(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිය ආසන මත තබා ඇති ලැප්ටොප් පරිගණක බොහෝ දෙනකු පරිහරණය නොකරන බව හෙළි වී තිබේ.
පාර්ලිමේන්තුවේ තොරතුරු එම පරිගණක වලට ඇතුළත් කර තිබුණද බොහෝ මන්ත්‍රීවරු ඒවා පරීශිලනය නොකරන බවද පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
රුපියල් කෝටි ගණනක් මෙම ලැප්ටොප් පරිගණක සඳහා වැය කෙරුණු බවද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට පාස් අයට ලැප් පාවිච්චි කරන්න බැරුව ඇති.
ඉංග්‍රීසි, අයි.ටි තියා සිංහලවත් හරියට නොදන්නා වෙනත් උගත්කමකුත් නැති යන්තම් 8 පාස් නූගත් මැති ඇමැති මන්ත්‍රී බහුතරය කොහොමද ලැප්ටොප් පාවිච්චි කරන්නේ...? ඕක කපටිකමින්, වංචාවෙන්, බොරුවෙන්, මැරකමින් කරගන්න පුළුවන් දෙයක් නම් මෙලහට පට්ට ගහල තියෙයි
පරිගණකයක් පාවිච්චි කරන්න දැනුමක් තියෙන කෙනෙකුට එපැයි ඕවා දෙන්න.
ඔතන ඉන්න වැඩි හරියක් අයත් සුුදු අලි..
වැඩිහරියක් ඉන්නේ එස්.එස්.සී වත් පාස් නැති රෝත්තක්නේ... ඒ අයට මොන ලැප්ටොප්ද? රට බීම බෝතලේකුයි නහය ගාවට එනකම් කන්න ඉහළ කෑම ගොඩකුයි තිබුණාම ඇති දවල් වරුවට, රෑට ඉතින් හැමෝම දන්නවානේ මොනවාද ඕනෑ කියලා!
පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි... රජයේ හුඟක් තැන්වලට පරිගණක ගන්නේ කොමිස් ගහන්න මිසක් වැඩකට නෙමෙයි...
අම්බරුවන්ට කොයි රටේද ලැප් ටොප් ලබා දුන්නේ?
ඕවා පාවිච්චි කරන්න ඒ අය දන්නේ නැතුව ඇති...
ඇත්තෙන්ම පුන්නක්කුයි, තනකොලයි වතුල බාල්දියකුයි තිබුනා නම් හොදටම ඇති
ඔය ලැප්ටොප් පාසල්වලට දෙන්න.
ඕවා ආනයනය කරන්න වැයකළ මුදලින් දුප්පත් පාසල් දරුවන්ට පොත්පත්, පාවහන් ආදිය ලබා දුන්නා. ඔවුන්ට ඇස් පාදා දුන්නා කියා රජයට සතුටුවිය හැකිව තිබුණා. දරුවන් නම් අපේ මන්ත්‍රින්ට වඩා නවීන තාක්ෂණය ගැන දැනුමක් තිබෙන බව සහතිකයි. ඒ අතරේම මේවා ආනයනය කරපු අයගේ මල්ල නම් හොඳට පිරෙන්නත් ඇති නේද?
ඕක මොකක්ද මගේ ලැප් එකත් පාවිච්චි කරන්නේ කලාතුරකින් ඩෙස්ක් ටොප් එක තමයි හැම වෙලාවේම ඔන් වෙලා තියෙන්නේ.
බෝක්කු උඩ ඉඳල මලගෙවල් වල නිදිමරල සයිකලෙන් ගිහිල්ල ප්‍රාදේශිය ය සාභාවට රිංගනව. එතන කෑගහල පාත් සභාවට එතැනින් පාරලිමේන්තුවට ඉතින් කොහේ තියෙන ලැප්ටොප්ද?
ලැප්ටොප් නෙමේ දෙන්න තිබ්බෙ...
මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් දුන්නේ චීන රජයේ පරිත්‍යාගයක් විදිහට කියලයි මුලින් කිව්වේ. දැන් කියනවා ආනයනය කරා කියලා. මොකක්ද හරි?
හරක්ට පුන්නකු, තණකොළ මිසක් මස් මාංශ පිරි කෑම දෙන සිරිතක් තියෙන්නේ ලංකාවේ පමණක් වෙන්න ඇති.
ඒවායින් ප්‍රයෝජන ගත්තේ එකම එක්කෙනයි. ඒ මේ ලැප් ටොප් ගෙන්නපු එක්කෙනා.
මේකෙන්ම පෙනෙනවා මන්ත්‍රී කමකට තරඟ කරන්න කෙනෙක් තෝරා ගන්න කොට අඩු වශයෙන් ඊ මේල් එකක් වත් කියවන්න දන්නා කෙනෙක් ගත යුතු බව.
8 සමත් අපිට කව්ද මේවා දෙන්න කිව්වේ? අපිනම් ඉල්ලුවේ නැහැ. ඔහේ තිබුණාවේ ඒවා... පස්සේ පංචිකාවත්තටවත් විකුණන්න පුළුවන්...
අපේ නුගත්කම හා බැඳී සමාජ අපකීර්තිය කෙතරම්දැයි මෙම පුවතින් තේරුම් ගතිමි.