(අංජුල මහික වීරරත්න)
රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත නොකෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ගැන රජය මේ ස්ථාවරයට පැමිණ ඇත්තේ මල්වතු අස්ගිරි ඇතුළු පාර්ශ්ව වෙතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත කෙරුණු දැනුම් දීම මතය.
භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මුලින් ඉදිරිපත් කරන ලදී.
භික්ෂු කතිකාවත් පනත් ගෙන ඒමෙන් ඇතිවිය හැකි අර්බුද ගැන මල්වතු කාරක සංඝ සභාව හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ යෝජනා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා වෙත භාර දුන්නේය.
මල්වතු හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ කරුණු දැක්වීමට පිළිගත් රජය භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත අත්හරිනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
මෙවැනි භාරදුර, එමෙන්ම අති විශේෂ පනතක් ඉදිරිපත්කිරීමට පෙර එයට අදාල පක්ෂ, එනම් අවම වශයෙන් අස්ගිරි මල්වතු මහා නාහිමියන් බැහැදැක උන්වහන්සේලාගේ මතයවත් විමසා නැති බව මෙයින් පේනවා. කරන්නන් වාලේ පනත් මැති සබයට ඉදිරිපත්කර ඒවාට රටපුරා විරුද්ධතාවන් එල්ල කරගෙන, ඉන්පසු ඒවා හකුලා ගැනීම රජයේ නිවටකම මෙන්ම නොහැකියාව මනාව පිළිඹිබු කරන කැඩපතකි.
ආගම් ගැන කතිකාවත් ඇතිවිය යුත්තේ ආගමික නායකයන්ගේ මැදිහත් වීමෙන් මිස රටේ පාලනයත් අවුල් කරගත් දේශපාලුවන් ගේ මැදිහත් වීමෙන් නොවෙයි.
රටකාපු නුඹලා ආගමේ ඉතිරිටිකත් නොකා යන තැනකට යන්න.
භික්ෂුන් ගිහියන්ට වඩා කාමභෝගී ජීවිතයකට හුරුවෙලා .. භික්ෂුව යනු ප්‍රාතිමෝක්ෂ ශීලයයි .. අපිට එහෙම දෙයක් පෙනෙන්නේ නම් නැහැ ..
ඔහොම එක එක දේවල් ගෙනල්ල ඒ එක්කම අකුලා ගන්නකොට මිනිස්සු හිතන්නේ මේ ආණ්ඩුව කිසිම දෙයක් සිතල මතලා, නිසි අධ්‍යනයක් කරන්නේ නැතුව, එක එක්කෙනාගේ මුණ පුම්බා ගන්න තමයි වැඩ කරන්නේ කියලා, නැද්ද? හැබැයි ඉතින් එක බොරුත් නෙමෙයි.
මේ පනත් ගෙනාවත් නෝගෙනාවත් සංවර අය සංවරයි. අසංවර අය අසංවරයි. සිල්වත් අය සිල්වත්. දුසිල්වත් අය දුසිල්වත්. බුදු දහමට අනුව මේවා බුද්ධිමත්ව සාකච්චා කිරීම වරදක් නොවෙයි. කාලාම සුත්‍රයේ ඒ බව දේශනා කොට තිබෙනවා. තථාගතයන් වහන්සේ දෙසුවද එය පවා තමාගේ බුද්ධියට වැටහේනම් පමණක් පිළිගැනීමට දේශනා කොට තිබෙනවා. පුස්ස මහා රහතන් වහන්සේගේ දේශනාවේ සඳහන් අනාගත භික්ෂු පරපුර ගැන එදා දෙසූ බොහෝ දේ අද සැබෑවී තිබෙනවා. මේවා විසදීමට ශ්‍රී සද්ධර්මය සහ සම්බුද්ධ සාසනය සුරකින මතු මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ නිසි වෙලාවට නිසි පියවර ගන්නවා ඇති. එය උන් වහන්සේ වෙත ලැබී ඇති බුද්ධ අණයි. එබැවින් ධර්මය රකින්නා ධර්මය විසින්ම රැකෙන අතර, ධර්මය වනසන්නා මොන උප්පරවැට්ටි යෙදුවත් වැනසී ගොස් උතුම් වූ ශ්‍රී සද්ධර්මය බැබළෙනු ඇත. විය යුත්තේද එයයි. බුද්ධ වචනය වෙනස් කිරීමට මොන ජගතාටවත් නොහැකිය.
භික්ෂු සන්ගයාට විනය නීති පැනවිය යුත්තේ සඟ සමාජය විසින් මිසක ගිහි අපි විසින් නොවෙයි. හිමි නමක් වුවත් රටේ නිතිය කැඩුවා නම් එයට රටේ නිතිය අනුව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වරදක් නැහැ. රජය ලොකු විනාශයක් කරගන්න එක නවතවා ගත්ත කතිකාව ඉවත්කර ගැනීමෙන්.