(අංජුල මහීක වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ.
ඉහත එකඟතාවය ඇති කර ගෙන ඇත්තේ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
පාස්කු ප්‍රහාරයට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහකා පැමිණ සාක්කි දෙන තෙක් පාර්ලිමේන්තු කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වි තිබේ.
රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්යෙන් පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වි ඇත.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි සම්පූර්ණ බලය කතානායකට බැදී ඇති බැවින් එහි සාමාජිකයන් සියළු දෙනා ඊයේ (12) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවී තිබේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයන් ජනාධිපති හමුවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹනැති අතර ඒ පියවරට යාම කතානායක හමුවීමෙන් පසු කමිටු සාමාජිකයන් සාකච්ඡා කොට තිරණය කිරීමට නියමිතවේ.
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනකු
පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස
අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභ
දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මාධ්‍යයට දොර වැසෙයි
shan Wednesday, 12 June 2019 11:01 AM
දැන් නම් ඕක මොකාට වැහුවත් අපට කමක් නැහැ. පොලිස්පති හා ආරක්ෂක ලේකම් වෙච්ච දේ පැහැදිලිවම කිව්වනේ.. දැන් එන අය මොනවා කීවත් අපට කමක් නැහැ. ජනතාවට දැනගන්න ඕනේ වුනේ හරියටම වැරදි කාරය කවුද කියන එක. ඒක දැන් රටම දන්නවා බදියුර්දීන් දැන් ආවත් එකයි, නැතත් එකයි.
Chanak los amgelesWednesday, 12 June 2019 03:26 PM
හරියටම හරි...
පුරවැසියාThursday, 13 June 2019 01:57 AM
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. මාධ්‍යයට විවෘත නොකිරීමට මුලික හේතුව රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වනවාට වඩා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සිටින සමහර පුද්ගලයන් මෙවැනි කමිටුවලට සහභාගි කරවා ගන්නේ කුමටද කියා ප්‍රශ්නයක් ඇතිවේ. ඔවුන්ගේ හැසිරීම සහ පුද්ගලයන් ගෙන් තොරතුරු ලබාගන්න ආකාරය සහ ලබාගන්නට මීට වඩා පුළුල් දැනුමැති පුද්ගලයන් සහභාගි කරවීම සුදුසුය. යුදහමුදා මානසිකත්වයෙන් දේශපාලනය වේදිකාවල කටයුතු නොකළ හැකිබව ඔවුන් තේරුම් ගත යුතුය
අප්පුහාමි Wednesday, 12 June 2019 11:06 AM
එ්කත් හබක්...!!! රටට හෙන ගැහැව්වත් කමක් නැත. අපි බේරෙන්න ඕනෑ.. මීට ග්‍රාමයා..
Dayan Wednesday, 12 June 2019 01:26 PM
රටට කරන බොරුවේ තරම. කාරක සභාව අවලංගු කරන්න කියන්නේ ජාතික ආරක්ෂාවට අදාල දේවල් එළිවෙනවටලු. එහෙම දෙයක් එලි උනේ නෑ. එත් ජාතික ආරක්ෂාව අනතුරේ දැම්මේ කවුද කියල නම් එලි වුනා.
JayaWednesday, 12 June 2019 11:06 PM
පාට කන්නාඩිය ගලවලා මේක බැලුවනම් තේරෙනවා ජාතික ආරක්ෂාවට අදාල මොන තරම් දේවල් මේකෙන් එළිවෙනවද කියලා, හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ මේකට වග කිවයුත්තන් හෙලිදරව් නොකළ යුත්තේ කියලා.
Anurudda karunathilaka Wednesday, 12 June 2019 03:24 PM
ඊයේ අසාද් සාලි කතා කරපු දේ ජනතාව දැක්කා. ඇයි හිස්බුල්ලා ඒවට උත්තර දෙනවා ජනතාව දැනගන්න හොඳ නැද්ද? කරුණාකරලා බලවතුන්ගේ කුණු වහගැනීම පිණිස සිදුකරන මෙවන් ක්‍රියා නවත්වා මේ ක්‍රියාදාමයේ ඇත්ත නැත්ත සමාජගත කරන මෙන් ඉල්ලමි.
lal Wednesday, 12 June 2019 04:56 PM
නාඩගම් නවත්වල බලන්න රට දියුණු කරන්න.
nimal Thursday, 13 June 2019 06:57 AM
මේවා පටන් ගන්න කොට තේරෙන් නැද්ද දේවල් එලියට එන බව. අනික ඔතන ඉන්න අයත් විස්වාස නැහැ .