
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාරවල සහ පොලිසිවල සිරමැදිරි නිසි ප්‍රමිතියට හා යථාවත්ව පවත්වාගෙන යෑමට අදාළ නීති රීති ඇතුළත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය.
සිර මැදිරි නිරන්තරව පරික්ෂා කිරීමට අදාළ ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත්වරුන්ට මෙමගින් බලය හිමි වන බවද අධිකරණ ඇමතිවරයා කීය .
මෙයට අමතරව කෲර වද හිංසා වැළැක්වීමට අදාළ නීතිරීති ඇතුළත් පනත් කෙටුම්පතක් ද මැති සබේට ළඟදීම ඉදිරිපත් වන බව කී ඇමතිවරයා මෙම පනත් දැනටමත් සකස් කර ඇතැයි ද සඳහන් කළේය.
කොරෝනා වසංගත සමයේදී ජනතාවට සහන සැලසීමට අදාළ පනත් කෙටුම්පතක්ද මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත .
බොහෝ දුරට ලබන 8 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට එම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි එම අමාත්‍යාංශ නිලධාරීහු පවසති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ නීතිය පුස් කකා පොතේ තියෙයි. මහත්තයෝ ඒක තමයි තිත්ත ඇත්ත...
වාහන අනතුරකට මිනුවන්ගොඩ පොලිසියේ රැයක් ඉන්න වුණා. වර්ග අඩි 10ක පමණ කූඩුවේ 17 දෙනෙක් ඉඳගෙන හිටියා. ටොයිලට් එකෙත් එහෙමයි. මෙලොව අපාය..