(ශාන්ත කුලරත්න)

බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රයත් නිකුත් කිරීම හා මගියාට හිමි ඉතුරු මුදල් ලබා දීම අනිවාර්ය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි.

එසේ නොකරන බස් රථ වෙතොත් ඔවුන්ට එරෙහිව විනයානූකූලව හා නීත්‍යානූකූලව පියවර ගෙන අදාළ බස් රථවල මාර්ග බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියයි.

ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා බත්තරමුල්ල ‘රන්මඟපාය‘ ප්‍රධාන කාර්යාලය හෝ බැස්ටියන් මාවත ,බොරුල්ල,හෝමාගම බස්නැවතුම්පොළවල පිහිටි කාර්යාලවලට දැනුම් දෙන ලෙස ඒ මහතා ප්‍රකාශ කරයි.

ඊට අමතරව කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයට හෝ රත්මලාන,ගම්පහ සහ මිරිස්වත්ත හන්දියේ පිහිටි කාර්යාලවලට ද දැනුම් දිය හැක.

එසේත් නොමැතිනම් 011 5 559 595 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරීමට හැකි බවද ඒ මහතා පවසයි.