(හර්ෂණ තුෂාර සිල්වා)

 
පාහියන්ගල කන්ද නායයෑම සම්බන්ධයෙන් කඩිනමින් තමන් වෙත වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ. 
 
පාහියන්ගල කන්ද නාය ගොස් නාගහදොළ ගංගාව අවහිරවීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා නාගහදොළ ප්‍රදේශවාසින්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බව වාර්තා විය. 
 
බුලත්සිංහ, පාහියන්ගල, යටගම්පිටිය සහ නාගහදොළ යන ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා අද (5) මෙම උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.