IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පිළියන්දලදී වෙඩි වැදුණු සිසුවිය මරුට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල  මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය. මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් බවට සැකකරන පිරිසක් එල්ල කළ එම වෙඩි ප්‍රහාරයේ දී සිය පියාගේ ව්‍යාපාරික ස්ථානයේ දී මෙම සිසුවිය ඇගේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරිය තුවාල ලැබුවාය. වැඩිමහල් සහෝදරයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (22)

පිළියන්දලදී වෙඩි වැදුණු සිසුවිය මරුට

Lankawe Kolla Friday, 19 May 2017 04:17 AM

ජන 8 වෙනස, හොඳට තේරුණේය

:       486       264

leelananda Friday, 19 May 2017 04:40 AM

රත්තරන් දුවේ උපදෙන කිසිම ආත්මයක මෙවන් ඉරණමකට ඔබ ගොදුරු නොවේවා අපි ඔබට පින් දෙන්නම් යලි හොඳ භවයක ඉපදේවා ඒ උනත් රත්තරන් දුවේ අපි නුඹට නිවන් සුව පතනවා.

:       1       124

karunarathna gammpola Friday, 19 May 2017 04:51 AM

සසර ගමන කෙටි වේවා! රුදුරු සමාජයක නොඉපිද සුගතිගාමී භාවයකට ලංවී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන අජරාමර නිවනට සැපත් වේවා!!

:       1       171

samanjayantha Friday, 19 May 2017 05:03 AM

හරිම දුකයි. ඔබට නිවන් සුව දුව

:       0       46

yaha Friday, 19 May 2017 05:14 AM

ආණ්ඩුව ගැන හරිම ලැජ්ජයි. සයිටම් අල්ලාගෙන තප්පුලනවා විශ්වවිද්‍යාල ළමයින්ට දොස්තරලට බැන බැන. කුඩුකාරයෝ රටින් තුරන් කරන්නේ නැතුව.

:       219       159

maali Friday, 19 May 2017 06:13 AM

සංසාරයේ කිසිම දිනෙක මේ වගේ ජරා රටක නොඉපදී සසර අවසානයේ අජරාමර නිවන් සුව අත්වේවා දුවේ නුඹට

:       3       50

Saumya Friday, 19 May 2017 06:43 AM

නිවන් සුව අත්වේවා දුවේ....!!!

:       0       15

vipula Friday, 19 May 2017 11:21 AM

මේ ලමයව මවුන්ට් එලිසබත් රෝහලට රජයේ වියදමින් යවන්නනේ තිබුනනේ. දවස් කීයක්ද? හෙට මට, ඔබට මේ දේ වෙන්න පුළුවන්. කළුතර සිද්ධියෙන් වට පිටාවේ කට්ටිය බේරුනා. පාරවල් වල මෙවැනි දෑ සිදු වෙනවා කියන්නේ රටේ ආරක්ෂාව බින්දුවට බැහැල කියන එක. මෙය ඒ ලමයාගේ කරුමේ කියල අපේ පාලකයෝ අත පිහදගනී. පාතාලය පාලනය කරගන්න බැරිනම් පුළුවන් කෙනෙක් එයට පත්කරන්න.

:       0       18

ruchira Friday, 19 May 2017 12:17 PM

පිය තුරුලට දිවආ අහිංසක දියණිය මරු තුරුලට යැවු කුඩු ජාවාරම්කාර පාතාලය රටින් තුරන් කිරීමට පාලකයන්ගේ දැඩි අවධානය යොමු වේවා. දියණියනි ඔබට නිවන් සුව !

:       0       1

chinthaka Friday, 19 May 2017 06:54 AM

ආදරණීය දුවේ, හිතට වාවන්නේ නැ. රටට බරක් වෙන කාලකන්නි කුඩුකාරයෝ , දේශපාලුවෝ යහතින් ඉන්නවා. එත් රටේ අනාගතේ බාරගන්න මේ වගේ අහිංසක මල් කැකුළු නිකරුනේ පර වෙලා යනවා. දුවේ, ඔබට උපදින කිසිම ආත්ම භාවයක මෙවන් කුරිරු විපතක් අත් නොවී අවසානයේ නිර්වාන සුවය අත් වේවා.

:       0       43

leslyjayawardana Friday, 19 May 2017 07:23 AM

මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතු කාලය පැමිණ ඇත

:       0       8

ප්‍රේමතිලක පෙරමුන Friday, 19 May 2017 09:11 AM

අනේ අපොයි අහිංසක දරුවා මොන වරදක් කලාටද මේ දඩුවම. මටත් මේ වයසෙම දුවෙක් ඉන්නවා. ඒ නිසා ඒ තාත්තගෙ දුක මොනතරම් ද කියලා මටත් දැනෙනවා. අපේ රටේ එදා හෝ අද සිටිය සහ සිටින පාලකයින්ට මේ කුඩු බිස්නස් කරන අය අල්ලන්න හැබෑ වුවමනාවක් නෑ. ඒකයි ඇත්ත. දුවේ නුඹට නිවන් සුව

:       0       10

කොබා Friday, 19 May 2017 09:31 AM

අධික ලෙස දේශපාලනීකරණය වීම තමයි මේ හැම වසංගතයකටම මුල. දේශපාලකයන් අරයට මෙයාට ඇඟිලි දික් කරමින් බෝලය පාස් කරනවා විනා වරද පිලිඅරගෙන විසඳුම් දෙන්නේ නැහැ, මේ දේශපාලකයන්ගේ අර්ධ වහල්ලු වෙලා ඉන්න අයත් නායකයන් අනුව යමින් මරා ගන්නවා, අන්තිමේ කුණු වෙලා ගඳ ගහන නරා වලක අපේ දරුවන්ට ජීවත් වෙන්න වෙලා තියෙනවා, දැන්වත් කවුරු වුනත් වැරැද්ද කරා නම් බේද නැතිව ඒවා විවේචන කරන්න ඕනෑ. මේවාට නිසි පිළිතුරු දෙන්නැයි රජයට බල කරන්න ඕනෑ. අපි රජයක් නඩත්තු කරන්නේ පාලකයන්ට සැප විඳින්න සළස්වන්න නොවෙයි. සමාධි පතිරණ දුවණියට අජරාමර නිවන් සැප අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

:       0       17

ජයන්ත Friday, 19 May 2017 10:13 AM

කුඩුකාරයන් තුරන් කිරීම කොයි රජයකින්වත් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක් නොවේ. හිරිමල් වයසැති දරුවගෙ පටන් තාරුණ්‍යය විනාශ කරන්න උදවු කරන්නේ මේ මහජන සේවය සදහා පත්වන හදවත් නැති උත්තමයෝ. තමන්ගේ තාවකාලික සුඛෝපභෝගි ජීවිතය ගැන විතරයි හිතන්නේ රටේ අනාගතය ගැන අබමල් රේණුවක තරම්වත් කැක්කුමක් නෑ

:       0       4

Sam Friday, 19 May 2017 11:20 AM

බොහොම කණගාටුයි. ඇයි මේ කාලකන්නි වැඩ වෙනුවෙන් අහිංසක ළමයි බිල්ලට යන්නේ? යහපත් සමාජය මෙම පාතාලයට එරෙහිව හඬක් නගන්න. ඔවුන් පෝෂණය කරන කිසිම දේශපාලුවෙක්ට ඡන්දය දෙන්න එපා. යහපාලනය පසකලා සමාජ විරෝධීන් පාලනය කරන්න. සංවර්ධිත රටවල ඇති යහපාලනය තවම අපට ගෝචර නැත. එතෙක් සින්ගපුරුවේ වගේ සොඳුරු අඥාදායකයෙක් අවශ්‍යයි.

:       0       5

ඩී. ජයදේව Friday, 19 May 2017 12:00 PM

සසර වසන තුරු, නිවන් දකින තුරු, පව් කෙත හෙළ බෙලෙක් දෙරණේ යළි උපදින්නට හේතු අවාසනා නොවේවා!

:       0       10

karunathilaka giribawa Friday, 19 May 2017 02:09 PM

අද මේවනවිට රටේ අස්සක්මුල්ලක් නෑර, කුඩුකාරයෝ. ඒවාට හරිගිය අත යට ගනුදෙනුකාරයෝ. මේ කුඩුකාරයන්ට නියම කළ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමාට බලකළ යුතුයි, හැබැයි ඒ වෙලාවට මානව හිමිකම් කාරයෝයි, කලුකෝට්කාරයෝයි ඒකට විරුද්දව පෙළගැහෙන හැටි බලන්න. මේ මගේ අදහසට කීදෙනෙක් එකඟද කියල බලන්න පුළුවන්. අනාගත දරුපරපුර {බාල, තරුණ} ගැන හිතන අයගේ අදහස් බලමු. "සමාධි" දියණියනි. ඔයාට අජර අමර නිවන්සුවය ප්‍රාර්ථනා කරමි.

:       0       87

Krishan Friday, 19 May 2017 04:07 PM

දුවෙි කිසිම ආත්මයක මෙවැනි නපුරු මිනිසුන් ⁣වෙසෙන රටක නොඉපදේ‍වා. දුවේ ඔබට නිවන් සුව ලැබේවා ...

:       0       1

chandra weerasinghe Saturday, 20 May 2017 01:16 AM

රටේ නායකත්වය නියම පිරිමින් අතට පත් විය යුතු බව පේනවා...

:       1       1

nimallalitha Saturday, 20 May 2017 03:01 AM

මේ අපරාධකරුවන් රැක ගන්න යමෙකු උත්සාහ කරනවා නම් ඒ අයටත් සිදුවන්නේ මෙයමයි.

:       0       0

udeni Saturday, 20 May 2017 09:06 AM

දුවේ ඔබ ගැන හරිම දුකයි...

:       0       0

Clarence de Silva Sunday, 21 May 2017 08:52 PM

වැරදිකරුවන් සිටින්නේ අප අතරය.... ආණ්ඩුවෙන්ම බලා නොඉඳ අප එවැන්නවුන් අල්ලා දිය යුතුය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28604 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18202 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11083 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site