තිබෙනවා.
නීති මගින් කටයුතු කරන්න නීතියක් තියෙන්න එපා යැ.
බුරු වැඩ කොරන්න එපා..............
සල්ලි ගානක් කඩාගන්න වෙන්න ඇති හදන්න ඇත්තේ.