(නිමල කොඩිතුවක්කු)
පළාත් පාළන ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ උත්සාහයක වත්මන් ආණ්ඩුව නිරත වෙමින් සිටින බව සමස්ථ ලංකා පළාත් පාළන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා කොළඹදී අද(12) පැවසීය.
පලාත් පාළන ආයතන වලට හිමි ප‍්‍රතිපාදන කප්පාදු කිරීමට ප‍්‍රධාන අමාත්‍යවරුන් කටයුතු කරමින් සිටන බවත් එම තීරණ වහා හකුලා නොගතහොත් මහ ඇමතිවරුන්ගේ කාර්යාල වටලා ඔවුන්ව නිවාස අඩස්සියට ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ථ ලංකා පළාත් පාළන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා මෙසේද කීවේය.
‘‘ ජනවාරි 08 වනදා පත්වූ මේ ආණ්ඩුව බළයට පත්වුනේ මහින්ද රාජපක්ෂ පාලනයට චෝදානා කරමින්. මහින්ද රාජපක්ෂ පාළන සමයේදි මේ රටේ සංවර්ධනයක් නැහැ, මේ රට දවසින් දවස චීන කොළනියක් වන බවට ඔවුන් එදා පැවසුවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ මැති ඇමතිවරුන්ට හොරු කියා චෝදනා කලා. එහෙම කියළා මේ අය බළයට පත්වුනේ රටේ වෙනසක් කරන බව පවසමින්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාළයේ රටේ මහජනතාව තුළ, කම්කරුවා තුළ මුදල් සංසරණය වුණා. ඒ යුගයේදි මේ රටේ දැවැන්ත ව්‍යාපෘති, කර්මාන්ත ක‍්‍රියාත්මක වුනා. ජනවාරි 08 වනදාට කලින් මේ රට එකම වැඩබිමක් විදියට තමයි තිබුණේ.
එහෙම තිබිච්ච ආණ්ඩුවක් තමයි විදේශ බළවේග එක්ක එකතු වෙලා මේ අය පරාජය කරන්නේ. රට වෙනස් කරන්න, රට සංවර්ධනය කරන්න පුලූවන් කියලා ආපු යහපාලන ආණ්ඩුව අද කිසි දෙයක් කර කියා ගන්න බැරුව ඉන්නවා. අද දුම්රිය සේවකයන් පාරට බැහැලා තියෙනවා. මේ අය මාසෙකට ඉල්ලන්නේ රුපියල් 350ක වැනි සොච්චම් මුදලක් පමණයි. රට පුරා වර්ජන කරද්දි විෂය භාර අමාත්‍යවරයි නිදි. පාළකයන් නිදි කථා කරන්නේ නැහැ. අද රටේ ප‍්‍රශ්ණ වලට ජනාධිපති, අගමැති මැදිහත් වෙන්නේ නැහැ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ත්‍රස්තවාදීන් රංචුවක් ඔලුව උස්සන්න හදනවා වගෙයි! ශ්‍රීලංකාව පාලනය කරන්නේ, දුම්රිය, බස්රිය, තැපැල්, දොස්තරවරු, සරසවි සිසුන්, පරවුණු මල්නටු වගේ සංවිධාන මිසක් ජනාධිපතිවරයෙක්, අගමැති ඇතුළු රජයක් නොවන බව මේකෙනුත් පේනවා......
අපේ රටේ පළාත් පාලන ආයතන විතරක් නොව පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යන දෙකත් වහාම විසුරුවා හැරිය යුතුයි. මේ ආයතනවල ඉන්න අයට මහජන මුදලින් පඩි ගෙවමින් වරප්‍රසාද දෙමින් ඒ අයගේ බඩ පිරවීම මිස රටේ ජනතාවට කිසිම සේවයක් හෝ සෙතක් වුනේ නැත.. ඒ නිසා ඡන්ද නොතියාම මේවා අහෝසි කළ යුතුය. කසිප්පු කාරයින්, ගංජා කාරයින්, කුඩු වෙළෙන්ඳන් ගෙන හා පාතාලයින්ගෙන් පිරේ.. මේ ආයතන රටට විනයක් මිස කිසිම සෙතක් නැත.
දෙසිය ගාණක හරක් පට්ටියක් පාලන කරන්නෙත් පිටරටවල වහල් සේවයේ යෙදෙන සහෝදර සහෝදරියන් නිසා. ඒ මදිවට තව හරක් පට්ටියකුත්... මේ මිනිස්සුන්ට පිස්සු... රටේ කිසිම දේශීය නිෂ්පාදනයක් කරන්නේ නැතුව පිනට කන්න ලැජ්ජා නැද්ද?
මහරජාගේ කාලයේ ලෝකයට කෝටි ගණන් ණයවෙලා ඒ සල්ලි ගෝලබාලයින්ටත් කොටසක් දීලා රිසි සේ හොරාකාපු යුගය දැන් අවසන් වෙලා. දැන් හොරා කන්න යටිමඩි ගහන්න හා නාස්තිකරන්න සල්ලි නොලැබෙන විට කලබල වෙලා. කෑ ගහන්න පටන් අරන් වගේ ...
පළාත්පාලන ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස මම කටයුතු කරලා තියෙනවා හොර මත්පැන් වාගේ සමාජ විරෝධි ක්‍රියාවන්ට අධිකරණයේ පනවන දඩවලින් වැඩි කොටසක් යන්නේ අදාල පළාත්පාලන ආයතන වලට... මට හිතෙනවා මෙම ආයතන අහෝසිකලොත් මතට තිත තියන්න පුලුවන් වේවි කියලා. කිසිම රජයක් පළාත්පාලන ආයතනවලට ලැබෙන ආදායමක් අහෝසිකරන්න වැඩ කරන්නේ නැහැ.
පළාත් සභා විසුරුවන්න තියන හින්දා නේද රුපියල් 650,000.00 ගානේ මොළ ටික තියන්න පුටු ඇනවුම් කලේ. ලංකාවේ ඔය වගේ අනවශ්‍ය වියදම් දරණ පළාත් සභා තියන කොට සිද්ධ වෙන්න ඕනෙ සේවය මහජනයාට ලැබෙයි කියල හිතනවද? විසුරුවා හැරීමෙන් පුටුවලට යන වියදමින් හරක් පට්ටියක් දැම්මම පාසල් යන දරුවන්ට නොමිලේ පිරිසිඳු කිරි වීදුරුවක් හරි දෙන්න පුළුවන් නේද? හිතලා බලන්න. නිදහස ලැබුණා කියලා වර්ජනය කරන්න ගියාම කෙරෙන සේවය හරියට කරනවද? වෘත්තිය සමිති සම්මේලනයක් පහුගිය දවස් වල කරනලද සමීක්ෂණයකින් නිරීක්ෂණය කරලා තිබුණා. රාජ්‍ය සේවකයින් දවසකට හරියට වැඩ කරන්නේ පැය 2යි කියලා. වර්ජනයේදීත් වැඩ...
මහත්තයෝ, පළාත් සභාවයි ප්‍රාදේශීය සභාවයි දෙකම අතුගාලා දාන්න ඕනේ. ඕවයේ ඉන්න දේශපාලන හැත්ත බුරුත්ත නඩත්තු කරන්න යන මුදල් වලින් ලංකාව වගේ රටවල් දෙකක් දියුණු කරන්න පුළුවනි . නැවත ගම්සභා ක්‍රමය ගේන එක තමයි වඩා හොඳ. වියදමත් අඩු. අපි වගේ පොඩි මිනිහගේ සාක්කුවටත් හොඳයි.