( බුද්ධික කුමාරසිරි)
තමන්ට මරණ තර්ජන සිදු කළැයි පැමිණිල්ලක් කිරීමට මීගොඩ පොලිසියට ගිය අයකුට සුඛෝපභෝගී රථයකින් පැමිණි තිදෙනකු විසින් පොලිස් ස්ථානයේදීම පෙරළාගෙන පහරදී ඇති බවත් එය බේරීමට ගිය පොලිස් නිලධාරියකුටද පහර දී පළා යාමට තැත් කළ තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ තී‍්‍ර රෝද රියදුරකු වන පැමිණිලිකරු (39) පාදුක්ක දිසා රෝහලටත් ගැටුම බේරීමට යාමේදී පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා හෝමාගම මූලික රෝහලටත් ඇතුළු කරනු ලැබ සිටිති.
COMMENTS
යහපාලනයේ වෙනස හොද නේද ? දැන් පොලිසි ඇතුලට ඇවිල්ල , පැමිණිලි කරුවන්ට ගහන්න තරම් මැරයෝ සවිමත් වෙලා
උන්ගේ නීතියද මේක...????
යහපලනයනේ කමක් නැහැ ඔහොම යං
රට බල්ලට ගිහිල්ලද? මේ වගේ චණ්ඩින්ට හොදට ඇනලා අඩුටික කඩලා මානව හිමිකම් එකට ගියත් කමක් නැහැ.
පොලීසියේ මහත්වරුනි! මානවහිමිකම් කට්ටියගෙන් අහන්න ඔබලාගේ හා පැමිණිල්ල දමන්න ආපු තැනැත්තගේ මානව හිමිකම් කොහෙද කියල? ඔබලා ගුටි කෑවාමද මානවහිමිකම් තියෙන්නේ කියල?