IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාරගතව සිටින්නන් අතර උපාධිධාරීන් 114 ක්

( ජයන්ත සමරකෝන්) 
 
බන්ධනාගාරගතව සිටින සිරුකරුවන් 24,000  දෙනා  අතර උපාධිධාරීන් 114 ක් සිටින  බව බන්ධනාගාර ආංචි මාර්ග කියයි.
 
මත්ද්‍රව්‍ය මුදල් වංචා, ව්‍යාජ ලියකියවිලි  සකස් කිරීම් , කුට්ටනය ඇතුළු විවිධ චෝදනා යටතේ මෙම පිරිස සිරදඬුවම් විදින බව පැවසේ.
 
 මෙම උපාධිධාරීන් අතර එක් කාන්තාවක් ද සිටී.  කිසි දිනෙක  පාසල් නොගිය සිරකරුවන් 1376 දනෙක්ද, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් සිරකරුවන් 3066 ක් ද, උසස්පෙළ සමත් සිරකරුවන් 1174 ක්ද සිර දඬුවම් විදින පිරිස අතර  සිටින බවද වාර්තා වේ.
 1-5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරූ 3,193 ක්ද, 5 වැනි ශ්‍රේණිය සමත් 6,450 ක්ද, 8 වැනි ශ්‍රේණිය සමත් 3,797 ක් ද  බන්ධනාගාරවල සිර දඬුවම් විදින බව හෙළි වී තිබේ. 



අදහස් (6)

බන්ධනාගාරගතව සිටින්නන් අතර උපාධිධාරීන් 114 ක්

sharm warn Friday, 14 June 2019 09:15 AM

මේ 114 දෙනා ඇත්තටම වැරදි කරුවන් නම්.. ඔවුන් කර ඇති ප්‍රධානම වංචාව නම්.. පොදු ජනතාවගේ බදු මුදලින් තමන්ගේ අධ්‍යාපනය ලබාගෙන එයින් රටේ ආර්ථිකයට දායකත්වයක් නොදීමයි...

:       1       19

ravi Friday, 14 June 2019 11:07 AM

මට තේරුණා ඔයා සිංහල කියවන්න සහ තේරුම්ගන්න අපහසුතාවයකින් පෙළෙනබව .. එ්ත් මම තවසැරයක්.. සිංහලෙන් ලියන්නම්.. මත්ද්‍රව්‍ය, මුදල්වංචා, ව්‍යාජ ලියකියවිලි.. සහ අනෙකුත් සමාජ දූෂණ වලට වැරදිකරුවන් වූ උපාධිධාරීන්... තේරුණාද?.. තෙරියමා?

:       73       3

YAKASaturday, 15 June 2019 04:49 AM

රවී, ඔහු සඳහන් කර ඇති දෙය ඊට වඩා ගැඹුරු දෙයක්... ඔබටයි එය තේරුම් ගිහින් නැත්තේ...

:       0       0

mendis Friday, 14 June 2019 10:52 AM

බැංකු කැඩූ උදවිය, කොමිස් හරහා මහජන මුදල් මංකොල්ල කෑ උදවිය වැනි අය කොපමණ ප්‍රමාණයක් අද බන්ධනාගාර තුළ සිටිනවාද? මා සිතන්නේ ඔතන සිටින බහුතරයක් කිසිවක් කර කියා ගත නොහැකි දුප්පතුන් වන අතර, පොහොසත් කෙනෙක් බන්ධනාගාරගත වන්නේ කලාතුරකින් කියායි.

:       0       24

Hafeel Friday, 14 June 2019 03:41 PM

ඔය අතරින් දේශපාලකයෝ කී දෙනෙක්ද ඉන්නේ?

:       0       3

jnahitha Friday, 14 June 2019 04:15 PM

මෙයට හේතුව බොහෝවිට පාප මිත්‍ර සේවනය විය හැකියි.

:       28       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site