ලොව විශාලතම බෞද්ධ විහාරයක් වන තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයට හා එරට ගිහි පැවිදි බෞද්ධයින්ට එරෙහිව සිදුවන හිරිහැර වළැක්වීමට කටයුතු කරන ලෙස එරට රජයෙන් ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත හිමි ඇතුළු එහි සාමාජිකයෝ පිරිසක් කොළඹ විජේරාම මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් සංදේශයක් භාර දුන්හ.
තායිලන්තයේ හමුදාව හා පොලීසිය මෙම විහාරස්ථානය වට කර එහි සිටින බෞද්ධයන් පලවා හැරීමටත්, එහි විහාරාධිපති ධම්මජය හිමියන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර තිබෙන බව කී ඕමල්පේ සෝභිත හිමියෝ එවැනි ක්‍රියා ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිසේත්ම අනුමත නොකරන බව එම සංදේශය භාර දීමෙන් අනතුරුව පැවසූහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.