(ඩයනා උදයංගනී)
පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙසේ කිරීමෙන් පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සෙසු රියදුරන්ට පහසුවෙන් හඳුනාගත හැකි නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
ලෝකයේ සෑම රටකම පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා මාර්ගවල ප්‍රමුඛස්ථානය හිමිවන බව කී මහින්ද අමරවීර මහතා මෙරට එවැනි තත්ත්වයක් නොවීම නිසා දරුවන් ප්‍රවාහනය කරන රථ අසලින් ඇතැම් බර වාහන ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම හදිසි අනතුරුවලට පවා ලක් වන බව අමාත්‍යවරයා කීවේය.
එබැවින් පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන හඳුනාගැනීම පහසුවන පරිදි එම කහ වර්ණ ගැන්වීමටත්, ඉදිරියේ දී පාසල් සිසුන් ප්‍රවාහනයට ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇතැයි ඇමතිවරයා පැවසීය.
එමගින් මාර්ග තුළ විනය පවත්වාගෙන යාමට ද හැකිවනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
COMMENTS
හොඳ වැඩක්. ඒ වගේම මේ වගේ කහපාට බස් රථ නැවැත්තුවාම බස් රථයේ ඉදිරිපසින් දිග ලීයක් (bar) වගේ එකක් පාර පැත්තට වැටෙනවා. ඒ වගේම ඉදිරිපසින් සහ පිටුපසින් රතු ලයිට් ෆ්ලෑෂ් වෙනවා. එතකොට ඊට පිටිපස්සෙන් එන වාහනත්, ඉදිරියෙන් අනිත් පැත්තෙන් එන වාහනත් නවත්තගෙන ඉන්න ඕනේ. අනිත් පැත්තට යන්න අවශ්‍ය දරුවන් පාර පැනලා යනකම් කහපාට බස් රථයත් නවත්තාගෙන ඉන්නවා. අනිත් වාහනත් ෆ්ලෑෂ් ලයිට් එක නිවෙනකම් නවත්තගෙන ඉන්න ඕනේ මීටර් 5ක් දුරින්. ඕවර්ටේක් කරන්න තහනම්... ලොකු දඩයක් ගහනවා. මේ නීති අපේ මාර්ග නීතිවලට එකතු කරන්න ඕනේ...
අමරවීරට අමු කැවිලා.., විදුලි බිල නිසි පරිදි හදන්න උපදෙස් දීගන්න බැරිව.., පාසල් වාහන පාට කරන්න යනවා. විකාර නොකියා ඉන්න පුළුවන්ද ඡන්දෙ පහුවෙනකම්වත්...
ඉතාමත්ම අගය කළ යුතු වැඩපිළිවෙළක්... මන්දයත්, පාසල් වේලාවේදී මාර්ගවල ඇතිවන තදබදය නිසා පාසල් ළමුන් සහිත වාහන නොයෙකුත් අපහසුතාවලට පාත්‍ර වෙනවා. මේ වැඩ පිළිවෙල නිසා කහපාට වාහන අනිකුත් රියදුරන්ට ආ පොලිසියට හඳුනාගැනීමට පුළුවන් වේවි...!!! එය සිසු දරුවන්ගේ ආරක්ෂාවටද උපකාරී වෙන දෙයක්..
වැඩේ හොඳයි.. සේවාවේ ගුණාත්මක භාවය ගැනත් මීට වඩා සැලකිලිමත් වෙන්න.
එතකොට වාහනේ පොතත් වෙනස් කරන්න ඕන නේද.?
සමහරු දුවන්නේ එයාලගේ පෞද්ගලික වාහන. ඒවා විවාහ උත්සවවලටත් යනවා මළගෙවල් වලටත් හයර් දුවනවා. එතකොට ඒ අයට කරන අසාධාරනයක් නේද?
හොඳට පේන්න වටේටම ස්ටිකර් එකක් ඇලව්වනම් හරි නේද. ඇයි අනවශ්‍ය වැඩ කරන්නේ. අනිත් එක වාහනය පාසල් සේවයෙන් අයින් කරපු දවසට ආපහු පාට වෙනස් කරන්න වෙනස් කරන්න වෙනවා. නැත්නම් පාසල් සේවය යන සහ නොයන කහ පාට වැන් අඳුනා ගන්න බැරි වෙනවා.
රජයේ සියලුම වාහනත් එකම පැහයකින් වර්ණ ගැන්වුවොත් ඉතාම වටිනවා. වාහන අවභාවිතාව, අනවශ්‍ය ගමන් බොහෝ දුරට අඩුවිය හැක.
ජිවිතෙ ගැටගහන ඇයොන්ට තව වියදම්??
මේවට තමයි විහිළු සපයනවා කියන්නේ. ආණ්ඩුව පත්වෙලා කරපු දෙයක් නැහැ. මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න බැහැ. කන්න නැහැ.
කහ ඉරි, සුදු ඉරි කරා වගේ තමයි මේකත්..පත්වෙලා කරපු දෙයක් නැත. දැන් මේවා තමයි රටට අත්‍යාවශ්‍ය දේවල්.