(ඉන්දිකා රාමනායක)
වහාම කි‍්‍රයාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ස්ථාන මාරුවීම් ලැබු සහකාර පොලිස් අධිකාරිවරුන් ගේ නම් මෙසේය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සිට එම්. ඒ. ඒ. එස් ජයතිලක මහතා තංගල්ල කොට්ඨාසයට ද, තංගල්ල කොට්ඨාසයේ සිටි ඒ ආර් පී ජේ ද අල්විස් මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට ද, මඩකලපුව කොට්ඨාසයේ සිටි පී. ටී. සිසිර මහතා ගාල්ල කොට්ඨාසයට ද, ගාල්ල කොට්ඨාසයේ සිටි එස් ආර් එච් ගමගේ මහතා මඩකලපුව කොට්ඨාසයට ද, පොලොන්නරුව කොට්ඨාසයේ සිටි පී ජේ ආර් සී ඒ ගම්ලත් මහතා මාතර කොට්ඨාසය වෙත මෙලෙස ස්ථාන මාරුවීම් ලබා ඇත.
පොලිස්පතිවරයා නිර්දේශ අනුව සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසම විසින් අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS