
(රවී ලියනගේ)
ගාල්ල මාපලගම මාර්ගයේ වලව්ව හන්දියේ දී මෝටර් රථයක ගැටුණු තරුණයෙකු ගිංගඟට වැටී අතුරුදන්ව ඇති බව නාගොඩ පොලිසිය පවසයි.
ගිංගඟට වැටී අතුරුදන්ව ඇත්තේ සමන් ප්‍රියන්ත නමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත බවත් ගිංගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා සෙවීමේ කටයුතු අසීරු වී ඇති බවත් පොලිසිය පැවසීය.
තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරා රෝහල් ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හරියේ ගඟට පාර අනාරක්ෂිතයි. RDA එක මොනවත් කරලා නැහැ. පොලිසියත් ඔය වගේ අනාරක්ෂිත තැන්වලට මොනවත් කරන්නේ නැහැ. හැංගිලා දඩකොළ දෙනවා ඇරෙන්න. උඩුගම දෙසින් එන වාහනයක් ඉදිරියට ගියොත් කෙලින්ම ගඟට කිසිම බාධාවක් නැතිව...