IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිරිමි දරුවකුට අතවර කළැයි අයෙක් සිරගෙට

( දිලීප් ජයසේකර )

වයස අවුරුදු 10ක් වු පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළැයි 39 හැවිරිදි පුද්ගලයකුට බර වැඩ සහිත වසර 14ක සිර දඩුවම් නියම කරන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්ගමාසිංහ මහතා අද (20)  නියෝග කළේය.

2014 වසරේ පෙබරවාරි 01 වැනි දා සැකකරු  ලුණුගම්වෙහෙර වැවේ දිය නෑමට ගිය කුඩා දරුවකුට මෙලෙස ලිංගික අතවර කර තිබේ.

නඩු විභාගයේදී සැකකරුට එරෙහිව ඉදිරිපත් වි තිබු චෝදනා දෙකකට වැරදිකරු බවට පත් වූ අතර පළමු චෝදනාවට වසර 07ක බරවැඩ සහිත සිර දඩුවම් හා දෙවන චෝදනාවට තවත් වසර 07ක බරවැඩ සහිත සිර දඩුවම් නියම කෙරිණි.

මීට අමතරව රුපියල් 5000ක දඩ මුදලක්ද වින්දිත පිරිමි දරුවාට රුපියල් 50 000ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කළේය.

දඩ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත මාස 06 ක සිර දඩුවමක් හා වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 12ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක් ද නියම කෙරිණි.



අදහස් (2)

පිරිමි දරුවකුට අතවර කළැයි අයෙක් සිරගෙට

THESHAN Thursday, 20 July 2017 10:02 AM

ලිහිල් දඬුවම් මොකටද? දෙන්න ඕනනේ උපරිම දඩුවම්..

:       1       0

rohani Friday, 21 July 2017 03:13 AM

ආපහු එලියට ඇවිත් මේදේම තව අහිංසක දරුවෙක්ට කරනවා. මේ වගේ අයව මරන්න ඕන

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site