(අංජුල මහීක වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ.
ඉහත එකඟතාවය ඇති කර ගෙන ඇත්තේ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
පාස්කු ප්‍රහාරයට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහකා පැමිණ සාක්කි දෙන තෙක් පාර්ලිමේන්තු කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වි තිබේ.
රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්යෙන් පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වි ඇත.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි සම්පූර්ණ බලය කතානායකට බැදී ඇති බැවින් එහි සාමාජිකයන් සියළු දෙනා ඊයේ (12) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවී තිබේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයන් ජනාධිපති හමුවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹනැති අතර ඒ පියවරට යාම කතානායක හමුවීමෙන් පසු කමිටු සාමාජිකයන් සාකච්ඡා කොට තිරණය කිරීමට නියමිතවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ඕක මොකාට වැහුවත් අපට කමක් නැහැ. පොලිස්පති හා ආරක්ෂක ලේකම් වෙච්ච දේ පැහැදිලිවම කිව්වනේ.. දැන් එන අය මොනවා කීවත් අපට කමක් නැහැ. ජනතාවට දැනගන්න ඕනේ වුනේ හරියටම වැරදි කාරය කවුද කියන එක. ඒක දැන් රටම දන්නවා බදියුර්දීන් දැන් ආවත් එකයි, නැතත් එකයි.
එ්කත් හබක්...!!! රටට හෙන ගැහැව්වත් කමක් නැත. අපි බේරෙන්න ඕනෑ.. මීට ග්‍රාමයා..
රටට කරන බොරුවේ තරම. කාරක සභාව අවලංගු කරන්න කියන්නේ ජාතික ආරක්ෂාවට අදාල දේවල් එළිවෙනවටලු. එහෙම දෙයක් එලි උනේ නෑ. එත් ජාතික ආරක්ෂාව අනතුරේ දැම්මේ කවුද කියල නම් එලි වුනා.
ඊයේ අසාද් සාලි කතා කරපු දේ ජනතාව දැක්කා. ඇයි හිස්බුල්ලා ඒවට උත්තර දෙනවා ජනතාව දැනගන්න හොඳ නැද්ද? කරුණාකරලා බලවතුන්ගේ කුණු වහගැනීම පිණිස සිදුකරන මෙවන් ක්‍රියා නවත්වා මේ ක්‍රියාදාමයේ ඇත්ත නැත්ත සමාජගත කරන මෙන් ඉල්ලමි.
නාඩගම් නවත්වල බලන්න රට දියුණු කරන්න.
මේවා පටන් ගන්න කොට තේරෙන් නැද්ද දේවල් එලියට එන බව. අනික ඔතන ඉන්න අයත් විස්වාස නැහැ .