(ජයන්ත සමරකෝන්)
ගාල්ල පාසලක් අසල දී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර සෙබලා පිළිබඳව ලැබෙන තොරතුරු අනුව ඔහු වරදක් කර ඇති බවක් පෙනෙන්නට නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අද (7) පැවසීය.
එහෙත් මෙම සිද්ධිය පිළිබඳව විවිධ තොරතුරු මෙන්ම කටකතා පැතිරෙමින් පවතින බවද යුද හමුදා පොලිසිය ඒ පිළිබඳව තවදුරටත් විධිමත් පරික්ෂණයක් සිදුකරගෙන යන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දැනට මේ පිළිබඳව පොලිසිය හා යුද හමුදාව වෙත වෙනම පරීක්ෂණයක් සිදුකරන අතර සැකකාර සෙබළා හදිසි නීතිය යටතේ බුස්ස 581 බල සේනාධිපති බාරයේ රඳවා ඇතැයි ද ඒ මහතා කීය.
එරෙහත් ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහු පොලිසියට හෝ අධිකරණයට බාරදීමට සුදානම් බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අපි මුලින්ම දැනගෙන හිටියා.. ! එ්ත් සිද්ද වියයුතු දේ නම්.. අපේ රටේ මනුස්සයින්ව රූපවාහිනියෙන් සහ පුවත්පත් මගින් ක්‍රියාත්මක වෙන " හදිසි නීතිය" ගැන විස්තර සැපයීමයි. ආරක්ෂක නිලධාරීන්ට, පොලිසියට.. තර්ජන කිරීම සහ ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම " මාරාන්තික සෙල්ලමක් වියහැකි බවද පැහැදිලිව දැන්විය යුතුයි.
රණවිරුවන් පාසල අසළ රැකවල් ලා සිටින්නේ පාසලේ ආරක්ෂාවටයි. ඒ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැම දෙනෙක්ම උපකාරී විය යුතුයි. රණවිරුවන්ට අවනත විය යුතුයි. බෝම්බ බැඳන් පාසලට බලෙන් ඇතුල් වන්නට දඟළනවා... ලෙස හැසිරුණොත් මේ ලියන මට වුවද රණවිරුවන්ගෙන් වෙඩි කන්නට සිදුවේ. ඒ ඔවුන්ගේ උතුම් රාජකාරියයි.
රාජකාරි මට්ටමින් සේනාලා අත කිසිම වරදක් නැහැ. දෙමාපියන් විදියට එයත් වැරදි නැහැ. නමුත් පාසලේ අද තියන ආරක්ෂාව මත ඔහු අතිනුත් වරද සිදු වෙලා.. එ්ත් මොනවා කරන්නද දෙපැත්තම බේරගන්න වෙනවා.
බොහොම කණගාටුවෙන් කියන්නේ නමුත් ඇත්ත එකයි.
හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් තියෙයිද ?
සියල්ල අවසානයේ මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. අවසානයේ වැරදිකරුවා වන්නේ අපරාධයට ගොදුරු පුද්ගලයායි! කිසිවෙකුත් මේ ගැන තර්ක නොකරයි!
පාසැල් ආරක්ෂක කලාප කරලා තියෙන එක අමතක කරන්න එපා... එහෙම කරලා තියෙන්නේ ඇයි කියන එකත් අමතක කරන්න එපා. මේ අගතියට පත් පුද්ගලයා මේ පාසලට දෙවතාවක් පැමිණ තිබෙනවා. ඔහුට පළමු වතාවේ පාසලට යන්න නොලැබුණා නම් ඇයි දෙවන වතාවේ පාසලට එන්න කලින් විදුහල්පතිට කතා නොකළේ... ඔහුට පාසලෙන් කතා කළා නම් ඔහුට ඇතිවී තිබෙන ගැටලුව පාසලට දැනුම්දී හමුදා නිලධාරියට ඒ බව පාසල තුළින් දැනුවත් කරන්න තිබුණා උදේ 9 යළිත් උදේ 11 පාසලට පැමිණ මොහුගේ හමුදා උෂ්ණය පෙන්වීමට යාමෙන් මෙය සිදුවී ඇති බව පැහැදිලියි. ඔහු හොඳටම දන්නවා.. රටේ නීතිය අනෙක මේ රැකගන්නේ තමන්ගේ දරුවෝ බව ඒ සියල්ල දැනගෙන මොහු මේදේ කළේ ඔහුගේ බලය පෙන්වා හමුදාවේ නිලධාරියා අපහසුතාවට පත් කරන්න. එ්ක කවුරුත් හොඳින් අවබෝධ කරගත යුතුයි.. අපේ රටේ ඇතැම් මාධ්‍ය උදවිය තමන්ගේ ලොකුකම් පෙන්වන්න බොරු දේවල් මවාපානවා. ඕනෙම කෙනෙක් රටේ නීතියටයටයි. අවේලාවේ පාසලට ඇතුල්වෙන්න බැරිබව කවුරුත් දන්නවා. එ්ක දැනගෙන බලෙන් යන්න ගිය එක තමයි වරද... රටේ පවතින තත්වය අනුව එහෙම කළොත් ඔහුව හෝ අැයව වෙඩිතබා හෝ නතර කිරීමේ බලය රාජකාරියේ ඉන්න හමුදා නිලධාරියාට තියෙනවා. එසේ නොකර ළමුන් සිය ගණනකගේ ජීවිත අවදානමක් දමන්න දෙන්න බැහැ..
ඒක ඇත්ත. ඒ මිනිසුන් දාලා තියෙන්නේ බලෙන් ඇතුළු නොවෙන්නයි. තාත්තා ඉවසන්න ඕනෑ... හැම දරුවන් වෙනුවෙන්ම... ඔවුන් මුරකලේ අනුන්ගේ දරුවන්...
ඔහුත් හිටපු නාවික සෙබළෙක් රාජකාරියේ වගකීම ගැන සාමාන්‍ය කෙනෙකුට අවබෝධයක් තියෙන්න ඕනේ...
සෙබලාගේ රාජකාරිය ඉටුකිරීම...
පාසලේ වෙඩි තැබීමේ සිද්ධියට සෙබළාගේ වරදක් නැති බව තීරණය කල යුත්තේ අධිකරණය විසින්.
එහෙනම් අපි මේක බාර දෙමු ස්වභාවධර්මයට.
ඇත්තටම මෙතන තියෙන්නේ විනය පිලිබද ප්‍රශ්නයක්. සියලු දෙනාටම නීතිය පොදුයි. මම අහවලාය, අහවලාගෙ අහවලාය කියලා බොහෝ තැනවලදී අපෙ මිනිස්සු විශේෂ වරප්‍රසාද ගන්න හදනවා. යම් ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක අවස්තාවක රටේ ජනාධිපති උනත් ඒකට යටත් විය යුතුයි. එහෙම තමයි දියුණු සමාජයක ලක්ෂණය. ඒකට තමයි විනයගරුක බව කියන්නේ. එක එක්කෙනාට එක එක නීති හදන්නන බෑ. අපේ රටේ මිනිස්සු මේක තේරුම් නොගත්තොත් කවදාවත් දියුණුවක් නෑ. අන්තිමේ තමනුත් අමාරුවේ වැටිලා නීතිය ක්‍රියාත්මක කරන අයත් අමාරුවේ වැටෙනවා.
ඔච්චර අසනීප නම් ලමයව පාසලට එව්වේ මොකටද? හමුදා සෙබලා කොහොමද දන්නේ ඔහු කියන්නේ ඇත්තද කියලා.
මේ දෙය නිතිය පැත්තෙන් බලනකොට සාධාරනයි වුනත් මිනිස්කම් අතින් අපි සත්තුන්ටත් අන්තයි කියලා තමයි හැගෙන්නේ.
latha, පාසලේදී ළමයි ලෙඩ වෙන්නේ නැත්ද?