ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු
නඩු විභාග කඩිනම් කිරීමේ විශේෂ අධිකරණය පිහිටුවීමෙන් පසු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයද එහිදී විභාග කළ හැකි බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුවාය.
නව අධිකරණයක් පිහිටුවන්නේ වැරදිකරුවන්ට දඬුවම්දීමට මිස වෛරයෙන් ද්වේශයෙන් හෝ කිසිවෙකුගෙන් පළිගැනීමේ අරමුණින් නොවන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
පසුගිය රජය සරත් ෆොන්සේකා මහතා සිර ගත කළ ආකාරයට කිසිවෙකුටත් දඬුවම්දීමට වත්මන් රජය පියවර නොගන්නා බව ද ඇය කීවාය.
මෙම නව අධිකරණයට එරෙහිව ඇතැමුන් අධිකරණයට ගොස් ඇති බව කී අමාත්‍යවරිය අධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව ඉදිරි කටයුතු කරන බව ද කියා සිටියාය.
අමාත්‍යවරියට පෙර අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසුවේ නව අධිකරණය පිහිටුවීමෙන් පසු පළමු නඩු විභාගය ලෙස බැඳම්කර වංචාව පිළිබඳව විභාග කරන ලෙස තමා අධිකරණ අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බවයි.
එසේ කළහොත් නව අධිකරණය ගෙන එන්නේ දේශපාලන පළිගැනීම් සඳහා බවට එල්ල වන චෝදනාවද අහෝසි වී යනු ඇතැයි විජිත හේරත් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම විශේෂ අධිකරණ ක්‍රමය ඉතාමත්ම වැදගත්. මෙයට විරුද්ධ වෙන්නේ වැරදි කරපු අය බව ඉතාමත්ම පැහැදිලියි.
බැදුම් කර වංචාව ඇතුළු සියලුම බරපතල නඩු ඉක්මනින්ම ඉවර කර ගැනීමට ගෙනෙන විශේෂ අධිකරණය ඉක්මනින්ම ස්ථාපිත කල යුතුයී. පුලුවන්නම් අල්ලපල්ලා කියන අයත් තමන්ට එරෙහිව තියන චෝදනා විබාග කර නිදොස් කර ගත්තොත් 2020 මැතිවරණයට පිරිසිදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැතුව නීතියේ හිල් වලින් පැනල යන්න ඉඩ දෙන්න එපා!
මොනවද ඔට්ටු ? අනෙත් ඒවා කොහොම වෙතත් ඔය උසාවිය පටන් ගත්ත ගමන් බැඳුම්කරේ තමා මුලින්ම විභාගයට ගන්නේ. අනිත් ඒවාට වගේ බැඳුම් කරය විශේෂ අධිකරණයක විභාගයට ගන්න එක නීතියට පටහැනියි කියලනම් කවුරුවත් උසාවි යන එකක් නැහැ. අනිත් අතට විශේෂ උසාවි පිහිටුවන කට්ටියටත් ඕනෑ බැඳුම්කර නාඩගම පෙන්වලා ලකුණු වැඩිකර ගන්නනේ. අවසානයේදී ලෙඩා මැරෙයි. හැබැයි බඩ හොඳට සුද්ධවෙලා තියෙයි.
මෙන්න මේකනේ තලතා නෝනේ පුරස්නේ. ඔය දැන් තියෙන අධිකරණ පිහිටුවල තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්නේද? ඒත් ඔයා ඔය හදන්න හදන උසාවි පාර්ලිමේන්තු පනතකින් හදන එකක් නේද? අන්තිමේදී පෙරුම් පුරාගෙන කල් අරගෙන නඩු කියල තීන්දු දුන්නට ඕවයේ නිත්‍යානුකුල බව අන්තිමට ශ්‍රේෂ්ටධිකරණයේ අභියෝගෙට ලක් උනහම නඩුත් ඉවරයි තින්දුත් අහෝසියි නේද? හොරු ගොඩ නේද?
මහින්ද කල්ලියට මේ පිළිබඳව විරුද්ධ වීමට කොහෙත්ම අයිතියක් නැත.
හරිම මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න බව අපි දන්නව. ඒකනේ අර්ජුන් සල්ලිත් අරන් රට පනිනකන් බලන් හිටියේ. දැන් ඉන්න තැන දන්නේත් නෑ ලු නේ. ඉන්න තැන දන්නෙත් නැතුව අධිකරන පිහිටුවන්නේ කාට දඬුවම් කරන්නද?
අපරාධ නඩු ඇසීම කඩිනම් කරන්න ආන්ඩුවට උවමනාවක් නැත්තේ ඒකෙන් දේශපාලන දඩයම් කරන්න බැරිනිසාද? අපරාධ නිසා අගතියටපත් පාර්ශව වසර ගනන් මැරි මැරී උපදිනවා යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම නිසා. මේවා මහ පවුකාර වැඩ. වෙන මොනවා කියන්නද?
මේ උසාවි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් ඒවා නොවන නිසා අවුරුදු ගණන් නඩු අසා තීන්දු දුන්නත් චුදිතයෝ අන්තිමට කරන්නේ ඒ උසාවි වල නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ටධිකරන්යේ දි අභියෝග කර ගැලවී යන එකයි. ඕකට තමයි මේ අය මේ පාර හදන්නේ.