(ඩයනා උදයංගනී)
හම්බන්තොට වරාය ගිවිසුම අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමේ හැකියාව ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු විවාදයේදී මැති ඇමතිවරුන් ඉදිරිපත් කරන අදහස් වුවත් එයට ඇතුළත් කිරීම ගැන සලකාබැලීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඉකුත් සෙනසුරාදා සංශෝධන සහිතව අත්සන් කළ වරාය ගිවිසුම තමන් අද (1) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී අමාත්‍යවරයා එය අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ට සතියක කාලයක් ලබාදුන් බව ද ඒ මහතා පවසයි.
අමාත්‍යවරුන් එය අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වූ පසු එම සතියේම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඉන්පසු පක්‍ෂ නායකවරුන්ට විවාදයක් සඳහා දිනයක් තීරණය කළ හැකි බව ද පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිවිසුම නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ අය චෝදනාවක් කරමින් සිටින බව කී අමාත්‍යවරයා එහි ඇති වෙනස වන්නේ කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් වූ යෝජනා සංශෝධන ලෙස ඇතුළත් කිරීම පමණක් බව ද කීවේය.
COMMENTS
දෙපක්ෂයේ එකගතාව මත සංශෝධනය කල හැකි බව කියනවා ඇහුන එක පක්ෂයක් අකමැති වුනොත් බෑ නේද? ඒ කියන්නේ චීනය බෑ කිව්වොත් බෑම නේද?
එහෙම සංශෝදන එකතු කල හැකි වෙන්නේ අනෙක් පාර්ශ්වය කැමතිනම් පමණි. ඔවුන් ඒ සදහා වන්දියක් ඉල්ලාවි. එහෙම කරන්න බලාපොරොත්තුවක් තිබුනේ නම් මොකටද හදිසියේම අත්සන්කලේ ? මේ අපිව සැනසීමට කරන කපටිකමක් . මේකද යහපාලනය ?
ගිවිසුම අත්සන් කරාට පස්සෙද පාර්ලිමේන්තුවෙන් අහන්නේ? මේ මොන නීතියක්ද? තාමත් මිනිස්සුන්ව රවටන කතා කියන්න එපා. මොන රටේද ගිවිසුම් අත්සන් කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ගන්නේ?
මොන කෙන්ගෙඩියකටද ගිවිසුම ගැහුව්වේ වෙනස් කරන්න නම්. අපිට දැනගන්න ඕනේ වාර්ෂිකව අපේ රටට කොපමණ ආදායමක් (ප්‍රතිශතයක් ) ලැබෙනවාද කියල. 58-42 % ට දුන්න නම් ආදායමක් එන්න ඕනේ. නමුත් දැන ගන්න ලැබෙන පුවත් වලින් පෙනී යන්නේ බදු කාලය තුල අපේ රටට ආදායමක් නැති බවයි ?
එහෙම පුළුවන් වන්නේ පාර්ශව දෙකම කැමතිනම් පමණි . මොන පාර්ශ්වයද කැමති වෙන්නේ තමන්ට වෙන්න තියෙන වාසිය නැතිකරගන්න ? මේ ආණ්ඩුවේ ඉන්න මැටි ඇමතිලනම් කැමති වේවි රටට ආදරයක් නැති නිසා. එහෙම නම් මොනවටද මේක හදිසියේම අත්සන් කලේ ?