මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ජිවිත ආරක්ෂක ප්‍රතිජිවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, පුරස්ථී ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සඳහා භාවිතා කරන ඖෂධ, වේදනා නාශක, ස්නායු ගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල මෙලෙස අඩු කර තිබේ.
COMMENTS
රාජිත ඇමතිතුමාට පින් සිදුවේවා!
ප්‍රශංසා කළයුතු ක්‍රියාවක්. මෙවන් දෙයකදී ස්තුති කිරීමට පක්ෂ පාට භේදයක් අවශ්‍ය නැහැ. ඒත් සමහර අන්තවාදී අදහස් ඇත්තන් එසේ සාධාරණව සිතන්නේ නැහැ. මැදිහත් නොවන කුහක සිතින් ලොව දිහා බලන කෙනෙකු එක්දිනක් මගෙන් ඇසුවේ කුලියට ලිව්වාද කියායි. අපේ රටේ හැටි එහෙම තමයි. තමන්ගේ පැත්තේ නම් කොයි දේ කළත් හරි. අනිත් පැත්තේ නම් හොඳක් කලත් වැරදියි. ඒත් මෙහි ලියන බොහෝ දෙනා සාධාරණව අපක්ෂපාතීව හොඳ නරක පෙන්වා දෙනවා. රටක සිටිය යුත්තේ එවන් උගතුනුයි. ඒ සැමට අපගේ ප්‍රණාමය...!!!