IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමයේ සභාපති

බිඟුන් මේනක ගමගේ 
 
බන්ධනාගාර ගතව ජම්පරය අඳින භික්ෂූන් වහන්සේලා 15 නමක් හා අන්‍යාගමික පූජකවරුන් තිදෙනෙකු සිටින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
 
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද මේ වනවිට ජම්පරය ඇඳගෙන සිටින්නේ යැයි කී හෙතෙම නීතියට අනුව එහි කිසිදු වරදක් නැතැයි අවධාරණය කළේය.
 
බන්ධනාගාරතව සිටින්නෙකු අභියාචනා පෙස්සමක් ගොනු කළ විට ඊට අදාළව ඇප නියෝගයක් ලද හොත් සාමාන්‍ය ඇඳුමකින් සැරසීමට අවස්ථාව උදාවන්නේ යැයි ද සිල්වා මහතා කීවේය.
 
යූ.ආර් ද සිල්වා මහතා මෙම අදහස පළ කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයේදී ජම්පරය ඇඳීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් මතු කරන අදහස් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
 
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා එහිදී මෙසේ ද පැවැසීය.
 
අපේ නීතිය හැටියට දඬුවම් වර්ග දෙකක් ලබාදිය හැකියි. ඒ, බරපතල වැඩ ඇතිව හා බරපතල වැඩ නැතිව කියායි. මේ ආකාරයට දඬුවමක් පැන වූ විට අභියාචනා කිරීමේ අයිතිය තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක නම් අභියාචනා පෙස්සමක් හදලා එය අභියාචනාධිකරණයට ආමන්ත්‍රණය කර මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ යුතුයි. 
 
ඒ ගොනු කළ වහාම ඇප පනතේ ප්‍රතිපාදන පරිදි මහේස්ත්‍රාත්තුමා ඇප නියමයක් කළ යුතුයි. එහිදී ඇප නියමයේදී ඇප දීමට හෝ නොදීමට එතුමාට අභිමතානුසාරී බලයක් තිබෙනවා. වරදේ බරපතලකම හෝ වන්දිකාරක තත්ත්වය සමඟ මේ පුද්ගලයාගේ පූර්ව ක්‍රියාකලාපය බලා ඇපදීම හෝ නොදීම කළ හැකි බව ඇප පනතේ සඳහන් වෙනවා. යම් පුද්ගලයකුට දඬුවමක් නියම කළ ක්ෂණයෙන්ම ඔහු හෝ ඇය බන්ධනාගාර අධිකාරිවරයාගේ යටතට වැටෙනවා. ඒකට වෙන මොන නීතියවත් බලපාන්නේ නෑ. 
 
සිර දඬුවමක් නියම වූ කෙනෙකුට ඒ වනතුරු අභියාචනයක් ගොනු කර නැතිනම් ඒ තැනැත්තාට ජම්පරය අන්දනවා. ඒ තැනැත්තාට එතැන් සිට සිර දඬුවම ක්‍රියාත්මක වෙනවා. අභියාචනා පෙස්සමක් ගොනු කරලා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් බන්ධනාගාරයට පැමිණෙන තුරු ඔහු ජම්පරය ඇඳිය යුතුයි. අභියාචන සිරකරුවෙකු හැටියට බන්ධනාගාරයට පැමිණි අයෙකුට සාමාන්‍ය ඇඳුම අඳින්න පුළුවන්. අභියාචන සිරකරුවකුට සාමාන්‍ය සිරකරුවෙකුට පරිදිම සතියකට වරක් අමුත්තන් මුණ ගැසිය හැකියි. එහෙත් ජම්පරය අඳින දඬුවම් විඳින අයට මාසයකට වරයි. 
 
මේ ආකාරයට මේ වනවිට හාමුදුරුවරු 15 නමක් සිටිනවා. හින්දු, ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික පූජකවරුන් ද එක් අයෙකු බැගින් සිටිනවා. ඒ ඔක්කොම ජම්පරය ඇඳගෙන සිටිනවා.  


ඊට අදාළ ඇප නියෝගය සම්බන්ධයෙන් විමසීම 22 වැනිදාට කල් තබා තිබෙනවා. එම නියෝගය ලද විට ජම්පරය ඉවත් කර සාමාන්‍ය ඇඳුමට යන්න පුළුවන්. මේක සරල දෙයක්. අපේ නීතියේ හැටියට බන්ධනාගාර ගතව දඬුවම් විඳින හිමිවරුන් ඉන්නවා. අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනයට වැරදිකරු වී බන්ධනාගාර ගත කළ තල්දූවේ සෝමාරාම හිමි ක්‍රිස්තියානි ආගමට හැරුණා.

ඒ නිසා ඔහුට මේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. නමුත් බුද්ධරක්ඛිත හිමියන් ඒ ඇඳුම ඇන්ඳා. ඔහු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. බන්ධනාගාරයේදී ආගමික ඇඳුම් අඳින්න බෑ. සියලුම සිරකරුවන් සැලකෙන්නේ සමානයන් හැටියටයි යනුවෙන් ද පැවැසීය.           



අදහස් (10)

’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමයේ සභාපති

sirimal Tuesday, 19 June 2018 09:35 AM

ඉන්නවා.. ඉන්නවා.. කවුද නැහැයි කිවේ? ඒ උනාට ඒ අතරින් ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න උපයෝගී කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ එක්කෙනයිනේ. එකනේ මේ ජංජාලේ.

:       465       626

anjana Tuesday, 19 June 2018 09:58 AM

කරුණාකරලා ලොයෙර්ස් ලට වාහන බලපත්‍රය ලබාදීමට රජයට බල කරන්න

:       124       22

roshan Tuesday, 19 June 2018 10:51 AM

"ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්ඩ" කිව්වේ ..... දැන් ආණ්ඩුවට පුදුම ප්‍රසාදයක්නේ තියෙන නිසා වෙන්ඩ ඇති

:       22       326

iranth Tuesday, 19 June 2018 11:09 AM

චීවරයට අපි වන්දනා කරනවා චීවරයේ ගෞරවය රැකීම කාගේ වගකීමද

:       23       86

Raveendra Tuesday, 19 June 2018 11:23 AM

ඇන්දත් " කබා "බොරුවත් ඇත්තක් ලෙස කියන්නේ.... අම්මා පැමිණියත් මුදලට මිස නැත කට ඇරෙන්නේ... බලයත් පාටත් සමගින් තරාදියත් වැනෙන්නේ... කවදා ඉතින් නෙත් සගලම බැදෙන්නේ,...

:       172       1020

Jayantha Tuesday, 19 June 2018 12:14 PM

භික්ෂූන් වහන්සේලාට විතරද ඔය ජම්පරය ඇඳගෙන ඉන්න ප්‍රශ්නේ ? එතොකොට අනිත් පූජකවරුන් ඇන්දට කමක් නැද්ද ? කාටද කියන්නේ?

:       0       0

Darshana Tuesday, 19 June 2018 12:20 PM

රට ජාතිය ආගම ගැන කථා කරන්න ගිහින් අද කාලේ වෙන දේ....

:       0       0

sarath R Tuesday, 19 June 2018 01:28 PM

ජම්පරය ඇන්ඳ කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද ?

:       0       0

sirimal Tuesday, 19 June 2018 01:40 PM

රොෂාන් දරන මතය පිලිබඳ ගැටළුවක් නැහැ. නමුත් රට පුරා මෙවන් මතයක් ගොඩ නැගීමට සමත්ව ඇත්තේ කෙලෙසද කියා සිතා බැලීමේදී වෙනත් හේතූන් පිළිබඳවද කරුණු පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මේ රජය වැඩ කලේ නැතුවා නෙවේ. ඒවා මහජනතාව අතරට ගෙනයනු වෙනුවට මහින්ද රාජපක්ෂට හිතවාදී මාධ්‍ය ආයතන විසින් නිරන්තරයෙන් ගෙනයන විවේචන සහ තෝරා බේරාගත් පුද්ගලයින්ගේ අදහස් දැක්වීම් නිතර ප්‍රචාරය කිරීමේ හේතුවෙන් තමා මෙවන් මහජනමතයක් ගොඩනැඟී ඇත්තේ. අද මහින්ද පාලනය පැවති කාලයට වැඩිය මාධ්‍ය නිදහසක් ඇතිබව පිළිගත යුතුයි. අද පොදුවේ රටපුරා දරන මතය තමා " බැඳුම්කර" කියන්නේ "මහබැංකු කොල්ලය" බව. නැද්ද? රොෂාන්ගේ මතය පිටුපසින් තියෙන්නෙත් මේදේවල් තමා.

:       0       0

singapuli Wednesday, 20 June 2018 01:47 AM

අනේ සිරිමලෝ ඔච්චර මොකද ජහ පාලනයට කඩේ යන්නේ.වැරදි පෙන්නේ නැත්ද?ඇලෝසියස් කීයක් දුන්නද? ලැජ්ජාවේ තරම මාධ්‍ය ගැනත් කියනවා.රටත් ශාසනයත් ගැන හිතුවොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 838 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 963 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site