රොමේෂ් මධුෂංඛ
යාපනය මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයට ගිය පාසල් සිසුවෙකුට බිම් බෝම්බයක් පෑගී බෝම්බය පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට පලෙයි සහ කොඩිකාමම් පොලීසිය කියයි.
මුහමාලෙයි එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ජේ.එම්. නිදර්ශන් සිසුවා ඊයේ (08) සවස මුහමාලෙයි කැලෑවට ගොස් ඇත්තේ ලී කැපීමේ අවශ්‍යතාවකටය.
නමුත් සිසුවා ගමන් කර ඇත්තේ බිම් බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයක බැවින් සිසුවා කැලෑවේ තිබූ වැටක් තුළින් රිංගා යාමට උත්සහ කිරීමේදී පයට පෑගි තිබූ බිම්බෝම්බයක් එම අවස්ථාව්දී පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා තිබේ.
බෝම්බය පුපුරා යාමෙන් සිසුවාගේ අත්වලට බරපතල හානි සිදුව ඇති අතරම සිසුවා පලෙයි රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මහරෝහලට මාරුකර යවා ඇත.
හානි සිදුවූ එක් අතක් ඉවත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවටද රෝහල් වෛද්‍යවරුන් පවසා ඇති බවට පරික්ෂණ සිදුකරන පලෙයි හා කොඩිකාමම් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිම් බෝම්බයට අතක් තුවාල උනේ කොහොමද කකුලක් නොවී..
ලන්කාපුතා, ඔයා අහන්න ඕනෙ මේ දරුවට කොහොමද කියා මිසක් එයාට තුවාල උන විදිහ නොවේ. හෑමදෙයක්ම සෑකයෙන් බලන ගතිය ඈත්තටම පවක්.
වැටකින් රිංගා යාමේදී අතක් තුවාල වීම විය නොහැකිද? ප්‍රශ්නය විය යුත්තේ අහිංසක තරුණ ජීවිතයකට වූ අවාසනාවන්ත සිදුවීමයි.
විජයකලා නෝන කියන විධියට කොටි උතුරෙ හිටියනම් ඔහොම වෙන එකක් නැහැ