IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බීඑම්ඩබ්ලිව් 1675 ක් ගෙන්වීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඉකුත් රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී  ව්‍යාජ වාහන බලපත‍්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්  පවත්වන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ අද (27) රිට් පෙත්සමක් ගොනු කළේය.

එකී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරන ලද රේගු පරීක්ෂණ සටහන් සහ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙකු වන මුරුගේසු තයාබරන් මහතා මෙම පෙත්සම කර තිබේ.

රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා ,අතිරේක රේගු අධ්‍යක්ෂක ටී.ඩබ්ලිව්.ඒ සේනානායක ,නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් ද සිල්වා ,ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන හෙයින්ස් ඇඩෝල්ෆ් රොයිටර් යන මහත්වරු සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි.

එම කාලය තුළ රජයේ බලපත‍්‍රලාභීන් සඳහා බී.එම්.ඩබ්ලිව් වාහන ආනයනය කළ බව පෙත්සමේ දැක්වේ.මෙහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එමඟින් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

හතරවැනි වගඋත්තරකරු විසින් සිදු කරන ලද මෙය රුපියල් බිලියන 16 කට වැඩි පාඩුවක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව මේ දක්වා රජයට සිදුවූ ලොකුම පාඩුව වශයෙන් මෙය සැලකිය හැකි බවද පෙත්සම්කරු කියා කියයි.

එම මෝටර් රථ 1675 මෙරටට ගෙන්වීමේදී ව්‍යාජ වටිනාකම් පෙන්වමින් ආනයන බදු සහනයන් ලබා ගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.
 
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලන පෙත්සම්කරු  හතරවැනි වගඋත්තරකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා තිබේ.

එසේම මේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ නිලධාරියෙකු පත් කර අධිකරණය නියම කරන කාලයකදී කඩිනම් පරීක්ෂණ කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු‍ ඉල්ලයි.
 



අදහස් (4)

බීඑම්ඩබ්ලිව් 1675 ක් ගෙන්වීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

බර්ලින් කොල්ලා Tuesday, 27 June 2017 01:12 PM

පවතින රජය ජර්මනිය එක්ක පැටලෙන්න යන්නේ නෑ. හයින්ස් ඇඩෝල්ෆ් රොයිටර් කියන්නේ මේ රජයටත්, ජර්මන් රජයටත් හොඳ සම්භන්ධකම් තියෙන පුද්ගලයෙක්. පරීක්ෂණය යට යනවා. පෙත්සම්කරු පිචන් වෙනවා.

:       109       33

daham Wednesday, 28 June 2017 02:09 AM

මේ ආණ්ඩුව ආවට පස්සේ රේගුවේ වෙච්ච අපචාර පිලිබඳ අවධානය වෙන අතකට හරවන්න ඉත්තෙක් දාල කරන මගඩියක් මේක. මේ ආණ්ඩුවේ මංකොල්ල මේවගෙන් වහන්න නම් බැහැ.

:       53       19

ShanWednesday, 28 June 2017 06:20 AM

හැම ප්‍රශ්නෙටම අර ආණ්ඩු, මේ ආණ්ඩු කියන්න එපා. වැරැද්දක් නම් දඬුවම් දෙන්න බලන්න ඕනේ....

:       0       0

ආරියපාල බෙන්තොට Wednesday, 28 June 2017 05:59 AM

ඔය මොන පැමිණිලි කළත් පරික්ෂණ පවත්වනවා බොරු. මොකද වැටත් නියරත් දෙකම ගොයම් කපන රටක්නේ... මේක ලොකෙන් උතුම් රට නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site