(අංජුල මහික වීරරත්න )
අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි.එම ගිවිසුමට අනුව නීතිය හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට අයත් වෙයි.
සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කලද එම පත් කිරීම කෙරෙන්නේ ජනපතිගේ ජපාන සංචාරයෙන් පසුව බව දැනගන්නට ඇත. ලබන 12 වැනි දා ජපානයට යන ජනපති නැවත ශ්‍රී ලංකාවට එන්නේ 15වැනිදාය.
පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයටය.
COMMENTS
හොඳයි එතුමාට දෙන්න ඒක
හොඳ තීරණයක් ජය වේවා.!
යුද්ධය වෙනත් හමුදාපති කෙනෙකුට නොදී තමන්ම ඉවරකරන බව කී ඔබතුමා එය අවසන් කොට පෙන්නුවා. සියලු හොරුන්වද අල්ලා ඔවුන්ගෙන්ද රට බේරා ගන්න. ජපන් සංචාරය වගේද මේ වැඩේ. මෙය ප්‍රමාද කිරීමෙන් යම් දෙයක් පැහැදිලි වෙනවා නේද?
ඇත්ත වශයෙන්ම මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්... සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනයට හරියන්නේ නැහැ. හරි තැනට රට ගෙනියන්න නම් ඒ වගේ පුද්ගලයෙක් අවශ්‍යයි.
නියම තීරණයක්
එතුමාගෙන් වඩා හොඳ සේවයක් ගත හැකියි. යහපාලනයේ හොඳ තීරණයක්.
බලමු , දැන්වත් (යහපාලනය ගේන්න අපිට පොරොන්දු වූ ) රාජපක්ෂ රෙජිමය කාලේ කරපු නීති විරෝධී කටයුතු කරපු අයට තියෙන නඩු ඉක්මනින් අසා දඬුවම් කරාවිඳ කියලා.
යුද්ධය ඉවර කල ලෙසම, අපේ රට මානුෂිය ලෙස නීතිගරුක රටක් බවට පරිවර්තනය කර ගැනීමට ඔබට සියලු ශක්තිය ධෙර්යය ලැබේවා!
මේ පත්වීම ජනාධිපතිවරයා නොකලොහොත් ඒක ඔහුට පාරාවළල්ලක් බවට පත්වෙන අතර නැවත කවරදාකවත් හොරු ඇල්ලුවේ නැහැ කියලා එ.ජා.ප. චෝදනා කරන්න බැහැ.
සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් දේශපාලකයකු ලෙස වැඩ කරවා ගැනීමට නම් මෙම තනතුර ඔහුට ඉතාමත් ගැලපේ. මේ පුවත කියවන හොරුන්ට මිනීමරුවන්ට බයේ මළපහ පිටවනවා නොඅනුමානය.
ඉස්සෙලාම අල්ලන්න මහා බැංකු හොරු...
ඔය හැමෝම ප්‍රතිචාර දාන්නේ මේක හරියටම කියවලද? පේන්නැද්ද කියල තියෙනවා "මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි". ඉතින් මොකක්ද මේ කියන අවබෝධ තාවය.
මේ රටේ අපරාධ වැඩිවෙමින් පවතිනවා තැන තැන දරුවෝ මරනවා කවදාවත් අහල නැති අපරාධ සිදුවෙනවා මේ තීරණය හොදයි එතුමා ක්‍රියාවෙන් පෙන්නොවොත් ආදර්ශයක් රටට යහපතක් වෙනවා නම් එක අපි කාගේත් බලාපොරොත්තුව
පොදු අපේක්ක්ෂකයා ජනතාව වෙනුවෙන් එලියට බැස්සේ රටම හුරා කාපු හොරු අල්ලන්න. නමුත් යම් කිසි බලපැමකට යටත් වෙලා ඒක විහුලුවක් වුනා . එකයි මේ රටේ වුනු පසු බැසීම . තවත් කල් තියෙනව මහජනතාව මුලාවේ නොදා යුතුකම් ඉස්ට කරන්න . රට ගැන හිතමු .
නියමයි ! ඕක මුලින්ම (2015 දී ) කලානම් යු එන පි එකට හෝ ශ්‍රී ල නි ප ට මේ මැතිවරණ ප්‍රතිපල අත්වෙන්නේ නැහැ. කමක් නැහැ දැන් හරි පත් කරලා යහපාලන පොරොන්දු ඉටු කරමු. නැත්නම් ඉතින් 2020 කොම උනත් ඊලග පළාත් සභා ඡන්දෙදිත් දෙගොල්ලන්ටම ඔයිට වඩා කන්න වෙනවා.
නියම සුදුස්සාට මෙය දීම ඉතාමත් කාලෝචිත පියවරක්.
"අවබෝධතා ගිවිසුම අනුව නීතිය හා සාමය ඇමතිධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි හෙයින්" ඒ සඳහා සරත් ෆොන්සේකාගේ නම එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවී තිබීම ගැන මේ රටේ නීතිගරුක, යුක්ති ගරුක පුරවැසියන් සතුටු වෙනවා මෙන්ම හදවතින්ම ඒ යෝජනාව අනුමත කරන අතර, සමහර තක්කඩින් ගේ ඉහමොළ, දැනටමත් රත්වී, මොලේද, කොලොප්පන්වී, තිබෙන බව, "පාලිත" මහතා පල කල තිබෙන අදහසින්ම පැහැදිලියි.
මේ තීරණය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. එ්ත් ජනපතිට එතරම් හිතේ හයියක් තියෙනවද? කියන එක ප්‍රශ්නයක්... මට මතකයි බණ්ඩාරනායක අගමැතිතුමා අකුරටම ප්‍රජාතන්තවාදය ක්‍රියාත්මක කරන්න දඟලපු දැඟලිල්ල. එ්ක හරියට රිළවුන්ට දැලි පිහිය දුන්නා වගේ වුණා. අන්තිමටම පිලිප් උන්නැහේ සහ හාමුදුරුවරු කීපදෙනෙක් එතුමාට දස වද දුන්නා. හිතේ හැටියට කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න ඉඩක් දුන්නේම නැහැ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙමයි. දැනුත් වෙන්නේ එ්කම නේද?
මෙතන ප්‍රතිචාර දක්වන උදවියට අමතක වෙලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙතුමාට චෝදනා තිබෙන බවත් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, මෙතුමාගේ නම සඳහන් කල ප්‍රකාශය හැන්සාඩ් ගත වෙලා තියෙන බවත්.. බෑණාගේ සමාගමෙන් ආයුධ ගෙන්වීම තවත් චෝදනාවක්..
කරුණාපාල මහත්තයෝ, මම කිව්වෙත් ඔය අවබෝධතා ගිවිසුම කියන්නේ තවත් හොරු බේරන සැලසුමක්.. දෙන්න ඕනෑනම් දුන්නම ඉවරයිනේ... මොකටද ගිවිසුම්.. ඒ නිසා ටිකක් හොයලා බලලා කතා කරන්න.
ගැලවීමේ හමුදාවටත් සුදුසු නැහැයි කියපු කෙනා.. දැන් සමහරුන්ට වීරයෙක් වෙලා..
බයවෙන්න දෙයක් නැහැ. බෝම්බයක් දාලා හරි ඇතුළට දාලා දේවි...!!!
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙතුමාට පමණක් නොව 2020 දී ජනාධිපතිවරණයට ඉල්ලන්න හදන ගොඨාභය මහතාටද තිබෙන චෝදනාවක්! එතුමාට එතරම් බරපතල චෝදනා තිබියදී රටේ ඉහළම තනතුරට ඉල්ලන්න පුලුවන් නම් මෙතුමාට මෙම තනතුර ගන්න බැරි ඇයි?
ඔය පාලකයො දෙන්නා ඉතින් ඔය අන්තිම අවුරුදු 2 යහතින් පාලනය කරන්නකෝ... කොහොමත් ආයිත් නම් ඡන්දයක් ආවොත් ඉතින් සොරි තමයි. අල්ලපු හොරුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. ඔය ටයි කෝට් දාගෙන ඒසී කාමර වල හිටියට වැඩක් නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ හද ගැස්ම අඳුරන්නේ නැත්නම්, වෙලා තිබුණොත් ඔන්ලයින් ගිහිල්ලා කමෙන්ට්ස් හරි කියවලා බලන්න. එතකොට තේරෙයි මිනිසුන්ගේ හද ගැස්ම... දැන්වත් දුන් පොරොන්දු ඉටු කරන්න.. නැත්නම් අතට දුන්නු දෙයක් කටට දාගන්න බැරිවේවි. අපි අපේ රටට ආදරෙයි.. අනාගතයට සුන්දර ශ්‍රී ලංකාවක් අපේ පරම්පරාවට උරුම කරමු. නැත්නම් අපි වගේ අවාසනාවන්ත රටක් මේ ලෝකේ කොහෙවත් නැතවෙයි. දූෂණය නැති කරන්න හොඳම කෙනා තම හිටපු හමුදාපති. ජය ශ්‍රී ලංකා මාතා !!!
ඉතාමත් හොඳ තීරණයක්...
ෆොන්සේකා මහතා පොලිස් ඇමති කිරීම ඉතා කල්පනාකාරීව සහ හොඳ විමර්ශනයකින් පසුව අනුමත කළයුතු දෙයකි. කලින් සිටි විපක්ෂ නායකතුමා දැන් රටේ අගමැති වේ. එ්ත් එතුමා එකල ෆොන්සේකා මහතා ගැන කළ චෝදනාව පහසුවෙන් ඉවතලිය නොහැක. තවද තවමත් ඇමෙරිකාවට හෝ යුරෝපයට යාමට ෆොන්සේකා මහතාට ඇතැම් කාරණා මුල් කරගෙන වීසා ලබා නොදේ. ඉතින් පොලිස් ඇමති කෙනෙක්ව පත්කළ යුත්තේ ගැලරියට විසිල් ගැසීමට නොවේ.
අපිට නම් පේන්නෙ හෙට විශ්වාස භංගෙ ගැන තරු පෙනිලා වගේ..
බලමු මෙයාටවත් ආණ්ඩුව ගොඩගන්න පුළුවන්ද කියලා.
මේ සැරෙත් මෛත්‍රි, ෆොන්සේකාව පත් නොකළොත් රනිල්ට තියෙන්නේ එයාව උප ඇමති කරලා වගකීම එයාට බාර දෙනඑකනේ. එතකොට දෙන්නම ගොඩ....
ඉතාමත් කාලෝචිත තීරයනක්. ජනාධිපති මේක අනුමත කරන්න මාස කීයක් ගනීද දන්නේ නෑ? මහින්ද ගෙන් අහන්න ඕනෙද දන්නෙත් නෑනේ.
වඳුරට කඩුව දුන්න වගේ තමා. ජනවරමක් නැත.......පින් ඇමතිලා තියෙන ඡන්ද ටිකත් නැතිවෙන තැනක්.............
ගරු ජනාධිපති තුමනි ඔබතුමා වේදිකාවල කිව්වා අපි දැක්කා අගමැති තුමාගෙන් වුදවූ ඉල්ලුවා නිතිය ක්‍රියාත්මක කරන්න .. ඔන්න අවස්ථාව සරත් පොන්සේකා මහතා නම්කර ඇත . ජපන් යන්න කලින් පත්කරන්න ...
වැරදි වැඩ කරන්න ඇති. නැත්නම් මොකටද බය වෙන්නේ..?
නිතිය හා සාමය ඇමති කමට එකම සුදුස්සා සරත් පොන්සේකා මහතා බව අද රටම පිළිගෙන හමාරයි වසර 30 ක යුද්ධය නිනාකල මේ රණවිරුවා ...අප පින්බිමේ පිතෘ බුමියේ සාමය මාස 6 කින් ඇතිකරන බව රටවැසියන් දැඩිව විස්වාස කරනවා ....ගරු ජනාධිපති තුමනි ..ගරු අගමැති තිමානි මේ සුවර්ණමර අවස්තාව මග නොහරින්න . දැන් මේ රටේ මිනිස්සු නිතිය අතට අරගෙන සමහර දේශ පාලුවෝ ජනතාව පොලොබවනවා නීතිවිරෝදී කලහා කාරකම් ගිනිතැබීම් විරෝධතා දේපල හානි මිනි මැරුම් වැනි ප්‍රචන්ඩ ක්‍රියා වලට ..මේ බයානකත්වය වැඩිවෙන්න ඉඩ දෙනවද ? පාලනය කරනවද ? විසදුම සරත් පොන්සේකා මහතා බව කරුණාවෙන් සලකන්න ...
මේ දේශපාලන හොරෙක් තමා.