(ශිරාන් රණසිංහ)
අපරාධ මර්දනයට පත්කර සිටින පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධතාව පිළිබඳව මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී තමා කළ හෙළිදරව්ව අද යථාර්ථයක් වී ඇතැයි ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීපයට පැවසීය.
බීරි අලින්ට වීණා ගැයුවා සේ ඒ හෙළිදරව් කිරීමට අදාළව කිසිවකු අවශ්‍ය පියවර නොගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.
අද පොලිස්පතිවරයාට පමණක් ඇතැමුන් චෝදනා එල්ල කළද පොලිස්පති පමණක් නොව පොලිස් කොමිසම සහ ඊට ඉහළින් සිටින අයද මීට වගකිවයුතු බව ඇමැතිවරයා සඳහන් කළේය.
පොලිස්පති එම තනතුරට නුසුදුසු නම් ඔහු නම් කළ පොලිස් කොමිසම එහි වරද බාරගත යුතු බවත් සෙසු උසස් පොලිස් නිලධාරීන් නුසුදුසු තනතුරුවලට පත්කිරීමද වැරැදි බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමාට බාරදීමට සූදානම් වූ විට ජනාධිපතිවරයා ඊට විරුද්ධ වූ බවත් තමාට අදාළ ඇමැති ධුරය හිමිවූයේ නම් පොලිසියට මෙවැනි චෝදනා එල්ලවීමට ඉඩ නොතබන බවත් ඇමැතිවරයා පැවසීය.
තමා යුද්ධය අවසන් කළේ තනිවම නොව සේනාංකාධිපතිවරුන් සමග බවත් එදා තමා යටතේ සිටි හමුදා සේනාධිපතිවරුන් පිස්සු නැටුවේ නම් තමාටද හමුදාපති ලෙස සාර්ථක වීම අසීරු බවත් ඔහු කියා සිටියේය.
ඒනිසා පොලිස්පතිවරයාට පමණක් චෝදනා නොකර පොලිස් කොමිසම ද මේ නුසුදුසු යැයි කියන නිලධාරීන් පත් කිරීමේ වරද බාරගත යුතු බවද ඔහු පැවසීය. නැතිනම් පොලිස් කොමිසමෙන් ඇති වැඬේ කුමක්දැයි ද ඔහු විමසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පෑලියගොඩ ප්‍රදේශයේදී මත්කුඩු සමග අත්අඩංගුවටගත් ඔබතුමාගේ ආධාරකරුවා ගැන මොකද කියන්නේ ?
කතාව සහතික ඇත්ත.බොහෝ දෙනා එයට කැමති උනත් ජනාධිපති වරයා එය වැලක්වුවා.දැන් වෙනවෙන කතා කියන්නේ පෙර අමතක කරලා වගෙයි.මෙතුමාට ඒ ඇමතිකම දුන්නා නම් මෙලහකටත් හොරුන් ගොඩාක්ම සිර ගෙදර.
හැබැයි ඉතින් කෝටි ගණන් වලට වාහන ඉල්ලන එක තමයි වැරැද්ද
හමුදාවට විතරක් නොවේ දේශපාලනයටද ඕන විනය ඇති එඩිතර මිනිස්සු. තීරණ ගන්න බය නිකම් පතෝල වගේ දේශපාලඥයෝ ඉහල පුටුවලට අවාහම මේවගේ දේවල් වෙනවා.අද රට විනාශ කල හොර නඩය යහපාලනය ගැන ප්‍රශ්න කරන්නේ මේ නිසා .
ගරු සරත් පොන්සේකා ඇමතිතුමා ගේ කතාවට අපි සියියට දාහක් එකයි ...!!!
හැමදාම ඔහොම තමා කරන ඕන දේ නෙවේ කරන්නේ සමහර අය බයයි සුදුස්සාට සුදුසු තැන දුන්නම තමන්ට කෙලවෙයි කියල
එතකොට අර පාතාලයෝ කුඩු කාරයෝ වගේ තමුන්ගේ එක්ක එකට දේශපාලනය කරනව කිව්ව කට්ටියවත් හිරේ දානවද
කොන්ද පන නැති, කෙලින් තීරණ ගන්න බැරි පාලකයෝ නිසා අද සමාජය පිරිහිලා.හොරුන් තවමත් නිදැල්ලේ.පාලකයෝ කියන දෙයට වඩා, හොරු කියන දේවල් තමයි ජනතාව පිළිගන්නේ. ඒ තරම් පාලකයෝ නොන්ඩි වෙලා.තමන්ට තිබෙන බලයේ තරම තමන් දන්නේ නැහැ.කරන්න පුළුවන් අයට තැන දෙන්නේ නැහැ.
දන්නෝ දන්නවා වඳුරාට දැලිපිහිය දෙන්න හොඳ නැහැ කියලා..
මොනවද මෙයා මේ කියවන්නේ? "තමා යුද්ධය අවසන් කළේ තනිවම නොව සේනාංකාධිපතිවරුන් සමග බවත් එදා තමා යටතේ සිටි හමුදා සේනාධිපතිවරුන් පිස්සු නැටුවේ නම් තමාටද හමුදාපති ලෙස සාර්ථක වීම අසීරු බවත් ඔහු කියා සිටියේය". මෙයාගේ යටතේ හිටපු නමුත් රටට වැඩක් කරපු නිලධාරීන්ට පුදුම විදිහට ගැරහුවා....
මෙයා නින්දෙන් නගිටලද කොහෙද?
ඕනෑම රටක පොලිසිය හා හමුදාව කියන්නේ අන්ත දෙකක සිටිය යුතු කොටස් දෙකක්. හමුදාවේ විදියට පොලිසිය වැඩ කරන්න ගියොත් රටකට වෙන්නේ මොකක්ද? පොලිසියේ වැඩ යුධ හමුදාවේ විදියට වැඩ කරන්න ගියොත්?
යුද්ධය ඉවරකලා වගේ, කුඩු, මැරයන්, හොරුන්, දුෂිතයින් ඉවරකරලා යහපත් ශ්‍රී ලංකාවක් ඉදිරියේදී නිර්මාණය කරන්න මෙතුමාටත් දීලා බලන්නකෝ කරුණා කරලා...
යුද්දේ ඉවර කළා වගේ මේකත් ඉවර කරයි දීලා බලන්න ඇයි බයද ?
රුචි ගැන මට කණගාටුයි. නමුත් එතුමා ගැන හමුදාවේ හිටපු අපි ඔබලාට වඩා දන්නවා. එතුමා නැත්නම් ඒ යුද්දේ ඉවර කරනවා බොරු. ඒ ගැන මීට වඩා කියන්න ඕන නැහැ. ඔබ සියලු දෙනාටම කියන්නේ හමුදාවේ හිටපු ඔබලාගේ යහළුවන්ගෙන් එතුමා ගැන අසා දැනගන්න.