IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘බස්නාහිර පළාත් සභාවේ පුටු ගැන හොයන්න පත් කළ කමිටුවේ වාර්තාව මාධ්‍ය ඉදිරියට ගේනවා‘

 
(මුදිතා දයානන්ද)
 
බස්නාහිර පළාත් සභාවට ස්පාඤ්ඤයෙන් ඇණවුම් කළ බව කියන හය ලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව ගැන ඉදිරියේදි සියලූ මාධ්‍ය දැනුවත් කරනවා යැයි හේමකුමාර නානායක්කාර මහතා අද  (29) ලංකාදීපයට පැවසීය.
 
ආණ්ඩුකාර නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සභාවේ නව පළාත් සභා ලොඩනැගිල්ලට ඇණවුම් කර තිබූ හයලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් සෙවීමට ආණ්ඩුකාරවරයා පත්කළ කමිටුවේ වාර්තාව පිළිබඳව ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. 
 
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සභාගර්භය සඳහා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් රුපියල් හයලක්ෂ පනස් දහස බැගින් වන පුටු 104ක් විදේශ රටකින් ගෙන්විමට ඇණවුම් කර ඇති බවත් මෙය අනවශ්‍ය වියදමක් බැවින් වහාම එය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පසුගිය 09 වැනිදා ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.
 
ඒ අනුව එම පුටු ගෙන්වීම වහාම නවත්වන ලෙසට නියෝග කළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත් කළේය. එම කමිටුවේ වාර්තාව ඊයේ (28) සවස ආණ්ඩුකාරවරයා වෙත ලැබී තිබේ. 
 
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමේදි තවදුරටත් අදහස් දැක්වු නානායක්කාර මහතා මෙසේ පැවසීය.
 
බස්නාහිර පළාත් සභාවේ හයලක්ෂ පනස් දාහ බැගින් වන පුටු 104ක් ගෙන්විම සම්බන්ධයෙන් මා පත් කළ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී තිබෙනවා. එය මා තවම අධ්‍යයනය කර නැහැ. එය අධ්‍යයනය කිරිමෙන් පසුව ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදි සියලූ මාධ්‍ය කැඳවා දැනුවත් කිරිමට මා බලාපොරොත්තු වෙනවා. එතෙක් මට ඒ ගැන වැඩි විස්තරයක් කියන්න බැහැ.  



අදහස් (9)

‘බස්නාහිර පළාත් සභාවේ පුටු ගැන හොයන්න පත් කළ කමිටුවේ වාර්තාව මාධ්‍ය ඉදිරියට ගේනවා‘

Sunil Wednesday, 29 August 2018 11:37 AM

පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් පුටු රත්කිරීම හැර වෙන කිසිවක් බලාපොරොත්තු විය හැකිද?

:       0       123

Bamunuarachchi Wednesday, 29 August 2018 11:53 AM

ඕකට මොකටද කමිටු වාර්තා...? පුටු දෙන්න ලැහැස්ති වුනෙත් කමිටු වාර්තා බලලද? මොවුන්ට පෙන්වන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලෝඩ්වරු වාඩිවෙලා ඉන්න හැටි. එහෙම බැලුවම මේ ගොල්ලන්ට දෙන්න ඕනේ බැංකු. නැතිනම් ඇණතියලා බිම වාඩි කෙරෙව්වත් කමක් නැහැ.

:       0       42

Bamunuarachchi Wednesday, 29 August 2018 11:53 AM

ඕකට මොකටද කමිටු වාර්තා. පුටු දෙන්න ලැහැස්ති වුනෙත් කමිටු වාර්තා බලලාද. මොවුන්ට පෙන්වන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවේ ලෝඩ්වරු වාඩිවෙලා ඉන්න හැටි. එහෙම බැලුවම මේගොල්ලන්ට දෙන්න ඕනේ බංකු. නැතිනම් ඇන තියලා බිම වාඩි කෙරෙව්වත් කමක් නැහැ.

:       0       10

Raveendra Wednesday, 29 August 2018 03:13 PM

අම්මේ..... ලක්ෂ 7 , 8 පුටු වෙන්න ඇති මේ හිඟන්නාගේ ගෙවල්වලත් තියෙන්නේ. අනේද කියන්නේ?

:       0       26

රවින් Wednesday, 29 August 2018 04:37 PM

ඔය පුටු ගෙනෙන්න කොහොමත් ඉඩදෙන්න එපා. මහජන මුදල් අවබාවිතය පිලිබඳ පත්කළ අලුත් අධිකරණයට ඒ පිළිබඳව දැනුම් දීලා අවශ්‍ය පරීක්ෂණ කර චුදිතයන්ට ඉක්මනින්ම නඩු පවරන්න. ප්‍රමුඛතාවක් ලෙස මෙම නඩුව විභාග කිරීමට කටයුතු සැලැස්වීමෙන් පොදු මහජනයාට සෙත සැලසීමට කටයුතු යෙදුවොත් රටටම සෙත සැලසේවි.

:       0       138

සතයපාල Wednesday, 29 August 2018 04:41 PM

මැණික් පුටුද දන්නේ නැහැනේ ගෙන්වන්න යන්නේ. කොහොම වුනත් ඔය පුටුවල වාඩිවෙන අය පුටුවක් තරම්වත් වටින්නේ නැතිබව විශ්වාසයී.

:       0       15

pradeep Wednesday, 29 August 2018 10:12 PM

මේවගේ වාඩිවෙන අය ගැන විස්තර බැලුවම, ප්ලාස්ටික් පුටුත් හොඳ වැඩියි.

:       0       0

Bamunuarachchi Thursday, 30 August 2018 01:40 AM

ජනතාවට ඉතා අවශ්‍ය බෙහෙත් ගෙනෙන්නේ ඉන්දියාවෙන් නමුත් මේගොල්ලන්ට පුටු ගෙනෙන්නේ ස්පාඥයෙන්. නරකද වඩු මඩුවකින් ලී බංකු ටිකක් හදලා දුන්නොත්.

:       0       0

Perera Thursday, 30 August 2018 03:07 AM

මෙම පුටු ගෙනාවොත් කිසිම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කෙනෙකුට ඡන්දය දීමෙන් වැලකි සිටීමෙන් තමන්ගේ විරෝධය පෙන්විය හැකිය. මෙයට වඩා ජනතා තින්දුවක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site