IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


'පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත යුතුයි'


 
විනීතා එම් ගමගේ

 
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සළකා දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට වහාම පවරා ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 


හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සහ ජනාධිපතිවරයා ඝාතන තැතක්  පිළිබඳව මේ වනවිට හෙළිදරව් වී ඇතත් අග‍්‍රමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය එය බරපතල කාරණයක් සේ නොසැලකීමත් ආරක්ෂක අංශ පිළිබඳව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කරන චෝදනාත් සැළකිල්ලට ගත්විට වහා පොලිසිය තමන් අතට ගැනීම අත්‍යවශ්‍ය යැයි ද දිසානායක මහතා පැවසීය. 


ආරක්ෂක අමාත්‍යංශය තිබිය යුත්තේ දිස්ත‍්‍රික්කයකින් පත්කර එවන නියෝජිතයෙක් අතේ නොව රටේම ඡන්දයෙන් පත්වූ අයෙක් අතේ බව ද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය. 


නීතිය හා සාමය අමාත්‍යංශය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත පවරා ඇත්තේ නාමිකව පමණක් බවත් එය අරලිය ගහ මන්දිරයේ සිට මෙහෙයවනු  ලබන්නේ සාගල අමාත්‍යවරයා සමඟ අගමැතිවරයා විසින් යැයි ද දිසානායක මහතා සඳහන් කළේය. 


මේ අතර වඩාත් ඉක්මන් කාර්යයක් ලෙස දැනට ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරින් ඉවත් කර වෙනත් ආරක්ෂක අංශවලින් නිලධාරින් බඳවා ගන්නා ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටි බවත් මේ වනවිට යුද හමුදා හා නාවික හමුදා නිලධාරින් ඒ සඳහා යොදවමින් සිටින බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය. 


එස් බී දිසානායක මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
 



අදහස් (4)

'පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත යුතුයි'

sirimal Thursday, 20 September 2018 11:32 AM

ඔබතුමා කියනකල් තමා මේ ආණ්ඩුව බලාගෙන හිටියේ.

:       0       0

සතයපාල Thursday, 20 September 2018 01:41 PM

පොලිස් නිලධාරියෙක් ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමණ්ත්‍රණය කලා යයී චෝදනා කල පමණින් කළබල වෙලා ජනාධිපතිවරයාගේ අරක්ෂාව පොලිසියෙන් ඉවත් කිරිමවත් පොලිසිය ජනාධිපතිවරයා යටතට පත් කිරිමෙන් ප්‍රශ්ණය විසදෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ත්‍රිවිධ හමුදාවලින් එකකට ඔය චෝදනාව ආවා නම් මොකද කරන්නේ. මුලින්ම කලයුතු වන්නේ මෙම චෝදනා සත්‍යද සත්‍ය නම් එයට සම්බන්ධ අනිත් පුද්ගලයන් හදුනා ගෙන කුමණ්ත්‍රනකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිමයි. සමහර විට මෙහි ඇත්ත කුමණ්ත්‍රනය ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයෙන් පොලිසිය ඉවත් කිරිම විය හැකිය.

:       0       46

Saththaya Thursday, 20 September 2018 01:56 PM

හැමදාම බොරුවට හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. කරගෙන යන වැඩ කඩාකප්පල් කරලා බලය අල්ලා ගැනීම තමයි අරමුණ. ඔයගොල්ලෝ කියන ඒවා තමයි කරන්න ඕන. මෙහෙම තමා පරාජිත කට්ටිය හිතන්නේ .

:       0       412

ලුම්බිණි Friday, 21 September 2018 03:32 AM

පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් කටයුතු කරන තැනක්........ මෙය මොකටද ආරක්ෂක අමාත්‍යංශය යටතට ගන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30950 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13082 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site