තරිඳු ජයවර්ධන
මහනුවර පල්ලේකැලේදී පිළිස්සුණු නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය මිනී මැරුමක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
එම නිවසට සහ ඒ අසල කඩයට ගිනි තැබූ පිරිස් ගැන වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. විමර්ශන සඳහා සීසීටීවී දර්ශන සහ වීඩියෝ දර්ශන උපයෝගී කර ගන්නා බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය හය වැනි දා උදෑසන මහනුවර පල්ලේකැලේ කෙන්ගල්ල නිවසක තිබී මෙම තරුණයාගේ (26) මළ සිරුර හමු විය. පස් වැනිදා ඇතිවූ කලබල කාරී වාතාවරණයේ දී එම තරුණයා සිටි නිවසට ගිනි තබා ඇති අතර ඔහුගේ සහෝදරයා සහ දෙමාපියන් දිවි බේරාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ආබාධිත තත්ත්වයේ පසුවූ බව කියන මෙම තරුණයා දුම ආඝ්‍රාණය වීමට නිසා මියගොස් ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවත්, දුම ආග්‍රානය වීමට හේතුව ඔහු සිටි නිවසට ගිනි තැබීම බවත්, එම නිසා මෙය මිනීමරුමක් සේ සලකා සැකකරුවන්ට එරෙහිව මිනීමරුම් චෝදනා යටතේ ඉදිරි කටයුතු සිදු කරන බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට තේරෙන්නේ නැති හැටියක් . මුස්ලිම් අය ලංකාවට ආවේ වෙළෙන්දෝ හැටියට. අතීතයේ සිටම මුස්ලිම් අය කලේ වෙළදාම? එක තමයි මුස්ලිම් අයගේ ප්‍රධාන රැකියා ක්‍රමය. කාලාන්තරයක් එකමදේ කරනකොට ඔවුන්ගෙන් පැවෙත එන ප්‍රජාවත් වෙළදාමට අනුගත වීම වලක්වන්න බෑ. එක කොහොමද රට ඇල්ලීමක් වෙන්නේ. ?
මම මේ දන්නේ නැති නිසයි අහන්නෙ . ගෙට ගිනි නේද තියල තියෙන්නෙ ? ඒක වැරදි වැඩක් තමයි ඒ උනාට ඒක කරපු අය මරන්න චේතනාවක් තිබුණ කියල කියන්නේ බැහැ නේද ?
ඒ සහෝදරයට සාධාරනය ඉෂ්ට විය යුතුයි. ඒ වගේම අර පුජාපිටියේ මිය ගිය පුද්ගලයාගේ පරීක්ෂණයත් කල යුතුයි. රජයක් සාධාරන විය යුත්තේ එසේයි. එක එක ජාති වලට අනෙක් ජාතියෙන් සමාව ගන්න යනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් නොකර, සැමට සාධාරණය ඉෂ්ට වන බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන සිදු කර පෙන්විය යුතු වේ. එවිට ඔය කියන සංහිදියාව ඉබේම ලගාවනු ඇත.
රටේ තියෙන නීතිය, ජාති, ආගම්, දේශපාලන, ඇති හැකි, නැති බැරි, බල පුළුවන් මේ හැමට පොදුවේ ක්‍රියාත්මක කරන්න. එතකොට නිකන්ම ජාතික සමගි නෙමේ, ඊටත් එහා ගිය දෙයක් උනත් ඉතාම සාමාන්‍ය අයුරින් විසදන්න්න පුළුවන්. මේවා මේ අහස පොලව ගැට ගහන්න වගේ දගලන්න ඕනේ මහා දේවල් නෙමෙයි. මේවට පාර්ලිමේන්තු රැස් වෙලා මහප්‍රාණ දේවල් ඕනේ නැහැ.
චේතනාවක් නොමැති නිසා පානාතිපාතා ශිල්පදය නොකැඩේ එබැවින් පවක් සිදු නොවේ. මිනීමැරුම් චොදනා නැගිය නොහැක නිදහස් කරන්න. මෙයයි බුදුදහම තමන්ගේ වාසියට හරවා ගැනීම. අනේ බුදුනි වැඩ සිටියේ නම් කුමක් කියයිද මේ අළුත් බෞද්ධයන්ට?
පෙත්ත පිටි ගුලියක් වුණාට පෙත්ත ආහාර වලට එකතු කරෙත් ඒ වගේ නේද? අරමුණ වුනේ සිංහල මිනිහට විටමින් දෙන්න නෙමෙයි නේද? ජාතින් දෙකකට නීති 2ක් කියන්නේ අනිවාර්යයෙන් ගැටුමක්...