(ජුඩ් සමන්ත)
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද (19 ) නියම කළේය.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිණි.
එම නඩුවට ඇප ලබා සිටි මොවුන් දෙනොට සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබු අතර 2017 දී අගෝස්තු මාසයේ සිට සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම මොවුන්ට එරෙහිව නැග තිබු චෝදනා වේ.


COMMENTS
දේශපාලකයිනේ, නීතිය වලපල්ලට... බලන්න මේ දෙන්නා අට පාස්ද කියලා...
රට හදන්න නම් නීතියට ගරුනොකරන නීති කඩන කිසිම දේශපාලකයෙක් නැවත පත්කරගන්න එපා..
ටිකක් ඉන්න. අපේ ආණ්ඩුව ආවහම ඔයාලා නිදහස්. එතකොට නීතිය අපේ...
චම්පික ගොයියෝ.. කතා කරන්න එපා! ඔය `අපේ ආණ්ඩු‘ තමයි බලේට ආවට පස්සේ `ඒ අයගේ ආණ්ඩු` බවට පත් වුනේ!
අපේ අප්පොච්චා හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ මල්ලි...
දේශපාලකයෙකුගේ හොඳම සුදුසුකම සපුරා ඇත. දිගටම මහජනතාව නියෝජනය කරනු ඇත. ජනතාවගේ විදියට පාලකයන් පත්වනු ඇත.
සනත් නිශාන්ත පොහොට්ටුවේ... අපෝ!!! ඒකවත් දන්නේ නැද්ද? කට්ටිය නම් අන්තිමයි. අප්පච්චි හිටියා නං අර පිටරට සුද්දෙකු ඇවිල්ලා හිටියනේ... අපේ රටේ එතකොට මේ අයට වදදීලා ඝාතනය කළානේ.. ඒකටත් ඉතින් අපේ අප්පොච්චා ඇප දුන්නානේ ඔහොම කරපු එක මේක මොකක්ද නේද? අනේ... කට්ටියට මතක ඇතිනේ...
දිවුලපිටියේ පස් මාෆියා එකට මේවා හොයන්න බැරි ඇයි?
ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ දැකීමට අකමැති චරිතයකි. නායකයන්ට දර දිය අදිමින් පැවැත්ම ගෙනයන මෙවැනි භක්තිවන්තයන් ජනතාව ප්‍රතික්ෂේප කිරීම රටේ යහපතට හේතුවන්නකි.
පාර්ලිමේන්තුවේ ඉන්න බොහොම උගත්, දක්ෂ කථිකයෙක් මෙයා සහභාගි වෙන රුපවාහිනී සාකච්චා සුපිරි ..