IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බස් - වෑන් ගැටුමෙන් පස් දෙනෙකුට තුවාල

(හැටන් රංජිත් රාජපක්ෂ)

සිදුවේ සිට නුවරඑලිය දක්වා ධාවනය වු වැන් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් පස් දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.


අද (22) උදැසන 7 ට පමණ මෙම  අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේදිය.


අධික වේගයෙන් ධාවනය වි ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු වැන් රථයේ ගැටිමත් සමග වැන් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් අසලට පෙරලි ඇත.


වැන් රථය අනතුරට පත් වන අවස්ථාවේ වැන් රථය තුල 11 දෙනෙකු ගමන් කර ඇති බවත් , වැන් රථයේ සිටි තුවාලකරුවන්ව ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර ඇත.


අනතුරෙන් වැන් රථයට සහ බස් රථයට දැඩි අලාභ හානි සිදු වි තිබේ.


අනතුර පිලිබදව ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

බස් - වෑන් ගැටුමෙන් පස් දෙනෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site