IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය ලෙස හැඳල ලාදුරු රෝහල නම් කරයි

හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය  බවට  පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
 
කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ ගෙන තිබේ.
 
කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන  ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
 
මේ පිළිබදව අද (04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ කීවේය.

“කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව ඉරානයෙන්, දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් ගුවන් මගින් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක් නිරෝධානයකට ලක් කරනවා.

 එම තීරණය ගැනීමෙන් පසු අප විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිළිබදව සිදු කළ සාකච්ඡාවට අනුව දැනට අපි එක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස  හැදල ලාදුරු රෝහල් පරිශ්‍රය තෝරාගෙන තිබෙනවා.
 
නිරෝධායන කටයුතු සදහා මේ පරිශ්‍රය ඉතා සුදුසු ස්ථානයක්. මීට පෙර වූහාන් වල සිටි සිසුන් ශ්‍රී ලංකාවට ගෙනවිත් දියතලාව ප්‍රදේශයේ දී නිරෝධානයට ලක් කරනු ලැබුවා. නිරෝධානයට ලක් කරන්නේ රෝගී වූ පිරිස් නොවෙයි. රෝගී තත්ත්වයේ නැති පිරිස්.
 
 වෛරසය වැළදී තිබෙනවා නම් ඔවුන් නිරෝධායනට නොවෙයි ලක් කරන්නේ රෝහල් ගත කිරීමයි සිදු කරන්නේ. නිරෝධායනයට ලක් කරන්නේ ඔවුන්ට රෝගී තත්ත්වයක් නැති වුනත් යම් කිසි ආකාරයෙන් කිසිවෙතු තුල කොරෝනා වෛරස විෂබීජය තිබෙනවා නම් ඒ විෂබීජය දින 14 ක් තුළ පවතින නිසා.

ඉන් පසු එම වෛරසය පවතින්නේ නැහැ. ඒ කාලය ගත කිරීමට තමයි මෙසේ එක් ස්ථානයක එම පිරිස් රඳවනු ලබන්නේ. මේ ශ්‍රී ලංකා රජය ගත් තීරණයක්. මෙම හැදල නිරෝධායන මධ්‍යස්ථානය සකසුරුවම් කිරිම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සම්පූර්ණ සම්බන්ධතාවය ලබාගන්නවා. 

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහි රාජකාරි සිදු කරනු ලබනවා. රඳවා සිටින කාලය තුල එම පිරිස් වෙත සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. මෙම වෛරසය මේ ආකාරයට පාලනයට ලක් කරන්නේ නැතිව ඉහත රටවල මේ රෝගය විශාල ලෙස පැතිර යනවිට අප රටක් වශයෙන් නිහඩව සිටියොත්, මෙවැනි ක්‍රියාමාර්ග නොගත්තොත් අපි නොදැනුවත්වම මෙම වෛරසය රට තුලට පැතිරෙන්න පුළුවන්.  පසුව පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. එබැවින් විද්‍යානුකූලව ගත යුතු පියවර තමයි අප ගනු ලබන්නේ.
 
මෙහිදී හැඳල ලාදුරු රෝහල අවට ජනතාවට හෝ කිසිම අයෙකුට කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන ආකාරයට විද්‍යාත්මකව තහවුරු කර වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.
 
මේ තීරණය ගනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරී ඇති බලතල අනුව නීතිප්‍රකාරවයි. මේ සදහා සියලු ආයතනවල, ජනතාවගේ සහයෝගය අනිවාර්යයයෙන්ම සෞඛ්‍ය අංශ වෙත ලැබිය යුතුයි.”



අදහස් (5)

ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය ලෙස හැඳල ලාදුරු රෝහල නම් කරයි

manjula Wednesday, 04 March 2020 11:20 AM

කොරෝනා, ලාදුරු ටිකක් බය හිතෙනවා...

:       68       1

අතුල සවුදි Wednesday, 04 March 2020 11:31 AM

ඔය ආවේ පළවෙනි කමෙන්ට් එක.

:       15       108

පිටිගල මිලානෝ Wednesday, 04 March 2020 11:34 AM

කොරෝනාවලින් බේරෙන්න ලංකාවට ඇවිල්ලා ලාදුරු හදාගෙන තමයි යන්න වෙන්නේ. ලාදුරු, කොරෝනාවලට වඩා මාරාන්තික ලෙඩක්...

:       210       0

de silva Wednesday, 04 March 2020 11:48 AM

එතකොට චීනෙන් එන මිනිසුන්ට තිබෙන්නේ මේ කියන වෛරස් රෝගය නොවේද? එතකොට කොරියාවේ ඉන්න මනුස්සයෙක් චීනෙට ගිහිල්ලා චීන ගුවන්යානයකින් ලංකාවට අාවොත් නිරෝධනය නොකරම ගෙදර යන්න පුළුවන්ද?

:       59       1

Sunil gikiyanage Wednesday, 04 March 2020 12:32 PM

එක තැනක් විතරක් මදිවෙයි. මට පේන විදිහට නම් අපේ රටේ සූදානම මදි... අපිට තව සති දෙකක විතර කාලයක් තියෙන්නේ. තුන්වෙනි සතිය වෙනකොට ලංකාවේ රෝගීන් වඩා වැඩිවේවි... දැනට මේක ලංකාවට ඇවිත් තියෙන්න පුළුවන්... සිංගප්පූරුව විතරයි මේකට දැනට හොඳින් මුහුණදීපු රට. අදවනවිට ඇමෙරිකාවේ නම දෙනෙක් මැරිලා...

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site