බැඳුම්කර ගනුදෙනුවට අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද අද පෙ.ව.11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී.
බැඳුම්කර වාර්තාව - http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/01/CBSL.pdf
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස
ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා පත්කර ඇත.
අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බැඳුම්කර වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තුවට
සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 08:10 AM
ආයෙත් අපිට ගොන් පොරයක් බලාගන්න අවස්ථාව ලැබෙන්නයි යන්නේ. ප්‍රීතියි....
KamalWednesday, 17 January 2018 11:51 AM
එදා රවී කරුණානායක මහත්මයා මුදල් ඇමතිකමට පත් කරද්දී මම විරුද්ධ වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපතිකමට පත් කරද්දී මං විරුද්ධ වුණා. එදා මම කිව්ව දේ ඇහුවා නම් අද මේ ප්‍රශ්න නෑ. හොරකමට දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැනලා ඒවා නතර කරන්න බැහැ. කවුරුවත් මාව විවේචනය කළත් මට කොපමණ පහර ගැසුවත් මගේ ගමන නතර කරන්නේ නැහැ. මාව බය කරන්නත් බෑ. මේ විදියට ආණ්ඩුව කරනවද? නැද්ද? කියලා ඔයාලත් තීන්දු කරන්න...
bamda Wednesday, 17 January 2018 08:47 AM
ඇත්තටම කවුද හොරා...?
manoj Wednesday, 17 January 2018 09:20 AM
අවුරුදු 3 ක් තිස්සේ කස සද්දේ විතරයි. ඉතුරු අවුරුදු 2 දී වත් පෙරහැර යයිද. නැත්නම් කට්ටිය කස විතරක් ගහල ගෙදරම යයිද?
karunasena Wednesday, 17 January 2018 09:21 AM
ඉංග්‍රීසියෙන් විතරද! අපොයි අර සා.පෙ. සමත්වත් නැති 94 මොකද කරන්නේ.!
shelton Wednesday, 17 January 2018 09:30 AM
අපි නොදන්නා ඉංගිරිසි
Muhan Wednesday, 17 January 2018 10:08 AM
පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහට කොමෙන්ට්ස් නොදා ඉඳිමු මචන්ලා...
සපුමල් බණ්ඩාරWednesday, 17 January 2018 11:30 AM
ජාතික ධනය කොල්ලකාපු හොරුන්ට නම්බුනාම දීලා කතා කරන්න කියලද මචං කියන්නේ? ආචාර්ය නන්දා මාලනීගේ ගීතයක තියෙනවා, "කසයෙන් තලා හිස පළඳා කටු ඔටුණු.... ජනයා අභිමුවේ උන් නිරුවත් කරනු" කියලා.
RaveendraWednesday, 17 January 2018 12:04 PM
මුහුන් මයා වෙත, ඕනෑම පුද්ගලයකු හිතට එකඟව, අවංකව සේවය කරන්නේ නම් හා පොදුවේ සමාජයේ අන් අයට කරදරයක් වන ලෙස නොසිටින්නේ නම් ඔහු හෝ ඇයගේ පෞද්ගලිකත්වයට සක්කරයාටවත් හානිකල නොහැක. මෙහි සඳහන් "හරකුන්" තමන් විහින්ම තමාව විනාශ කරගෙන ඇති බැවින් අලුතින් මෙම "අම්බරුවන්ගේ" පුද්ගලිකත්වයට හානි කිරීමට අවශ්‍ය නැත.
Bamunuarachchi Wednesday, 17 January 2018 10:19 AM
කස ඉවරවුණු ගමන්ම ආවේ ගිනිබෝල කරුවන් නේද? අපිවත් පුච්චලා ඒ අයත් පිච්චිලා ගියා. මේ අය පෙරහැරවල් කරපු අය නොවෙයි. පෙරහැර ගියපාරේ අලිබෙටි එකතු කරපු අයයි...
බණ්ඩාර -කැකිරාව Wednesday, 17 January 2018 10:31 AM
එතුමාට ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානය ලබාදුන්නේ මේ මහ හොරකම නිසාද?
RaveendraWednesday, 17 January 2018 11:34 AM
බණ්ඩාර -කැකිරාව මයා වෙත, අපගෙ මවුබසේ "පල් හොරුන්ට, තක්කඩින්ට හෝ මං පහරන්නන්ට " එතුමා යන වැදගත් වචනය භාවිතා නොකරන බව කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. එබැවින් එම වැදගත් වචනයට අපහාස කිරීමෙන් වළකින ලෙස අප ඔබගේ කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
siri Wednesday, 17 January 2018 11:07 AM
සුදනන් කවුද කියා හෙළි කරන ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් කොමිසම පත් කරනවා කිව්ව " ලබන සතිය" එන්නේ කවදාද ජනාධිපතිතුමනි? කතාව වගේම ක්‍රියාවත් වැදගත් වන බව වටහා ගන්න වෙයි. නැත්නම් දැන් ටික ටික පෙනෙනවා වගේ සුද්ධෝදනලා නැතිව දේවදත්තලා වැඩට බහින හැටි..
Raveendra Wednesday, 17 January 2018 11:19 AM
අම්බරුවෝ 37.5 ට එකක අනුපාතයක් වගේ පෙනෙන්නේ.
de silva Wednesday, 17 January 2018 11:26 AM
ඕකේ ඉන්නවා සාමාන්‍ය පෙළවත් සමත් නැති 94... එ් ගොල්ලන්ට ඕක සිංහලෙන් දුන්නත් ඕක කියවා තේරුම් ගැනීමට ධාරණ ශක්තියක් නැත. ඒ ගොල්ලන්ට තේරෙන එකම දෙය" හොරා " යන වචනය පමණි. කරුණාකර බොරුවට කාලය කාදමන්නේ නැතුව පොලිසියට කියන්න ඕක කියවල බලලා සැකකරයෝ අල්ලලා රිමාන්ඩ් කරලා නඩු පවරන්න කියලා..
de silva Wednesday, 17 January 2018 11:59 AM
මනෝජ්, කට්ටිය කස ගහලා පොඩි රෙස්ට් එකක් අරන් හවස් වුණාම ගිනිබෝල ටිකක් කරකවලා ගෙදර යාවි...
Mulguruthumaa Wednesday, 17 January 2018 07:06 PM
විභාග සමත් වූ පමණින් බුද්ධිමත් බව පිහිටන්නේ නැහැ.