(ඩබ් ඒ පියතිලක)

මිගස්වැව සිට මැදිරිගිරියේ ඇගළුම් හලක සේවක සේවිකාවන් රැගෙන එමින් තිබු බස්රථයක් අද (25) දියසෙන්පුර පැරකුමි හංදියෙදි කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පෙරැළී  සිදු වු අනතුරින් එහි ගමන් ගත් 25 දෙනෙකු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.

බසයේ  ගමන් ගත් 23 දෙනෙකු සහ ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු ද මෙම අනතුරෙන් තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු  දෙදෙනකු පොලොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා ඇත.


බස් රථය සහ රියදුරා අත් අඩංගුවට ගෙන 26 දින හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය කියයි..