( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
2008 වසරේ මඩකලපුවේදී නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ තරුණයින් දෙදෙනෙකු පොලිස් බාරයේ සිටියදී වද හිංසා පමුණුවා මරණයට පත් කර ඔවුන්ගේ මළ සිරුරු මුහුදට විසිකළ බව කියන සිද්ධියක් මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් එම තරුණයින් දෙදෙනාගේ දෙමව්පියන්ට ගෙවන ලෙස රජයට නියෝග කළේය.
තවද සෙල්වරාජ් ගුණසීලන් සහ කේ.කුගදාස් නමැති එම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ එවකට මඩකලපුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ටී.ශාන්ත වික‍්‍රමසිංහ ද මෙම සිද්ධියට වගකිව යුතු බැවින් ඔහු විසින් රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් පෞද්ගලිකවම ඔවුන් දෙදෙනාගේ මව්පියන්ට ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
සිය දරුවන් දෙදෙනා මඩකලපුව පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් බවත් ,ඉන් අනතුරුව ඔවුන්ගේ සිරුර මඩකලපුව ආශ‍්‍රිත මුහුදෙන් සොයා ගත් බව පවසමින් ,එලෙස කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම තරුණයින්ගේ මව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේදී මියගිය තරුණයන් වෙනුවෙන් වන්දි ගෙවන්න රජයට නියෝග