( නිමල් ජයරත්න)
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළහ.
එහිදි දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය , නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි.
ඩඩලි සිරිසේන මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාගේ වී මෝල්ද පරික්ෂාවට ලක් කෙරුණ අතර කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද මෙම වැටලිමට එක්ව සිටියහ.
එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරු සාකච්ඡුාවකින් පසු එකගත්වය පලකල බවද පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසිය.
මෙම පරික්ෂාවේදි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල් වල රැස් කර තිබේන වී සහ සහල් කොතරම් තිබේද යන්න පරික්ෂාවට ලක්කල බව ශාන්ත දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කලේය.
ඉදිරියේදි දිවයින පුරා ඇති වි සහ සහල් මෝල් වැටලිමට ලක්කර වෙළද පොලට නිකුත් නොකර අනවශ්‍ය ලෙස රැස්කර තිබෙන වී මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිමට කටයුතු කරන බවද ඔහු පැවසිය.
ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා වෙලද පොළේ සහල් හිගයක් මවාපැමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට පාරිභෝගික පිලිබද අධිකාරිය කල හැකි උපරිම කාර්ය සිදු කරන බවද ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කලේය.
තවද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙලද පොළට නිකුත් කරන ලෙසටද තමා අදාල වී මෝල් හිමිකරුවන්ට උපදෙස් දුන් බවත් ඊට ඔවුන් එකගත්වය පලකෙරු බවද දිසානායක මහතා කීය.



COMMENTS
කියලා වැඩක් නෑ.නියම වැඩේ. මේ රටේ තියෙන සහල් මාෆියාව නැතිකළ යුතුයි.
මම දන්න ඉතිහාසයේ පළවෙනි වතාවට දැක්කේ මේ මහාපරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා පරීක්ෂා කරනවා. මේ ප්‍රවණතාව ඉදිරියට ගෙන යන ගමන් තොග හංගන් ඉන්න අයට එරෙහිව දැඩිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න...
මහා පරිමාණ මෝල් හිමියන් කවදත් කලේ සහල් සඟවා තබාගෙන කෘතිම ලෙස මිල ඉහළ දමා තම ලාභය ඉහළ දැමීමට කටයුතු කිරීමයි. මේක කවුරුත් දන්නා රහසක්...
රජය විසින් රජයේ සිවිල් සේවයේ නිලධාරීන් වෙනුවට හමුදාවේ විශ්‍රාම නිලධාරීන් රජයේ ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා පත්කොට රටේ පරිපාලනය මේ වනවිට ඉතාම සූක්ෂමව මිලිටරිකරණය කොට ඇත. රජයේ දේශපාලන සහ පරිපාලන ක්‍රියාවලිය හොඳින් හෝ නරකින් කිරීමට රජය ක්‍රියාකරමින් සිටියි.
අපි දැක්කා පරීක්ෂා කරනවා, අර පුසෝ අල්ලන්න ගිය මී පැටව් වගේ... එක හාල් කිලෝවක් අත්අඩංගුවට ගත්තද?
මොනවා වුනත් මේ ශ්‍රී ලාංකිකයෝ, සිංහලයෝ. මේ ව්‍යාපාර විනාශ වෙන විදියේ දෙයක් නම් කරන්න එපා. බණ්ඩාරනායක උන්නැහේ කළෙත් මැතිනිය කළෙත් සිංහල ධනපතීන් විනාශ කර විජාතිකයින්ට රටේ ආර්ථිකය පාවාදීම. ප්‍රගතිශීලී කියන බාගෙට වාමාංශික පඹයින් බොහෝ දෙනෙක් දඟලන්නේ ඒ අයගේ චන්ද ටික තියාගන්න මේ වගේ ස්ථානවල සේවකයින් උසි ගන්නලා පාරට ඇද දමා ව්‍යාපාර වට්ටන්න.
රටේ වී මෝල් පාලනය විය යුතු වන්නේ රජයේ නීති වලට අනුව මිස එක් එක් අයගේ අත්තනෝමතික විදියට නොවේ. වී තොග සගවාගන සිටින වී මෝල් හමුදාවේ පාලනයට යටත්කර ඒවා කඩිනමින් බෙදාහරින්න ඕන. සහල් අපේ ජාතික ආහාරයයි, එබැවින් කිසිම ජගතෙකුට එකී පාලනය පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා යොදා ගැනීම තහනම් කළ යුතුයි.
අන්න වැඩ....
සහල් වෙළදාමේ ඒකාධිකාරය මරදගහමුලින් පොළොන්නරුව උදුරා ගත්තේය. ඊටපසු පොලොන්නරුව සහල් මාෆියාවක් ගොඩ නැගුවේය. අදටත් එම මාෆියාව සක්‍රියව පවතියි. එම මාෆියාව ඇති කිරීම සඳහා පොළොන්නරුවේ දේශපාලකයෝ එළිපිටම ක්‍රියා කළහ. හිටපු ජනාධිපති වරුද ඒ සඳහා වග කිව යුතුය. වර්තමානයේ මාෆියාව පාලනය කිරීමට ප්‍රධාන දේශපාලන අධිකාරියට අවශ්‍යතාව තිබුනත් ඇතැම් දේශපාලකයෝ ඊට හරස් කපති. රු; 55/- ට වී කි මිලදීගෙන 90/- ට දෙන්න බැරියයි මාෆියාකරුවෝ බලය පෙන්වති. හරුප කතා වැදගත් නිලධාරිවරු ඉදිරියේ කියති. රජය රු 50/- මිල නියම කරන විට රු 55/- කට ගන්න මාෆියාව කටයුතු කළේ මන්ද? මාපියාව මතක තබාගත යුතුයි, මේ රටේ බත් කන බොහෝ දෙනෙක් ගොවියෝ නොවන බව....ඔවුන්ට මිලදී ගතහැකිවන සාධාරණ මිලක් වෙළඳ පොලේ තිබිය යුතුය. එමනිසා කොරෝනා වසංගතයෙන් පසුවත් සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදිය යුතුය . අද රාජ්‍ය බලය පවත්නා පාලකයටවත් මෙම මාෆියාව පාලනය කරන්නට බැරි වුවහොත් පොළොන්නරුවේ දාමරිකයෝ, හොරු, වංචනිකයෝ දිගටම රජවරු වෙයි.
කතාකරන්නේ හරියට මේ රටේ පාලකයා කියලා හිතාගෙන. හැමදාම දේශපාලුවන් අල්ලාගෙන මිනිස්සුන්ගේ ඉහ මොළ කන්න පුළුවන් කියලා මිනිහා හිතාගෙන ඉන්නේ. මේ වගේ අයට දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕන. අනෙක් මෝල් හිමිකරුවන් බොහොම සාධාරණ විදියට කතා කරන්නේ....
සහල් පාලන මිල ඉවත් කෙරේ ! මේ මොනාද එහෙනම්? සෝබන, අපිට පෙන්නන මැජික්....
මේවා ඔක්කොම රජය අපිව රවටන්න සහල් මාෆියා කාරයින් සමග එකතුවෙලා කරන බොරු නාඩගම්, මාධ්‍ය සංදර්ශන, දැනට සති 3-4 කට ඉස්සරවෙලා ජනපතිතුමා කළ මාධ්‍ය සාකච්ඡාවකදී උසස් හමුදා නිලධාරියකු පැවසුවා.. රජය හමුදාවේ සහයෙන් ගොවීන්ගෙන් මිලදී ගත් විශාල වී තොග තිබෙන බව, තත්වය එසේ නම් රජයට පුළුවන් වහාම එම වී තොග සහල්කර වෙළඳපලට නිකුත් කරන්න සහ පිටරටින් සහල් ඇණවුම් කරන්න.. එවිට රටේ සහල් මිල බහිනවා. ඉන්පසු අස්වනු නෙලන කාලයට සහල් පිටරටින් ගෙන්වීම නතරකර ගොවියන්ගෙන් වී මිලට ගෙන නැවත වී අලෙවි මණ්ඩලේ හිස්වුණු ගබඩා පුරවා ගන්න. එතකොට මේ සහල් මෝල් හිමියන්ට සහල් සාමාන්‍ය මිලට වෙළඳපලට නිකුත් කිරීම හැර වෙන විකල්පයක් නැහැ. නමුත් හැමදාම වෙන්නේ දේශපාලකයින් සහ නිලධාරීන් සහල් මෆියාකරුවන් සමග එකතුවෙලා මණ්ඩලේ වී තොග මනුෂ්‍ය ආහාරයට නොසුදුසු බව කියලා සත්ව ආහාරවලට විකුණලා දමන එක... සහල් මිල ඉහල ගොස් රටේ පුරවැසියන් වන අපි හාමතේ ඉන්නකොට පොළොන්නරුවේ හබරලිය සහල් මුදලාලි (අන්වර්ථ නාමයකි..) රට වටේ කාමර 500-600 ඇති තරු 5 හේ හෝටල් කිහිපයක් එකවර ඉදිකරනවා..
මගේ අදහස නම් අපට අවශ්‍ය ප්‍රමාණයේ වී මෝල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා රජය මගින් ස්ථාපිත කර එමගින් රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කළහොත් ඔය සහල් මාෆියාවට නොබියව මුහුණදිය හැකිය. මේ වගේ ව්‍යාපෘති තමයි රටට අවශ්‍ය වන්නේ. නැතිව අලුත් ක්‍රීඩාංගන නොවේ.. මෙයින් ගොවියාටත් සාධාරණයක් වෙනවා. ඒ වගේම පාරිභෝගික අපටත් සාධාරණයක් වෙනවා.
මල්ලි මහා පරිමාණයෙන් අපේ බත්පත සූරාකමින් උපයාගත් මුදල් වලින් රට වටේ කාමර 500-600 තරු 5 සංචාරක හෝටල් හදන අතරේ , අපේ බදු මුදල්වලින් නඩත්තු වන කොළඹ 7 මන්දිරයකට වෙලා තව දුරටත් බොරු බේගල් දෙසා බාමින් සිටිනවා. අනේ අපිත් මේ බොරුකාරයින්ට රැවටුණානේ..
ඇයි රජයේ සේවකයෙක් රාජකාරිය කරනකොට මාධ්‍ය එක්කගෙන යන්නේ...? ඇත්තටම හාල් හොයනවද, නැත්නම් සමාජ මතය වෙනතකට හරවන්න රජයේ සේවකයා යොදා ගන්නවද? මට නම් හිතෙන්නේ මෝල් කාරයෙක් ලවා හාල් මිල සාධාරණයි කියලා වියදම් පෙන්නලා මිල වැඩි කරන්න හදනවා කියලයි.
චාකු මහත්මයාගේ කතාව සම්පුර්ණ ඇත්ත, මේවා ඔක්කොම බොරු රංගන, අපට ඔය බොරු විකාර කතා අවශ්‍ය නැහැ. රජය විසින් පසුගිය කාලයේ හමුදාවේද සහයෙන් මිලදී ගත්ත බව කියන සහල් වහාම වෙළදපලට දමලා සහල් මිල බස්සවන්න.. ඒවා තියාගෙන ඉන්නේ සත්ව අාහාර වලට විකුණන්නද? මොන ආණ්ඩුව ආවත් පොළොන්නරුවේ හබරලිය මුදලාලි ප්‍රමුඛ සහල් මාෆියාව එකටම යනවා... පොළොන්නරුවේ හබරලිය මුදලාලි ප්‍රමුඛ සහල් මාෆියාව ආරක්ෂා කරන්න ගියොත් අපි ලබන ඡන්දෙදි ආණ්ඩුව ගෙදර අරිනවා. ලෝක වෙළඳපලේ අඩුවෙලා තිබෙන තෙල් මිලේ වාසියෙන් 10%ක් වත් අපට දෙන්න බැරි..., ලංකාවේ වගාකරන වී වලින් ගන්න සහල් ටිකවත් අපට සාධාරණ මිලකට දෙන්න බැරි සහල් මාෆියාව සමග ඩීල් දමන ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්ද?